💚ගෙබි කෙල්ල 💚02

1.6K 323 39
                                    

පහුවදා උදේ වෙනදටත් වඩා කලින් නැගිටලා ලෑස්ති වුන ජන්කුක් හැමෝටම කලින් ඇවිත් ඩයිනින්ග් ටේබල් එකට වාඩි වුනේ මිසිස් ජොන් ජන්කුක් දිහා පුදුමෙන් බලද්දි....

"කුකී!! ඔයාට හොදටම විශ්වාස ද ඔයා හොදින් කියලා!!"

"වේ මාම්!! මං හොදින්!!මට බඩගිනියි ඒකයි මං උදේම ලෑස්ති වුනේ "

කලින් දවසේ රෑ ලොකු නුඩ්ල් බෝල් එකක් හිස් කරලා බැදපු මස් පෙති සේරමත් කාලා දාලා මදි පාඩුවට ලොකු සලාද දීසියකුත් හිස් කරපු ජන්කුක් බඩගිනියි කියලා කට ඇදකරගන්න දිහා සර්වන්ට් ගර්ල් නැන්සි බලාගෙන හිටියේ කටත් බාගෙට ඇරගෙන.....

ඩයිනින්ග් ටේබල් එකට වාඩි වෙලා  කෑම කන ජන්කුක් ගේ ඇස් සැරෙන් සැරේට පඩිපෙළ දිහාවට යනවා දැක්ක මිසිස් ජොන් ගේ මූනට හිනාවක් ආවත් හිනාව හංග ගත්ත මිසිස් ජොන් කෑම මේසෙට වාඩි වුන මිස්ටර් ජොන්ට ප්ලේට් එකක් දෙන ගමන්  ,,,,,,

" උදේම ගියාට මොකද හනාට පාර හොයාගන්න පුලුවන් වුනාද දන්නේ නෑ හනී,  කාලේකින් නේ හන්ගුක් වලට ආවේ"

කියලා ඇස් යටින් ජන්කුක් දිහා බලද්දි,  ජන්කුක් ට එක සැරේටම කැස්සක් හැදුනා,, කැස්සත් එක්කම ටේබල් එකෙන් නැගිට්ට ජන්කුක්,,

"මාම් මං යනවා,  බායි ඩැඩ්"

කියලා ගෙදරින් එලියට දුවගෙන යද්දී මූනෙන් මූන බලා ගත්ත ජොන් ජෝඩුවගේ හිනාව ජන්කුක් ට ඇහුනේ නෑ.....

වෙනදටත් වඩා ටිකක් වේගෙන් කා එක ඩ්‍රයිව් කරගෙන ආපු ජන්කුක් යුනිවර්සිටි එක පේන මානෙන් කා එක නවත්තගෙන බලාගෙන හිටියේ තමන් ආපු වේගෙත් එක්ක ටැක්සි එකක ආවත් හනාට තමන්ට කලින් යුනිවර්සිටි එක ඇතුලට යන්න බෑ කියලා දන්න නිසා....

විනාඩියෙන් විනාඩිය වේගෙන් ගෙවිලා ගියේ ජන්කුක් ගේ ඉවසීම සීමා මායිම් පනින්න ලංකරලා,  තවත් බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා හිතුන තැන ජන්කුක් හෙමින් කා එක ඉස්සරහට ගද්දිම පාර කෙලවරේ ඉදලා ඉස්සරහට ඇවිදගෙන එන රූපේ ලග ජන්කුක් ගේ ඇස් නැවතුනා......

අහස් නිල් පාට දිග ගවුමට දිග කොන්ඩේ එකතු කරලා පුංචි කට්ටක් ගහලා හෙමින් ඉස්සරහට ඇවිදගෙන එන හනාව දැක්කම ජන්කුක් ගේ කට බාගෙට ඇරුනා....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now