> Chapter Eight <
තේහ්‍යුන්ග් ඔම්මලා එක්ක ගෙදර ගියේ හවස හය විතර වෙද්දියි..
තේහ්‍යුන්ග් ගේ ෆෝන් එක ඔම්මා අරගත්තා වගේම මග දිගටම තේහ්‍යුන්ග් ට අවවාද කලේ ආයෙමත් මෙන්සන් එකට නොයවා ඉන්නයි..
ඔම්මා කියන හැමදේටම ඔළුව වන වන තේහ්‍යුන්ග් වාහනේ ගියේ කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් වගෙයි..
වචනෙකින්වත් උදව් කරන්න බැරි විදියට නම්ජුන් අසරණ වුණේ එයා පවා ඔම්මගේ තීරණ වලට පිටින් වැඩ කරපු නිසයි..
මිස්ටර් කිම් මේ දිහා සාවදානව බලන් ඉදියේ තේහ්‍යුන්ග් උනත් කිසිම දේකට දොස් නොකියා පාඩුවේ ඉන්න නිසයි..
***
" පුතා වොශ් එකක් දාගන්න.. මන් වූබින් ට කියන්නම් බඩු ටික කාමරෙන් දාන්න කියලා.. "" හ්ම්ම්.. ඔම්මා මගේ ෆෝන් එක.. "
" මන් ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්.. "
" ඔම්මාමාමා.. "
" දැන් උඩට යන්න.. "
තේහ්‍යුන්ග් තවත් මුකුත් ම නොකියා තරප්පු පෙළ දිගේ උඩට නැගගෙන ගිහින් කාමරේට ගිහින් දොර වහ ගත්තේ එහෙම්මම දොර දිගේ බිමට රූටලා එද්දියි..
🐯 ඔම්මා.. ඇයි මෙහෙම කරන්නේ.. පිරිමි ළමයෙක්ට කැමති වෙන එක ඒ තරම් වැරැද්දක්ද.. අනේ ඔම්මා.. මන් කෝමද මේවා දරා ගන්නේ.. මන් කෝමද එක්කෙනෙක්ව තෝර ගන්නේ.. ඇත්තටම ඇයි ඔම්මා.. ඇයි මටත් බැරි ගෑණු ළමයෙක්ට ආදරේ කරන්න.. ඔම්මා මන් කොහොමද මේවා දරාගන්නේ 🐯