👑🌺 කිරුළ 3 🌺👑

1K 149 58
                                    

යාන්තං උදේ 6 පහු වෙද්දි පුරුදු වෙලාවට කෙනුල ඉස්කෝලෙ යන්න ගෙදරින් ආවා...කිලොමීටර් 1.30 විතර දුරින් තිබුන ඉස්කෝලෙට ගෙදර ඉඳන් පයින් යන්න විනාඩි 10ක් 15ක් ගත උණත් උදේ පාන්දර විට ටික දාන්න ඉස්කෝලෙට යන්න කලින් ඒ වගේ දෙතුන් ගුණයක දුරක් ඇවිදින්න කෙනුලට සිද්ද උණා...කිරි කොකා වගේ උදේ පාන්දරම ගෙදරින් ආවත් කෙනුල හැමදාම ස්කූල් එකට ගියේ අන්තිම විනාඩි 5හේ දාඩියත් පෙරාගෙන...

ඒ ලෙවල් කරන්න තරම් යන්තන්වත් ඕලෙවල් පාස් උණ හැමෝම කිලෝමීටර් 7ක් 8ක් දුර තිබුණ ටවුන් එකේ ස්කූල් එකට යද්දි ගණන් දෙන පොරොන්දු පිට නමට විතරක් ඒලෙවල් කරන්න හිතපු වගේම කෙනුල වගේම නැති බැරිකම නිසාම ගමේ ඉස්කෝලෙ නතර උණ කීප දෙනෙකුත් එක්ක,ඔක්කොම 10ක් විතර උණ ළමයි එක්ක ඕලෙවල් මහ ඉහලින් පාස් උණත් කෙනුලටත් ගමේ ඉස්කොලෙටම යන්න උණා..

දැනටමත් ඔක්තෝම්බර් මැද වෙද්දි ලබන අගෝස්තුවේ විභාගේ වෙනකං අවුරුද්දකටත් අඩු කාලයක් තියෙද්දි, විෂයන් 3ම කරේ සිංහල කරන්න හිටපු ඉමල්කා ටීච විතරක් වෙද්දි ස්කූල් එකේ හිටපු ටික දෙනාගෙනුත් වැඩි හරිය ඉස්කෝලෙ ගමන දැනටමත් නතර කරලා තිබුණා..ළමයි එකා දෙන්නා කොහොම නතර උණත්, ටියුෂන් ක්ලාස් එකක් පැත්ත පළාතේ නොගියත්, කැම්පස් හීනයක් නොතිබුණත්, ඉමල්කා ටීචගෙන් දන්න දෙයක් හරි ඉගෙනගෙන පාස් කියන්න හරි ඒලෙවල් පාස් වෙන අධිෂ්ඨානෙන් බාප්පගෙන් ගුටි කකා හරි කෙනුල දිගටම ඉස්කෝලෙ ගියා.....

වෙල මැද්දෙන් කෙනුළලාගේ ගේ ළඟට විතරක් තිබුණ පුංචි අඩිපාර දිගේ මිටර් දෙසීයක් විතර ඉස්සරහට ආපු කෙනුල එතනින් වමට හැරුණා...පාර දෙපැත්තෙම කුඹුරු යාය වෙද්දී, පාරෙ වම් පැත්තෙ කුඹුරු යාය පහුකරන් එතනින් ඉස්සරහට යද්දි වම් අතටම වගා ඇලකුත් එක්ක සමාන්තරව ගම ඇතුලට යන පාර වෙද්දි එතනින් එහාට කුඹුරු යාය දිගටත් සුදු බංගලාවේ වත්ත දිගටත් ,එතනින් එහා ආයි කුඹුරු යායක් දිගටත් කිලෝ මිටරේකට කිට්ටු දුරකින් තිබුණ තාර පාරට යන පාර වැටිලා තිබුනා...

ගමට හැරෙන ඇල ළඟ පාරත් පහුකරන් ඉස්සරහට ආපු කෙනුලගේ ඇස් නොදැනිම ගිහිං ඈතින් පේන සුදු බංගලාව ළඟ නතරවෙද්දී නොදන්න හේතුවක් කෙනුලට ඉබේම හිනාවක් යද්දි විට දාපු කලුපාට ටියුලිප් බෑග් එක කිහිල්ලෙ ගහගන්න ගමන් තදට තදේ හිරවුණ දිග සුදු කලිසමේ සාක්කුවට ඇගිලි දෙකක් බොහොම අමාරුවෙන් රිංගවලා ගෙදරින් එද්දී පොඩි එකීට හොරෙන් අරන් ආව පුංචි නිධානේ හෙමින් සීරුවේ සාක්කුවෙන් එළියට ඇද්දා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now