~~~ මාස 3කට පෙර~~~
මන්දිණු සර්....💚"අම්මොහ්..."
තුන් වැනි තට්ටුවත් පහු කරන් ආපු මං පඩිපෙළ හැරෙන තැන ලොකු පඩියට පහල එකේ නැවතිලා දණිස් දෙකට අත් තියන් හුස්මක් පහල දැම්මා..හති යකෝ....තට්ටු 3ක්...එකක් දෙකක් නෙමෙ 3ක්....නැගපංකො උදේ හවා...ඉලව්වේ maths ක්ලාස් එක තියෙන්නේ..ඒකෙත් එහා කෙළවරේ...!!
ඇයි යකෝ අපි ඉස්කෝලෙ එන කාලෙ ඉස්කෝලෙටම තිබුණෙ එක තට්ටු බිල්ඩිමයි..ඒකට දැන්...මේක තමාලූ උසම එක..මං ඇවිත් හුන්නස්ගිරියේ...සීතල කඳුකරේ හැඳුන හොඳට කඳු පල්ලම් නගින්න බහින්න පුළුවන් ෆිට් කොල්ලෙක්...ඒ උණත් බං පඩිපෙල්...!!
ඒකත් ඉතිං ගේමක් නැතිව නැග ගන්න බැරිව නෙමෙ...ඒත් උදේ පන්සිලුත් අරන් මුළු පිරියිඩ් එකක් ඉවරවෙනකං මං ඉස්කෝලෙ පුරා ඇවිද්දා පළවැනි දවසෙම...කමකට නැති ගල් ඉබ්බෙක්ට පිංසිද්ද වෙන්න..ක්ලාස් එක හොයාගන්න බැරිව..අරහෙට මෙහෙට රස්තියාදු උණ නිසාම මට මහන්සි...අලුත් අවුරුද්දේ අලුතෙන් විවුර්ත කරපු තට්ටු බිල්ඩිමේ උඩම තට්ටුවේ කෙලවරේම පංති කාමරේ...අලුතෙන්ම පටන් ගත්ත maths ක්ලාස් එක තියෙන තැනක් මං පාර අහපු එකෙක්වත් නොදැන උන්නේ නම් මගේම කරුමෙට...
නොසන්ඩාල කොල්ලා..!! පාර පෙන්නන්න කියලා ඇවිත් දිගංචි කකුල් වලින් රේස් ගිහිං මාව හති වට්ටලා අන්තිමේ , ඉස්කෝලේ කෙළවරේ පරණ ප්‍රයිමරියේ අත ඇරලා දාපු පංති කාමර පෝලිමක් ළඟ මාව අතරමං කරපු නොසන්ඩාලයා මං ආපහු හැරිලා බලද්දී එතනින් අතුරුදන් වෙලා තිබුණා...ඌ එතන මාව අතරමං කරලා යද්දී එතනින් එළියට එනවාට වඩා මට අමාරු උණේ ඒ පාළු කොරිඩෝවෙ ඉඳගෙන අතරමන් උණ පරණ මතක වලින් එළියට එන්න...
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚
Romanceවිහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් වෙන්න පුළුවන්.... ඒත්.... තුන්වැනි වතාව..... රැවටීමක් විතරයි...!! 🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී.... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා...