☘☘හනාගේ කැමැත්ත ☘☘12

1.1K 265 38
                                    

ඇදේ හරහට වැටිලා සිවිලිමේ ඇස් අලවගෙන හිටපු ජන්කුක් ගේ සිතුවිලි තිබුනේ පැය කීපයකට කලින් ගෙවුන අතීතයේ....ජන්කුක් කල්පනා කලේ හනා හොබී ලග හැසිරුණු සැහැල්ලු විදිය ගැන...හොබී ලග ඉන්න සැහැල්ලු හනාව දැක්කම ජන්කුක් ට මතක් වෙන්නේ ඉස්සරම දවස් වල තමන්ගේ පුංචි යාලුවා වුන හනාව...

කල්පනාව අතරෙම ජන්කුක් ගේ මුවින් ලොකු හුස්මක් ගිලිහුනේ හනාගෙයි හොබී ගෙයි අතර තියන්නේ මොන වගේ බැදීමක් ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා.... ජන්කුක් ට ඕන වුනා හනාගේ හිතේ තමන් ගැන තියන්නේ මොන විදියේ හැගීමක් ද කියලා දැන ගන්න, ඒත් ඒ කොහොමද කියලා තේරුමක් ජන්කුක් ට තිබුනේ නෑ....
"එයාට ඉරිසියා හිතෙනවද බලමු!!!
ජිමින්ගේ වචන හිත ඇතුලේ පෙරලි කරන කොට ජන්කුක් ගේ කට කොනකට පුංචි හිනාවක් ආවා....

හිනාව අතරේම කොට්ටෙට මූන තද කරගෙන ඇස් පියාගත්ත ජන්කුක් ක්ෂනිකව ඔලුව උස්සලා කන් දුන්නේ හනාගේ රූම් එකේ දොර ඇරිලා වැහෙන සද්දේ ඇහුන නිසා....

×××××××××××××××××××××××××××××××××

"හනායා කුකී එක්ක යන්න!! බොරුවට බස් වල රස්තියාදු වෙන්නේ මොකටද!"

හනා ලෑස්ති වෙලා පහලට එනකොටම මිසිස් ජොන් ටිකක් සද්දෙට කියනකොට කෑම කටේ පුරවගත්ත ජන්කුක් ඔලුව වනලා මිසිස් ජොන් එක්ක එකග වුනා...

"ආහ් ඒකට කමක් නෑ, මට තව වැඩකුත් තියනවා, අනික ජන්කුක් ට නිදහසේ යන්න තියන්න එපැයි නේද ජන්කුක්, මං යන්නම්!!"

"Breakfast අරන් යන්න හනා!!"

"Its ok ආන්ටි "

මිසිස් ජොන් ව හග් කරන ගමන් කියපු හනා යන්න හැරෙද්දී, හනාගේ කම්මුලට අතක් තියපු මිසිස් ජොන්,

"හනායා!! ඔයාගේ ඕනම දේකට ආන්ටි ඉන්නවා තේරුනාද? ආම් සෝ proud of you my baby!! මගේ පුංචි හනා දැන් ලොකු කෙල්ලෙක්!! හැමදේම තනියම කරගන්නවා!! ඒත්...."

"ආන්ටි!! ආම් ඕකේ සෝ ඩෝන්ට් වොරි!! මං යන්නද මට පරක්කු වෙනවා!!"

මිසිස් ජොන් හිනා වෙලා ඔලුව වනද්දී, බෑග් එක කරට දා ගත්ත හනා එහෙමම පාරට ආවා....හොබීට කෝල් කරන ගමන් පේන දුර තියන බස් හෝල්ට් එකට ඇවිදගෙන යන ගමන් හිටපු හනාගේ ඉස්සරහින් ඇවිත් නැවතුනේ ජන්කුක් ගේ වේරොන් එක....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now