> Chapter Eleven <
@Yoonmin hotel
" දැන් බබා ඔහොම කේන්තියෙන් තව කොයිතරම් වෙලා ඉන්නවද ? "
ජිමින් ගේ රතු වුණ මූණ දිහා බලාගෙන ඉන්න බැරිම තැන යුන්ගි ඇහුවා..
" ඇයි ඔයා අද මාව මෙන්සන් එකට එක්ක නොයා මේ හොටෙල් ගානේ ආවේ.. අහ්.. "
" අයිගූ My baby ටිකක් රොමෑන්ටික් වෙන්නනේ.. අනික මන් හිතන්නේ අපි ටිකක් ලිමිට් එකෙන් පිට යන්න ඕනි.. ඔයා මෙන්සන් එකේ ඉද්දි හැමදාම මාව මගින් නතර කරනවනේ.. ඉතින් මෙහෙදි එහෙම ඕනි නෑ.. ඒකමයි මන් එක්කගෙන ආවේ.. "
" හ්‍යුන්ග්.. බොරු කියන්නේ ඇයි.. අහ්.. හ්‍යුන්ග් මාව එක්කගෙන ආවේ තේහ්‍යුන්ග් එක්ක මන් ආයිමත් රණ්ඩු කරාවී කියලනේ.."
" ම්ම්.. හ්ම්ම්.. "
" මට උදේ කේන්ති ගියා තමා.. ඒත් මම අසාධාරණයි ද හ්‍යුන්ග්...තේහ්‍යුන්ග් කියන්නේ මගේ පණ වගේ.. ඒත් කුකී.. එයත් මගේ හුස්ම වගේ.. ඉතින් තේහ්‍යුන්ග් ගිය දවසේ කුකීට අරවගේ දෙයක් වෙලත් එයාව ඔය ඉන්න තත්වෙට ගේන්න අපි කොච්චර දේවල් කලාද හ්‍යුන්ග්...මට බෑ ආයිමත් කුකී බීලා, බාතෲම් එකේ කොමඩ් එක ළඟ වැටිලා ඉන්නවා බලන්න.. දන්නවනේ දැන් ජන්ග්කුක් ට ඇල්කොහොල් ඔරොත්තු දෙන්නේ හරිම අඩුවෙන්.. එයාටම ඒවා ඇලජික් වුණොත් අපි කියලා තව මොනා කරන්න කියලද හ්‍යුන්ග් "
" ඒත් බබා.. අපි තේහ්‍යුන්ග් ගේ කතාව තාම දන්නේ නෑ නේද.. අනික තේහ්‍යුන්ග් ආයෙමත් ආවේ එයාගේ හ්‍යුන්ග් ඉන්නේ අපේ මෙන්සන් එකේ.. ඒ වගේම මගේ කම්පැනී එකේ හිමිකරු.. ඒ වගේම තේහ්‍යුන්ග් ටත් කොටස් හිමී.. ඒ විතරක් ද ඒක තේහ්‍යුන්ග් ගේ මෙන්සන් එක ඔයාලා තුන්දෙනාටම ගත්ත.. ඉතින් අපිට බෑ එයාව එහෙම යවන්න.. "