💔~~~ මුලාවේ 10~~~💔

251 52 58
                                    

"මට එපා නිසා මං එපා කිව්වේ..මගේ ප්‍රස්න වලට ඔළුව දාන්න එන්නෙ නැතිව  ඔයා පැත්තකට වෙලා ඉන්න අම්මා ප්ලීස්..."

"පැත්තකට වෙලා හිටිය නිසා තමා උඹ ඔය ගොන් බූරු වැඩේ කරේ...කොච්චර අමාරුවෙන්ද ඕක අතට ආවෙ...ඒකත් අරු එපාම කියන නිසා ඇරෙන්න අර මහ එවුන් එකතුවෙලා මේන් කියලා දෙයි උඹට...ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් පට්ටම කියන්නේ ලේසියක් ද ආ...!!"

"මට ඕනා නෑ කිව්වනේ...ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ...!!"

"දැන් ඉතිං ඕනා උණත් උබට දෙයි මේන් කියලා..හැබැයි පුතෝ උඹ අර බණ්ඩාරයගේ කොලුවට වඩා එක ලකුණක් අරන් හරි කැම්පස් නොගියොත් මන් බලා ගන්නම්.."

"හරි ඒකට තව කල් තියෙනවනේ.."

"හහ් බලමුකො අපි...අර කාලකණ්ණි කොල්ලා මිනුරයට පාඩමක් ඉගැන්නුවේ නැත්තං රණසිංහ නෙමෙ මං...උන් අර අලුත් ගුරාවත් බය කර ගෙන...මට ශුවර් එදා ඔය කොල්ලම තමා උන්දාව පඩිපෙලෙන් වට්ටන්න හැදුවේ... අපි උඩට යද්දි ඒ කොල්ලෝනේ පහලට ආවෙ..ඒඋනාට දැක්කද ගුරා උන්ව බේරපු හැටි...කකුල පැටලුණාලු..!! ගුරා බයේ උන්ට...ඕකුන් ඔය වගේ මාව එළවන්න උගුල් කියක් ඇටෙව්වද...අර ලොකු පුටුවේ එකා කණකට ගත්තෙ නෑ මං කිව්වම...දැන් බලමුකො අලුත් එකා කොච්චර කල් අල්ලන් ඉදිද කියලා..ඌ නම් යන එකමයි හොඳ ආවා මෙතන මගේ තැන ගන්න...!!"

"අනේ අම්මා ඇති අප්පා...අලුත් සර් හොඳයි...ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්න..."

"පාඩුවේ...!! බලමු පාඩුවේ ඉන්න හැටි...අර බණ්ඩාරයාට වගේ පපුව අල්ලන් ගෙදර යන්න උන්දාටත් වෙන්නේ...ලෙඩ මරගාතේ පෙන්ෂන් යන්නත් කලින් ගෙදර නතර උණ එකාට සම්මාන උත්සවත් තියන්න ඕනලු මුන්ට..කොයි දැන් අපි පැන්ශන් ගියා අපිට සම්මාන දුන්නා..ගුරුවරුන්ගෙනුයි දෙමව්පියන්ගෙනුයි සල්ලි කඩා ගන්න අලුත් විදිහ වෙන්න ඇති...සම්මාන...!! හිතන් ඇති...!! බලමුකො දෙන හැටි...!!"

"සම්මාන ගන්නත් ඒ විදිහට නම රැකගෙන වැඩ කරන්න ඕනා අම්මා...නැතිව ඔහොම කුහකකම් කරන මිනිස්සුන්ට සම්මාන දෙන්න කාටවත් පිස්සු නෑ...!!"

"කුහක..!! උඹ කුහක කිව්වෙ මටද ආ...උඹෙ අම්මටද කිව්වේ..!!ඔළුවේ තියන් ඉදපන්කෝ ඔවුන්ව...උන් එක්ක උඹටත් පාඩමක් උගන්නන්නම් මං.."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now