☘☘හනාගේ ආදරේ☘☘06

1.3K 294 29
                                    

ජන්කුක් යන්න ගියාට පස්සේ මාපට ඇඟිල්ලෙ නිය පොත්ත දත් අතර රදවගෙන එහා මෙහා ඇවිදින හනා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු තේහයුන් ටත් හනා මේ තරම් කලබල වෙලා ඉන්නේ මොකක් නිසාද කියලා හිතාගන්න පුලුවන් වුනේ නෑ....

තවත් ටික වෙලාවකින් තියටර් එකේ රෙඩ් ලයිට් එක ග්‍රීන් ලයිට් එකට මාරු වෙනකොට, තියටර් එකේ හිටපු හෙදියක් ඇවිත් තේහයුන් ට කිව්වේ නම්ජූන් රූම් එකකට මාරු කලා කියලා!!!

ඒ පනිවිඩේ ඇහුන විතරයි තේහයුන් ටත් කලින් නම්ජූන් ගේ රූම් එකේ දොර ගාවට දුවගෙන ගිය හනා, දොරට අත තියලාත් ආපිට හැරුනේ තේහයුන් කට බාගෙට ඇරගෙන ඇස් ලොකු කරගෙන හනාගේ මේ අමුතු හැසිරීම දිහා බලාගෙන ඉද්දි....

"ආහ් ම් මි මියන්හේ තේහයුන්!!!"

රතු වුන මූන බිමට හරවගෙන දොර ගාවින් මෑත් වෙලා තේහයුන් ට ඉඩ දෙන ගමන් කියපු හනා ට මොකුත් නොකියාම ඔලුව වනපු තේහයුන් රූම් එක ඇතුලට යද්දී,  හනා කලේ දොර ගාව හිටගෙන තේහයුන් එලියට එනකම් බලාගෙන හිටපු එක......

හනාට කල්පයක් වගේ දැනුන විනාඩි විස්සකට විතර පස්සේ, තේහයුන් එලියට ආවේ හනාට ඔලුවෙන් ඇතුලට යන්න කියලා ඉගි කරන ගමන්මයි!!!

ඒ අවසරයෙන් විනාඩියක් වත් පරක්කු නොකර ඇතුලට ගිය හනා කලබලෙන් නම්ජූන් ගේ ඇද ලගට යන කොට හනා දිහා බලලා දොර දිහා බලපු නම්ජූන් හනාට ඉගි කලේ දොර ලොක් කරන්න කියලා!!!
ඒ තත්පරේම ආපිට හැරිලා දොර ලොක් කරපු හනා ජූන් ගේ ඇද ලගට ඇවිදගෙන යද්දී, දොරෙන් එපිට හිටපු කෙනෙක් දොර ලොක් වෙන ක්ලික්!! හඩට ගැස්සිලා පස්සට වුනා!!!

"න නම්ජූන් ෂී මියන්හේ මං නිසයි!!!"

හනා වචන පටලන කොට පුරුදු ලස්සන හිනාවෙන් ම අත උස්සලා හනාව නවත්තපු ජූන්,,,

"ඉට්ස් ඕකේ හනා, මං හොදින්!!"

"ආහ් ඒත්  ම් අ මං මේ වෙලාවේ මෙහෙම අහන එක හොදද මන්දා ඒත්...."

"එයා හොදින් ඉන්නවා ඇති කියලා මං හිතනවා හනා බය වෙන්න එපා "

"ඒත් කො කොහෙද "

"මගේ ලැබ් එකේ "

"ආ😶, නෝ නම්ජූන් ෂී "

"හාහ් බයවෙන්න දෙයක් නෑ හනා! මගේ ලැබ් එකේ ඉස්සරහ  තියෙන fish tank එකේ යට රහස් ලාච්චුවක මං එයාව පරිස්සමට තිබ්බා,  ඔයා මාව මුණගැහිල ගිය දවසේ හවස මං ගෙදර යනකොට කෙනෙක් මාව follow කලා,  ඒකයි ඔයා කියපු දේවලුයි එක්ක එදා රෑම ආපහු ගිහින් මං එයාව එතනින් තිබ්බා...."

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now