👑🌺 කිරුළ 24 🌺👑

710 118 119
                                    

"කිරුළු..."

......

"කිරුළු..... බබා...කෝ ඔයා....ඇතුලට එන්නද..."

"මේ එනෝ...වාඩිවෙන්නකෝ...මං එන්නම්..."

"යේ...සුද්දා මාමි ආවෝ...දූනිගේ සුද්දා මාමි ආවෝ....චුක්කො ගෙනාවෝ...බූණියෙක්.... ඕකු බූණියෙක්....."

මං උන්නේ ගේ පිටිපස්සේ බැරල් එක ළඟට වෙලා වළං තොගයක් එක්ක ඔට්ටු වෙවී වෙද්දී  ඊයේ රෑ පාරවල් දිගේ පිස්සුවක්
කෙලලා ඇවිත් මනෝපාර සැරටම වැදුණ නිසා වළං ටික සෝදන්න වෙනදට වඩා දෙතුන් ගුණයක් වෙලා ගියා මදිවට දුර ගිය සිහිකල්පනාවට පිංසිද්ද වෙන්න මං හිටියෙ හතර අතේ දැලි නාගෙන වෙද්දී ගේ ඉස්සරහා  පැත්තෙන් ඇහුණ එයාගෙ කටහඬත් එක්ක බිම උණ්ඩි ගහන් උන්න මං අතේ තිබ්බ කළු ගැහුණු පොල් කොහු කෑල්ලත් පැත්තකින් තියලා හිනා වෙවීම උන්න තැනින් නැගිටින ටිකටත් පොඩි එකී කෑ ගහගෙන ගේ වටෙන්ම මිදුලට දිව්වා....

මං එහෙමම කලබලේට අත් දෙකත් සෝදන් සෝදපු වළං ටිකත් අරන් කුස්සි කෑල්ලට යන්න එන ගමන් පිටිපස්සේ දොරෙන් සාලෙට එබුණේ ඒ පැත්තෙන් නුපුරුදු කටහඬකුත් ඇහුණ නිසා වෙද්දී සාලේ පුටුවක ලෙවින් සර් ළඟින්ම වාඩිවෙලා ,සර්ගේ ඔඩොකුවේ තඩි බෝනික්කෙකුත් බදන් උන්න පොඩි එකීව හුරතල් කරන ගමන් උන්න ලියා මිස්ව දකිද්දී මං ඇතුලට තියපු අඩිය එහෙමම තියෙද්දී ගල් ගැහිලා බලන් උන්නා...මෙයා මොකද මෙහෙ හිතෙද්දීත් ඒ තප්පරේම මගේ ඔළුවට ආවෙ සර්ගේ හීන අස්සෙ තිබුණ පුංචි පවුල වෙද්දී, මං මෙතනට ආවා කියන එක වගේ වගක්වත් නැතිව,මගෙ පපුව රිදෙන තරම ගැන අදහසක්වත් නැතිව ඒ පුංචි පවුල එයාලගේම සතුටු ලෝකෙක අතරමං වෙලා හිටියා..

ලෙවින් සර් ගාණක්වත් නැතිව අර තෙත පිටින් උන්න පොඩි එකිව අත් අස්සෙ මිරිකගෙන හුරතල් කිය කිය ඉඹ ඉඹ ඉද්දී ලියා මිස්ගෙ ඇස් ඇවිත් එකපාර මං ළඟ නැවතුණා...ප්ලාස්ටික් පුටු කෑල්ලේ වාඩි වෙලා උන්න එයාගෙ ඇස් එක එල්ලේ ඇවිත් ඇස් මානෙන් තිබුණ මගෙ කකුල් දෙකේ ඉඳන් උඩට ආවා...අතේ තියෙන වළං ටිකත් පහු කරන් උඩට ආපු ඒ ඇස් වලට මගෙ ඇස් අහුවෙද්දී බාප්පගෙ පරණ සරම් කෑල්ලක් කැහැපොට ගහගෙන උඩටත් ඇඳුමක් නැතිව දැලි වළං උස්සන් උන්න මගෙ ගැන එයා මොනවා හිතනවාදෝ කියන එක ගැන ලැජ්ජාවකටත් වඩා හීන මානයක් වගේ දෙයක් ඒ තප්පරේට මට ඇති වෙද්දී හෙමින් සීරුවේ උඩට ආපු ඒ ඇස් වලින් මං පිළිකුලක් අපහාසයක් වගේ දෙයක් බලාපොරොත්තු උණත් , ඒ ඇස් වල එහෙම සලකුණක්වත් නොවෙද්දී..අපෙ ඇස් ගැටෙන තප්පරේ ලියා මිස් අතකුත් උස්සලා වනන ගමන් මං එක්ක කටපුරා හිනා උණා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now