💔~~~ මුලාවේ 4~~~💔

212 46 29
                                    

ඒත් මෙතනම...පෙන්නුවොත්...ඇතුලේ තියෙන්නේ පිට පෙනුමෙන් අනුමාන කරපු දේවල් නෙමෙ කියලා...ඔය ඉන්න එකෙක්වත් එබෙන්න එන්නෙ නෑනෙ...මට පුළුවන් දන්න එකෙක් වගේ යන්තම් තොලේ ගාලා බලලා ලුණු කියලා කියන්න...!! ඇත්තටම එහෙම වෙන්න බැරිද....!! කවුරු හරි විහිළුවට කරපු දෙයක්...!! උඹටත් පිස්සු තරුකයෝ...දැක්ක වෙලාවේ ඉඳන් උඹත් එක්ක තරහක් පිරිමහන්න වගේ හැසිරෙන එකෙක් නිසාදැ උඹ මේ අමාරුවේ වැටෙන්න යන්නේ....

"කෝ දෙනවා ඕවා මෙහෙට...මොනවාද මේ....!! මිනූර මේ පාර මොනාද කරේ ආ..!! මං බලන් හිටියෙ ඔක්කොම...!!"

.......

"ම්ම්...මේ...සිගරට්...මේවා...!! මේ...මේ..දෙවියනේ...කු..ඩු... කු..ඩු...!!!
මත් වෙන ජරාවක් නේද...!!!!"

එක මොහොතකට මගෙ හිත අස්සෙ තිබුණෙ පුදුමාකාර අරගලයක් වෙද්දි අන්තිමේ තීරණයක් ගත්ත මං ඒ පැකට් එකක් කඩලා බලන්න හැදුවත් එකපාර ආපු අතක් ඒවා මගෙන් ඒවා උදුරා ගත්තා...

.

.

.

අර ස්ටාෆ් රූම් එකේ උන්න තඩි ටීච...ළමයි කියන විදිහට තාර බැරල්..ශෝට් කරලා තාරේ...එතන්ට නොඑන්න මං කරන්නේ ඒ ගොන්කම තමා...ගොන්කමක්මද කියන්න මට තාමත් හොදටම විස්වාස නෑ..ඒ කොහොම උණත්..එතනින් එහා සිද්ධ උණ දේවල්...මන්දා මට තාමත් විස්වාස නෑ...

"අලුත් සර් මොනවාද උඩ බිම බලන් කරන්නේ ආ...!! මහලොකු පන්තිභාර...එනකොටම පංතිය දෙනවා කියද්දීම ලොකු සර්ට කිව්වා මං..ඔය පේන්නෙ කරන හැටි...මූට දෙකක් දීලා ඔෆිස් එකට අරන් නොයා...උඩ බිම බලන එක නෙමෙ වැඩේ...!!"

මේ කුඩු කුඩු කියලා පංතිය මැද්දෙ කෑ ගහපු තඩි ටීච මටවත් වචනයක්වත් කියන්න නොදී එතන බෙරිහන් දෙන්න ගද්දී මේවායේ අලගිය මුලගිය තැන් මොකුත් නොදැන නීතියේ හැටියට නම් අපරාධකාරයෙක් කියන අච්චුවත් වදින්න පුළුවන් පොඩි එකෙක්ව බේරගන්න හිතට ආපු විකාර සිතුවිල්ලක ගිලිලා උන්න මං පියවි සිහියට ආවා සහ ළමයිගෙ වගේම අර ටීචගේත් හුස්ම හිර කරන ගමන්..අනික් තප්පරේ මගෙ රියල් මූඩ් එක ඔන් උණා...

"රස්තියාදුකාරයා තමුසේ...!! මේ ජරාවල් අරගෙන සිහි විකල්ලෙන්ද යකෝ අර කොල්ලව අල්ලන් වද දුන්නේ ආ...!! කතා කරනවා අයිසේ..!! තමුසෙට තමුසේගේ ජීවිතේ වටින්නේ නැත්තන් බොන ජරාවක් බීලා ගෙදරට වෙලා බුදිය ගණින්..මෙතන ඇවිත් ඉස්කෝලෙ නමත් කැත කරලා මෙතන පිළිවෙලකට ඉගෙන ගෙන ඉන්න මිනිස්සුන්ටත් පිළිලයක් නොවී...!!"

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now