👑🌺 කිරුළ 🌺👑

2.4K 196 162
                                    

"Mr and mrs rynhard.."

නුවරඑළියේ..තරු හෝටලේ reception එකට ටිකක් එහායින් නැවතුණ කෙනුල receptionist ඉස්සරහා හිටගෙන ඉන්න,අවුරුදු 2කට විතර පස්සෙ දකින...ඒ රුව දිහා ගල්වෙලා බලන් උන්නා...receptionist තව මොන මොනවාදෝ කිව්වත්...ඒ එකම වචන ටික විතරක්ම කෙනුළගේ කන් අස්සෙ දෝන්කාර දෙද්දී එතනින් යන්න ඕනා උණත්...කකුල් හොළවා ගන්නවත් බැරි වෙද්දි ඇස් වලට පිරිලා එන කදුළු නවත්වාගන්න එක තප්පරේකට ඇස් දෙක තද කරලා පියා ගන්න ගමන් හොඳ කෙල තලියක් ගිල්ලෙ අත් දෙකත් මිටමොලවාගෙන...

"ඒ...සුවහා...ස්.....මචන්....ඔහොම හිටපන්...මගෙත් එක්ක යමං.. මන් ඩ්‍රොප් කරන්නම්..."

ආපහු ඇස් ඇරලා තමන්ට නුදුරින් ඉන්න රයින්හාර්ඩ් ජෝඩුව දිහාට ඇස් යැව්ව කෙනුල එතනින් එන්න හැරුණත්...නොහිතපු දෙයක් සිද්ද වෙද්දි..ඔහුගේ මිතුරෙක් උණ හෝටල් අයිතිකාරයාගේ පුතෙක් උණ මිතිල ඔහුගෙ නම සද්දෙන් කෑ ගහන ගමන් දුවගෙන එද්දී කෙනුල එක තප්පරෙන් රයින්හාර්ඩ් ජෝඩුවට පිටුපාලා හිට ගත්තා...මිතුරා ඒ පිම්මට ඔහු ළඟ ඉද්දී තව මොහොතක්වත් එතන නොරැදුණ කෙනුල පය ඉක්මන් කරලා එතනින් එද්දී දුවන් ආපු මිතුරා කෙනුළගේ කරට අතක් දාගන්න ගමන් ඔහු එක්ක එකපෙළට වැටුණා...

"මොකෝ බං... උඹ අසනීපෙන්ද...මූණත් එක්ක සුදුමැලි වෙලා...."

......

"ඈ බං මොකෝ මේ...ආ ඒකනෙමෙ...උඹ දැක්කා නේද reception එකේ හිටපු පොරව...air balloon piolet කෙනෙක් බං...සල්ලි කඳ..උඹ දන්නවත් ඇති...ඉස්සර උඹලාගේ ගම් පළාතේ හිටියෙ..පොරගෙ පපා අපෙ පපාගේ හොඳ යාලුවෙක්..මෙහෙ ගෑනියෙක්ව මැරි කරේ..අපෙ අනුරාදපුරේ හොටෙල් එකේ වෙඩිම තිබුණෙ...දැන් අවුරුදු 2කට විතර කලින්..."

......

"එහෙම මරු නේ ඕයි...මෙහෙන් කසාදෙකුත් කරන්..හිතුණොත් එහෙ හිතුණොත්..මෙහෙ...දැන් නම් හැබැයි baloon යන්නෙත් නෑල්ලු පොර..මැරි කරලා ජර්මන් ගියාට පස්සෙ ඔය ආවමලු...මන් ඉස්සෙල්ලා කතා කරා..මං කඩ්ඩෙන් කියවද්දී තරහා නැත්තං අපි සිංහලින් කතා කරමුද ඇහුවා කියපන්කෝ... මාව ඩිම් උණා අඩේ...මෙහෙ උන්ටවත් බැරිව ඇති එච්චර හොඳට කතා කරන්න..කවුරු උණත් හොඳට උගන්නලා...මොකටද ආවෙ ඇහුවාම private වැඩකට ආවාහ් කිව්වේ...කතා කරාම කතා කරාට අපෝ පුදුම ලොකු කම බං උගෙ..."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now