👑🌺 කිරුළ 38 🌺👑

739 122 74
                                    

"අඩෙහ්... උඹ මොකද අද මෙහෙ...සයිට් එකට යනවා කියලනේ කිව්වේ.."

......

"ඒ මොකෝ අවුලෙන් උඹ.."

"නෑ.. හ්..මොකුත් නෑ බන්.."

මං උන්නේ හොටෙල් එකේ මිතිලගේ රූම් එකේ ඉඳගෙන ලෙවින් සර්ගේ වැඩ වල ෆයිල් එකකුත් දිග ඇරගෙන ලොකු කල්පනාවක..කිව්වත් වගේ අද සයිට් එකේ ඉන්න ඕනා දවසක් උණත් බොරු හේතු හදන් මං අද මෙහෙ ආවෙ පුද්ගලික කාරණාවකට වෙද්දි මට මිතිලට දෙන්න උත්තර තිබුණෙ නෑ..

"ශුවර්ද..බලපන් උඹෙ හැටි..අර සුද්දා ආපු දවසෙ ඉඳන් උඹ සිහියෙන් නෙමෙ ඉන්නෙ..දැන් එදා මොකෝ උණේ ආ..තනියම කතා කරන්න හයියක් නැතිවද තෝ අපි එහෙ මෙහෙ උණ ටිකට බේබද්දා වගේ ලෙසටම ගැහුවේ...ඉන්නෙ නම් අමධ්‍යපා සංඝමේ සභාපති වගේ...ඒ උනාට කොහොමද වතුර බොන්නා වගෙනේ ඒ ටිකට උඹ ගහලා තිබුණෙ...මොන තරහක් පිට කරාද උබ ආ...!!හරි මොකක් හරි..උඹ ඌ එක්ක කතා කරන එක කෙසේ වෙතත් රන්ඩු උණේ නෑනෙ...ඌ උඹව එක්ක යන්නම් කිව්වම මට එපා කියන්න බැරි උණා...අනික උඹත් ගියානේ එල්ලීගෙන යමු කියපු ගමන්..කොහොමහරි ප්‍රස්න ඉවරද දැන්.."

දවස් දෙකකට කලින් පාටියෙන් පස්සෙ සර් එක්ක ගෙවුණ රැය ගැන මිතිල ප්‍රස්න කරද්දි මට මහ බරට සුසුමක් පිට උණා...රැය ගැන නම් මං දන්නේ නෑ..මට මතක නෑ...මතක දේවල් ගැන නිකං බොඳවුණ  හිනයක් වගේ හැඟීමක් හිතට දැනුණා..මොන මොනාදෝ කියෙව්වා මතක තිබුණත් ඒ දේවල් ඇත්තට කිව්වද..හිතෙන් විතරක් හිතුවද..නැත්තං හිනෙන්ම දැක්කද කියලා පැහැදිලි හැඟීමක් මට තිබුණෙ නෑ..ඒත් එළිවෙද්දී හිත අස්සෙ මුල්ලක හංගලා තිබුණු මතක් කරන්න අකමැති මතකයක් ආපහු උඩට ඇවිත් තිබුණා වගේම අඳුරු කාමරේක හිර කරන් ඉඳලා හිටි ගමන් එළියට දැම්මා වගේ හෝන්දුමාන්දු ගතියක් මට දැනුණා...

කොහොම උණත් උහුලන්න බැරි ඔළුවේ කැක්කුමක් එක්ක ඇස් අරිද්දී..යාන්තමින් තිබුණ මතකෙකුත් එක්ක පපුව වම් පැත්තෙන් ආපු වේදනාවකුත් එක්ක ඇස් අරින මං බලාපොරොත්තු උණේ මගේ එහා පැත්තෙන් ඉන්න එයාව උණත්, එයා වෙනුවට ළඟ උන්න කෙනා දැකපු මට ඒ එක්ක හොටෙල් කාමරේ ඇස් වලට අහුවෙද්දී ආපහු අමිහිරි මතකයක් හිත අස්සෙ හොල්මන් කරන්න ගත්තා...වෙන කවුරුත් නෙමෙ බලාපොරොත්තු නොවුණ විදිහට ළඟ උන්නේ දෝනි වෙද්දී මං දෝනිව තුරුලු කරගන්න ගමන් කාමරේ පුරා ඇස් යව යව එයාව හෙව්වා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now