💔~~~ මුලාවේ 1~~~💔

641 77 82
                                    

"නෑනෙ කිරී...පොල්ලෙ පැණි...
වල්ල මැදින් පොල්ල වැනී...
ඉඹින්න බෑ..උකුළේ කටු...
ඒත් ඉතිං මල්ලි මගේ..."🎵

........

"උංචිලි චිලි චිල්ල මලේ...
වල්ල මැදින් පො..."🎶

"ඒයි කොකෝ බනිස්...මොනාද අනේ කියන්නේ ඔය..."

මහ මනුස්සයෙක් කියපු කුණුහරුපයක් නෙමෙ මේ...තනියම ඔංචිලි පදින පොඩි එකෙක් පළාතටම ඇහෙන්න ආතල් එකට කියන ඔංචිලි වාරමක් වෙද්දී එතනට ආපු ටිකක් ලොකු පිරිමි ළමයෙක් ඒ දිහා බලන් හිටියෙ හිනාව කාගෙන...ඔංචිලි වාරම ආයි රිපීට් වෙන්න හදන ටිකට පිටිපස්සෙන් හොරාටම ගිහිං ඔන්චිල්ලාවේ ලණුව අත් දෙකෙන්ම අල්ලන් නතර කරලා පොඩි එකාගේ කරට උඩින් එබිලා බලද්දී ලොකු පිරිමි ළමයාව දැකපු පොඩි එකාගේ මූණට ලොකු හිනාවක් ආවත් ඒක හංගන් කතා කරේ හෙන ලොක්කෙක් වගේ...

"ආහ් අයියා කොල්ලෝ...උයා ගමේ ගීන් ඉක්මනින්ම ආවද...ආලුදු ඉවලද..."

"ම්ම්..ඊයේ ඔයා ඇඬුවලුණේ මං නෑ කියලා...ඉතිං අපි ආවා ඉක්මනින්..."

"ආදලෙයිනේ මට ඈ............"

"ම්ම් ආදරෙයි ඉතිං...දැන් මොනාද කිය කිය හිටියෙ ඔය.."

"මාත් ආදලෙයි ඉතින් ඈ.... උංචිලි සිංදුවක් හලෝ...අලුත් ටෙන්ඩ් එකලු..එන්න ජෑම් බනිස් අයියා කොල්ලටත් කියා දෙන්න..."

ඒ පාරනම් හංගා ගත්ත හිනාව පොඩි එකාගේ ඉස්සරහාම දත් දෙක නැති කට පෙන්නන ගමන් එළියට පණිද්දී ,අලි පණ්ඩිතකමෙන්ම සිංදුව කියලා දෙන්නත් එන්න කියද්දි..ලොකු පිරිමි ළමයා ඉස්සරහින් ඇවිත් ලණුව අත් දෙකෙන්ම අල්ලන් වාඩි වෙලා උන්න පොඩි එකාගෙ මූණට එබුණා...

"දැන් කොකෝ බනිස් මල්ලි කොල්ලට කවුද ඕක කියලා දුන්නේ ඈ..."

"කවුරුත් නෑ ඒයි...අපෙ අප්පච්චි කියන්නේ...බාහිල පරිසරේ ගැන අවඩානෙන් ඇස් කන් ඇලන් ඉන්න කීලා හැම වෙලාවෙම.. මම හිටියා ඉතිං..ඒම ඉඳලා තමා ඌක හොයා ගත්තෙ..අර අප්පච්චිගේ පංතියෙ ඇන්ඩ පාලයෝ තමා ඌක කිව්වේ ඊයේ ග්‍රවුන්ඩ් එකේ කැට දාන්න ඇවිත්....."

"අනේ ඇත්තට...අවධානෙන් ඉඳලද හොයා ගත්තෙ..හැබැයි ඉතිං කුමාර මාමාට ඇහුණොත් අවධානමක් තමා.."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now