💔~~~ මුලාවේ 7~~~💔

225 47 42
                                    

~~~ මතක ~~~

📌📌 මේක බලන්න හොඳේ...ඔක්කොම නැතත් මුල්ම ටිකයි විඩියෝ එකේ 15.30 ටයිම් එකෙන් පස්සෙ පොඩ්ඩකුයි බලන්න...

"දඟයො ඔයා දන්නවාද ගෑණු ළමයිගෙයි පිරිමි ළමයිගෙයි තියෙන වෙනස..ගෑණු ළමයි හරි බුද්ධිමත්..පිරිමි ළමයි හරි මෝඩයි..."

"ඔලා පුන්නක්කුද කෑවේ..."

"ඔයා වෙන්නැති කන්න ඇත්තේ..."

"ඕන්න එහෙනම් අහගන්න...ගෑණු ළමයිගෙයි පිරිමි ළමයිගෙයි වෙනස මොකක්ද කියලා..."

"අනේ මන් නම් දන්නේ නෑ ඕවා ඔන්න.."

දඟයාගෙයි මාග්‍රට්ගෙයි කතාවට මැද්දෙන් පැන්න මං කිව්වේ අඹ ගහෙන් පහලට එල්ලුන ලණුවෙ එල්ලිලා ගිහිං ළඟ තිබුණ වැලි ගොඩට පණින ගමන්...කාටුන් එකක් නෙමෙ... අපි මේ පොඩි උන් ටික එකතුවෙලා කාටුන් එක විදිහට සෙල්ලම් කරනවා...පොඩි උන්..කිව්වට පොඩිමත් නෙමෙ ඉතිං...මගේ කොකෝ බනිස් ගෙඩිය ජානූයි , ජෑම් බනිස් මමයි...අපෙ අක්කි සුදු ඒ නැත්තං සෙල්ලමට මේරියි...ජානුගේ හිච්චි..ඒ කියන්නේ අම්මගෙ නංගියි සෙල්ලමට මාග්‍රට්.... ඒ තමා අපේ කල්ලිය...හරියට බැලුවොත්..ජානු පොඩි බටු ඇටේ විතරයි පොඩි..මං 7 වසරේ ලොකු කොල්ලෙක්...අක්කි සුදු මටත් වැඩිය අවුරුදු 8ක් වැඩිමල්..දැන් කැම්පසුත් යන්න ඉන්නෙ...එතකොට හිච්චි..එයාට අවුරුදු 25ත්  පැනලා...අපෙ ඉස්කෝලෙම චූටි ටීච කෙනෙක්...මේ ළඟදී ජානුලා ආවටත් පස්සෙ තමා එයා ස්කූල් එකට ආවෙ...

ඉතිං මේ අපේ ගැන්සිය...වයසෙන් වෙනස් උණාට අපි හතරදෙනා එකතු වෙනවා කියන්නේ පිස්සු ලෝකයක්...අක්කයි හිච්චියි වැඩ කිය කිය කොච්චර පනින්න හැදුවත් දඟයා සෙල්ලම කරන වෙලාවට නම් අපේ දඟයාගෙන් ඒ දෙන්නා බේරෙනවා බොරු...

"හැමදේම දන් නෑ කිඅන් නැතිව පොඩි සපෝට් එකක් දෙන්නකෝ පොඩ්ඩෝ"

.....

"ඒ...ඒ වැටෙයි ඔන්න..."

"පිලිමි කිසිම දේකට බය නෑ..ගෑණු කට්ටිය ඉන්නවානේද...හැමදෙකටම බයේ දඟලනවා..කොහොමද මං පැන්න හැටි...ඕ..ඕ...ඕ...."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now