💔~~~ මුලාවේ 6~~~💔

215 50 29
                                    

ස්ටාෆ් රූම් එකේ කල්බැගෑනියෙන් පස්සෙ හිතත් සන්සුන් කරන්ගන්න ඕනා උණ නිසා පන්සිල් මඟ ඇරපු මං උදේ පිරියඩ් එක පටන් ගන්න බෙල් එක වදිද්දී පංතියට ගියා....

අර ප්‍රස්නෙන් පස්සෙ ඊයෙ ඇවිත් හිටපු නැති දෙතුන්දෙනාත් ඇවිත් ඉද්දී
අද නම් පංතියම පිරිලා තිබුණා...දොර ළඟටම පෙනුණ , කැලෑ මල් එකතු කරලා හදපු මල් පොකුරක් දාපු වාස් එකකුත් එකතුවෙලා පිළිවෙළට තිබුණ ගුරු මේසෙ...කලින් දවසෙ ලියපුවා මකලා දාලා පිළිවෙළට තිබුණ  වයිට් බෝඩ් එක...අලුතින් මල් තියලා පහණත් පත්තු කරලා තිබුණ පුංචි බුදු මැදුර ,තම තමන්ගෙ තැන් වල උන්න ළමයි..පංතිය ඉස්සරහා හිටගෙන කෝලෙකුයි පෑනකුයි අතේ තියන් ආපු නැති ළමයිගේ නම් ලියන ගර්ල්ස් මොනිටර්...

මේ ඔක්කොම මගේ හිතේ පුදුමයක් , සැනසීමක් එක්ක බලාපොරොත්තු ගොඩකුත් ඇති කරද්දි මං හඳුන්කූරු සුවඳ මැද්දෙන් දොරෙන් ඇතුලට ගියා..

"ආයුබෝවන් සර්...!!"

පංතියේ තිබුණ බලාපොරොත්තු නොවුණ සාමකාමීබව ගැන පුදුමවෙන ගමන් මං දොරෙන් ඇතුලට යද්දීම ඩෙස් පුටු එහා මෙහා වෙන සද්දේ අස්සෙන් නැගිටපු ළමයින්ගේ මුවින් පිටවුණ ආයුබෝවන් එක එක්ක,වම් පැත්තෙ පිටිපස්ස පේලියට ඉස්සරහා පේලි දෙකේ අයිනට වෙන්න හිටගෙන උන්නත්, මූණ හපුටු කරන් උන්න අර මදාවි කොල්ලගෙ ගැන්සිය දිහත් ඇස් කොණෙන් බැල්මක් දීගෙන, ඉස්සරහම පේලියෙ අයිනෙ උන්න ජානුකටත් හිනාවක් දීගෙන මං ඩෙස් පේලි දෙක මැද්දෙන් ගිහිං පොත් ටික මේසෙන් තියලා පංතිය දිහා බැලුවා...

"ආයුබෝවන් දරුවනේ...ගුඩ් මෝනින් හැමෝටම..."

"ගුඩ් මෝනින් සර්...වෙරි ගුඩ් මෝනින් සර්..."

දැන් ළමයි ඇත්තටම හරි වෙනස්...විප්ලවකාරි අදහස් තිබුණත්..හිත් හොඳයි...තරහා ගත්තාත් කෑ ගැහුවත් අනික් අතට තමන්ගෙ උන් වෙනුවෙන් හිට ගන්නවා..මේ ළමයි වගේ...එයාලගෙ යාලුවා වෙනුවෙන් එයාලා විරෝදේ පෑවා..එයාලා මාව හරියට දැනගෙන හිටියා නම් ඊයේ වගේ මට සලකන්නෙ නැතිව ඉන්නත් තිබුණා..ඒත් අපි අපිට අලුත්..පටන් ගද්දීම උණ දේවල් එක්ක මට එයාලා ගැන දැනුණා වගේම නොපහන් හැඟීමක් එයාලටත් දැනෙන්න ඇති.. ඒත් දැන් ඒක ඉවරයි...එයාලාම පටන් අරන් දෙන්න ඕනා පණිවිඩේ දිලා එයාලම නතර කරා...මගේ පංතියෙ උන් හරි හොඳයි...මං හිතුවෙ සතුටින්...

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now