☘ කුකී❗☘ 03

1.4K 301 43
                                    

"කුකී!! "

කවදාවත් නැතුව හවස පහ පහු වෙන්නත් කලින් ගෙදර ආපු ජන්කුක් ව දැක්කම පුදුමෙන් ඉස්සරහට දුවගෙන ආපු මිසිස් ජොන් ජන්කුක් ගේ නලලටයි බෙල්ලටයි අත තියලා බලනකොට බෙල්ල පස්සට කරගත්ත ජන්කුක් ඇස් ලොකු කරගෙන මිසිස් ජොන් දිහා බලද්දි,

"උනක් නම් නෑ "

කියපු මිසිස් ජොන් ජන්කුක් ව එහා මෙහා හරවලා බලන කොට කරදරකාරී මූනක් හදාගෙන මිසිස් ජොන් ලගින් එහාට වුන ජන්කුක්, උරිස්සක එල්ලගෙන හිටපු බැක් පැක් එක ගලවලා අතට අරගෙන,,

"වේ මාම්!!"

කියද්දී, පුදුම වුන බැල්මකින් ජන්කුක් දිහා බලපු මිසිස් ජොන්,

"අනී මං මේ බැලුවේ, මෙච්චර කලින් ගෙදර එන්න කුකී ව ක්ලබ් එකෙන් ගහලා පැන්නුවද කියලා!!!"

"ඔහ් මාම්, ටූ මච් ආ!! මං අද ක්ලබ් ගියේ නෑ "

ඇස් කොනින් තරප්පු පෙළ දිහා බලලා කට කොනක් ඇද කරලා ජන්කුක් කියන කොට මූනට ආපු හිනාව හංග ගෙන පුදුම වුන මූනක් හදාගත්ත මිසිස් ජොන් ,

"ඔහ් රියලී!! මේ ගැන ඩැඩ් ට කියන්නම වටිනවා!!"

"මාම්!!"

"වේ, අපි තුන් දෙනා අද ඩිනර් වලට එලියට යමු එහෙම හොදයිනේ, හනා එද්දිත් රෑ වෙනවා කිව්වනේ!!"

තරප්පු පෙළ නගින ජන්කුක් දිහා හොරැහින් බලලා හිනාව හංගගෙන මිසිස් ජොන් එහෙම කියද්දී, පඩිපෙළ බාගයක් නැගලා හිටපු ජන්කුක් එතනම නැවතිලා බෙල්ල හරවලා මිසිස් ජොන් දිහා බලද්දීම මිසිස්ජොන් ඉක්මන් අඩි තියලා එතනින් යන්න ගියා.....

වෙනදට මහ රෑ වෙනකන් ගෙදර නොඑන ජන්කුක් කොලේජ් ඇරිලා පැය කීපයක් යන්නත් කලින් ගෙදර එන්න එකම හේතුව හනා කියලා තේරුනා උනත් මිසිස් ජොන් ඒ බවක් ජන්කුක් ට ඇගෙව්වේ නෑ...

කලින් ම ගෙදර ආපු ජන්කුක් ඇදේ හරහට වැටිලා බාගයක් ඇරුනු දොරෙන් පේන කොරිඩෝ එක දිහාම බලාගෙන හිටියේ හනා කොයි වෙලාවේ හරි එතනින් යන්න ඕන කියල දැන ගෙන හිටපු නිසා..

ඒත් පැයක් දෙකක් ගෙවිලා යද්දි ම ජන්කුක් ගේ මහන්සි ඇස් නිදිමතට නතු වෙලා ගියේ ජන්කුක් හනා එක්ක ගෙවපු පුංචි කාලේ හීන අතරේ අතරමං කරලා.....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now