'ඕයි ගොන් අලේ '
'මොකද වදේ '
'ආ ගන්නවා '
වට් ද මුට මොකක් වෙලාද.ජන්කුක් අයිස්ක්රීම් තුනකුත් දික් කරගෙන ඉන්නවා.මාත් ඉතිම් ඕන මගුලක් කියලා අයිස්ක්රීම් ටික මහත් බක්තියෙන් අර ගත්තා.පින් වැඩක් හැබැයි.ඒත් මූව ෂුවර් නෑ.
'මේ ජන්කුක් තමුසෙ මේවාට සිහි නැතිවෙන බෙහෙත් දාලා අවයව ජාවාරම් කරන්න එහෙම නෙවෙයිනේ යන්නේ.'
'උබට මොලයක් නෑ කියන්නේ බොරුව ඇයි.තමුසෙගේ අවයව අරන් බද්ද කරන මිනිස්සු ටිකව එහෙම්මම අනිත් පැත්තට මානසික රෝහලකට ගිහින් දාන්න වෙයි.හරකෙක් වගේ තප්පුලන් නැතුව ඕක කාපම්.'
ජන්කුක් මගේ නලලට ඇගිල්ලෙන් ඇනලා ගියා යන්න.හරිනේ දැන් අමාරුව අහගත්තනේ හොදම එකෙන්.
'අනේ බල්ලො ඕක දියවෙන්න කලින් දීපම්කෝ.අනික තොටත් හොද වැඩේ නිකම් දුන්න එක ගන්නැතුව වටේ යනවට.'
'අනේ පලයම් කොටෝ යන්න.ඉදා තොගෙ අහවල් එක.'
ජිමින් ගෙයි ජින් ගෙයි අයිස්ක්රීම් දෙක දීලා මාත් කෑවා.චොක්ලට් අයිස්ක්රීම් මූ කොහොමද දන්නෑ මං ආස ෆ්ලේවර් එක හොයා ගත්තේ.රේචල් එක්ක නැටුවට මේවගේ දේවල් කරද්දි ආදරේ හිතෙනවා අෆ්ෆා.ඒ කියලා ඉතින් අරකි එක්ක ඇමිනෙන්න ඕන්නෑ.කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට කන්න අරන් දෙනවනම් ඒකා ඉතිම් ජීවිත කාලෙම මගේ තමා.කුක්කව බැද ගත්තා කියන්නේ ඉතින් ජීවිත කාලෙම කකා ඉන්න තිබ්බා.හේ හේ ඒකියලා මට ආදරේ ඕන්නැත්තේ නෑ.හැබැයි ඉතිම් රත්තරන්,මැනික් ගගා වැලලෙන් නැත්තම් එච්චරයි.ජන්කුක්ගෙ අම්මවයි තාත්තවයි වසියක් වත් කරලා කැමති කරගත්තොත් කුක්කගේ කැමැත්ත නැතුවම බදින්න තිබ්බා.ර්ර් මොනාද යකෝ මන් මේ හිතන්නේ.අයිස්ක්රීම් එකකට සටන පාවාදෙන්න බෑ.ඒත් යකෝ සටනක් නෑනේ.මං ඒ ගස් වැද්දට කොහොමත් කැමතිනේ.ආහ් එපා....වෙනවා.හිතන්න ගිහාම නවත්ත ගන්න බෑ.අයිස්ක්රීම් එකේ අන්තිම ටිකත් කාලා වට පිට බලලා ස්ටික් එකේ තිබ්බ ටිකත් කාලා දැම්මා.කවුරු හරි දැක්කොත් ලැජ්ජයිනේ.අනික ඒ පෙරේත කම නෙමේ කෝට්ටෙ තියන ටික තමා රසම හුම්.
ВЫ ЧИТАЕТЕ
My stupid baby (taekook)
Фанфикඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක...