ජන්කුක් දුන්න ටොෆි කනගමන් මුරුක්කු පැකට් එකත් උඩ දදා මං ගේ ඇතුලට ආවා......................................................................................................................................................
මං ඇතුලට යද්දි අම්මා තේ අරං එනවා.
'මුරුක්කු කන්නද කඩේ ගියේ.' ජන්කුක් දුන්නා කියන්න බැරි නිසා මං මොංගල් හිනාවක් දාලා පුටුවේ වාඩි උනා.අම්මා මගේ තේ එක දීලා අක්කටයි අයියටයි තේ බොන්න කතා කරා.
'පුතේ කොහෙද යන්න හදන්නේ.' අම්මා නකියන කොට තමා මාත් බැලුවෙ අයියා හෙල්මට් එකත් අරගෙන බයික් එකේ යතුර කරකවන ගමන් සාලෙට ආවා.අක්කත් පඩි පෙල බැහැගෙන ඇවිත් මට එහා පැත්තෙන් වාඩි උනා.
'අම්මා මගේ යාලුවෙක්ගෙ සීයා නැති වෙලා.එහෙට යන්නේ.අදත් තාත්තා ගෙදර එන්නෙ නෑනේ.මං එහේ දවස් දෙකක් විතර ඉදලා එන්නම්.උදව් නොකර ආවොත් හරි නෑනෙ.'
'මොනා වෙලාද නැති වෙලා තියෙන්නේ.අපිත් එන්න වෙයිද?'
'ඒ සීයා ලෙඩින් හිටියෙ අද දවල් නැති වෙලා තියෙන්නේ අම්මලා එන්න ඕන නෑ.'
'හරි එහෙනම් මේ තේ එක බීලා පරිස්සමෙන් යන්නකො.'
අයියා හිටගෙනම තේ එක බීලා ගියා.මාත් මුරුක්කු පැකට් එක කඩලා අක්කටයි අම්මටයි දීලා තේ එකයි ඉතුරු මුරුක්කු ටිකයි අරන් මගේ රාජ දානියට ආවා.තව ඩින්ගෙන් පාපිස්සෙ ආහ් පාපිස්ස නෙවෙයි ස්කූල් බෑග් එකේ පැටලිලා මකබෑවිලා යනවා.ඇදෙන් වාඩි වෙලා මුරුක්කු කකා තේ බිව්වා.මෙව්වනේ යකෝ කෑම.එහෙම්මම ඇදේ දිගා වෙලා මේසේ උඩින් කෝප්පෙ තියන්න යනකොට අද උදේ තේ බීපු කෝප්පෙයි ඊයේ හවස බීපු කෝප්පෙයි එක හිඩසක් හොයා ගන්න බැරි වෙන්න කූබි ඊයා.ඒහෙම්මම ඇද ගාව තිබ්බ කලිසමෙන් කොප්ප දෙක අල්ලලා ඇද යටට විසික් කරා.බිදුනද දන්නෑ.දැන් තේ බීපු එකත් කුස්සියට ගෙනියන්න බැරි නිසා ඒකත් ඇද යටටම දැම්මා.දැන් හරි.සාක්කුවෙ තිබ්බ ඩේටාකාඩ් එක හූරලා කාඩ් එක දාගෙන කාඩ් එක බිමට විසික් කරලා යූ ටියුබ් එක පැත්තෙ යන ගමන් ඇදේ එහාට හැරුනා.මොකක්ද යකෝ මේ ඇනෙන්නෙ.කකුලක් උස්සලා මොකක්ද බැලුවම මුරුක්කු පැකට් එක.එහෙම්ම ඒකත් පයින් ගහලා බ්මට දාලා ශීට් එකත් පොරවන් ඔගී සහ කැරපොත්තො බැලුවා.දැන්නම් හිතයි ජන්කුක්ව ඔගී කරලා මට අර දම් පාට කැරපොත්තා වෙන්න.හෙට ඉස්කොලෙ ගිහින් පොඩි ට්රයි එකක් දෙන්න ඕන.
YOU ARE READING
My stupid baby (taekook)
Fanfictionඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක...