☘☘Introduction ☘☘

2.9K 343 27
                                    

පුංචි ජන්කුක් ට ඕන වුනේ හැමදේකින්ම පලවෙනියා වෙන්න,  ඒත් ඒකට එක බාධාවක් තිබුනා....
ඒ තමයි හනා!!!!
හනා!!
ජන්කුක් ගේ අම්මාගේ හොදම යාලුවගේ දුව!!!
අම්මලා ගේ යාලුකම නිසාම ජන්කුක් ට සිද්ධ වුනා හනා එක්ක යාලු කමක් හදාගන්න!!!
ඒත් ඇත්තටම ජන්කුක් හනාට වෛර කලා!! ජන්කුක් ට ඕන වුනේ හනා නැති ලෝකෙක ජීවත් වෙන්න!! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හනා කරදරකාරියක්!!!!
දුඹුරු පාට දිග කොන්ඩ කරල් දෙක පද්ද පද්ද ලස්සන චූටි ගවුමක් ඇදගෙන ජන්කුක් ගේ ගෙදර එන හනාට ජන්කුක් ගේ අම්මා ජන්කුක් ට තරමටම ආදරේ කලා!!!
ඒත් ජන්කුක් ට නම් නිතරම ඕන වුනේ හනාගෙන් ඈතට පැනලා දුවන්න!!!
හනා දක්ෂයි!!! මොන දේ කරලා හරි හැමදේකින්ම පලවෙනියා වෙන්න හනා දක්ෂයි!!!
සෙල්ලම් කරද්දි, චිත්‍ර අදිද්දි, අකුරු ලියද්දී හැම දේකින්ම පලවෙනියා වුනේ හනා!!!
දිනන්න බෑ කියලා තේරෙද්දි මොනවා හරි කරලා ජන්කුක් ව බය කරලා පලවෙනියා වෙන්න හනා දෙපාරක් හිතන්නේ නෑ!!! ඒ නිසාම ජන්කුක් හනාට වෛර කලා!!!

පුංචි ජන්කුක් හනාට බයයි!! හනා බෝතලේක දාලා ඇතිකරන ලොකු රතු පාට කුරුමිනියට ජන්කුක් ඊට වඩා බයයි!!!සත්ත්ව විශේෂඥයෙක් වුන හනාගේ සීයා තමයි හනාට ඒ කුරුමිණියා තෑගි කරලා තිබුනේ,  ඒ කුරුමිණියා අවුරුදු සීයක් ජීවත් වෙනවා කියලයි හනාගේ සීයා කියලා තිබුනේ,, ඒත් ජන්කුක් ගේ එකම හීනේ වුනේ ඉඩක් ලැබුන ඕනම වෙලාවක හනාගේ කැත කුරුමිණියා ව අල්ලපු ගෙදර මිසිස් කන්ග්ගේ ලොකු බලල් තඩියට අල්ලලා දෙන එක....

ඒ හැමදේම අතීතේ,  අවුරුදු දාහතරකට කලින් අතීතේ!!!

දැන් ජන්කුක් ට අවුරුදු විසි හතරක්!!
පුංචි කාලේ හනාට බයේ ඇස් ලොකු කරගෙන මුල්ලකට වෙලා හිටපු පුංචි ජන්කුක් වෙනුවට දැන් ඉන්නේ,  කඩවසම් හිතුවක්කාර ජන්කුක් කෙනෙක්!!! කොලේජ් එකේම කෙල්ලන්ගේ හින කුමාරයා!!! කොලේජ් බාස්කට්  බෝල් ටීම් එකේ කැප්ටන්!!එකම එක දවසක් ජන්කුක් එක්ක ඩේට් එකකට යන්න කොලේජ් එකේ ගෑණු ළමයි පොර කනවා!!

එතකොට හනා!!
හනාට අවුරුදු දහයක් වෙද්දි හනාගේ අම්මයි තාත්තයි හනාවත් අරගෙන ජපානෙට ගියා!!අම්මලා අතරේ යාලුකම තිබුනත් ජන්කුක් ට ඕන වුනේ නෑ තවත් හනා එක්ක යාලු කම් තියාගන්න,, ඒ නිසාම හනා ජපානෙට ගියාට පස්සේ අවුරුද්දේ ඉදන් ජන්කුක් අම්මට බල කරලා කොලේජ් හොස්ටල් එකේ නැවතුනා.....

එදා ඉදන් ජන්කුක් ගේ ලෝකේ හනා නෑ!!! ඒත් හනා ගැන තිබුන තරහා නම් ඉවර වුනේ නෑ,,, අදටත් ජන්කුක් කුරුමිනියන්ට බයයි!! ඒ හනා නිසා!!!
අදටත් ජන්කුක් ලස්සන ගෑණු ලමයිට වෛර කරනවා,!! ඒ හනා නිසා!!!
ඉතින් කරදරකාර හනා ජන්කුක් ගේ ලෝකෙන් යන්නම ගිහින්ද???
එහෙම නැත්නම් හනා ආපහු ඒවිද???

මේ හනාගෙයි ජන්කුක් ගෙයි කථාව .....
  ☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘
..😊

දේශූ♔︎

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now