☘☘☘☘05

1.4K 309 40
                                    

පැය දෙකක්  තිස්සේ රේචල්ගේ පිටිපස්සෙන් වටපිට බල බල ඇවිදපු ජන්කුක් ට තාමත් හනාගේ වත් තේහයුන් ගේ වත් සේයාවක් වත් හොයා ගන්න පුලුවන් වුනේ නෑ..... රේචල්ගේ වදකාර කියවිල්ල ඉවසගෙන රටේ නැති ඇදුම් කෑලි වලට ලස්සනයි කිය කිය හතරවටේ ඇස් කරක කරක  පැය දෙකක් තිස්සේ ෂොපින් මෝල් එක පුරාම ඇවිදලා ජන්කුක් හිටියේ හොද පන ගිහින්!!!

"ආහ් රේචල්!! තෝරගන්න ඇදුමක් තෝරගෙන ටැක්සි එකක් අරගෙන යන්න, මං යනවා, මට පරක්කුයි!!"

"හරි යමු!!"

"ආ??!!"

"ඔයාට පරක්කුයි නේ ජන්කුක්!! අපි යමු!!"

කට බාගෙට ඇරගෙන හිතාගන්න බැරි බැල්මකින් රේචල් දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ජන්කුක් කට කොනක් ඇද කරලා ඔලුව ගස්සලා,

"Whatever!!"

කියලා ඉස්සරහට ඇවිදගෙන යද්දී ජන්කුක් ගේ පිටිපස්සේන් දුවගෙන ආපු රේචල් ජන්කුක් ගේ අතවටේ අත පටල ගත්තා.....

ෂොපින් මෝල් එකෙන් එලියට ඇවිත් ඉස්සරහට ඇවිදගෙන යද්දී එක සැරේටම සයිඩ් එකේ තිබුන කැෆේ එකේ කෙලවරේ  ටේබල් එකකට වාඩි වෙලා හිටපු හුරුපුරුදු රූපේ දැක්කම ජන්කුක් එහෙමම නැවතිලා මාරුවෙන් මාරුවට උඩ තොලයි යට තොලයි හපන්න ගත්තා....

"ජන්කුක්!!!"

එක සැරේටම නැවතුන ජන්කුක් ගේ මූනට එබිලා රේචල් අහනකොට ජන්කුක් ට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා....

"ආහ් ර් රේචල් මං බොන්න මොනා හරි අරගෙන එන්නම්!!"

"මාත් එන්නම් "

ඉස්සරවෙලා යන ජන්කුක් ගේ පිටිපස්සේ න් ම කැෆේ එකට ඇතුල් වෙලා ඇතින් එන ඉයුජින් දිහා බලලා කට කොනක් ඇද කරපු රේචල් කවුන්ටර් එකට ඕඩර් එක දීලා ජන්කුක් ගේ එහාපැත්තෙන් වාඩි වෙලා ජන්කුක් ගේ අත වටේ අත පටල ගත්තත්,  හනාගේ ඉස්සරහ වාඩි වුන පිරිමි ලමයට අවදානේ දීලා හිටපු ජන්කුක් ට ඒක ගානක් වුනේ නෑ.....

පුංචි කාලේ ජන්කුක් ට පේන්නම බැරි, ඒත් දැන් ජන්කුක් ආසම කරන ලස්සන හිනාවෙන් හනා ඒ පිරිමි ලමයා දිහා බලලා සුහදව හිනාවෙනවත්,පිරිමි ලමයා මොකක් හරි විහිළුවක් කරලා හනාගේ මූනට එබිලා හිනා වෙනවත් ජන්කුක් බලාගෙන හිටියේ හිස් හැගීමෙන්.....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now