👑🌺 කිරුළ 39 🌺👑

731 119 72
                                    

"දෙවියනේ..දරුවෝ...!!"

"ආ..ආරි මාමේ.."

"අනේ ඇයි දරුවෝ මේ...!!"

"ම..මං හැම තැනම හෙව්වනේ.."

"මාව..!!"

මං ගෙදර ආවා..හොයලා හොයලා ඇතිවෙලා හිස් අතින්ම ගෙදර ආවත් මං එද්දීත් කවදාවත් නැතිව ඇරලා දාලා තිබුණ දොරෙන් ඇතුලට අඩිය තියද්දීම සෝෆා එකේ වාඩි වෙලා තේ එකක් බොන ගමන් උන්න ආරි මාමාව දැකපු හැටියේ මං එහෙම්මම දොර පඩිය උඩ වාඩි උණේ අඬාගෙන වෙද්දී තේ කෝප්පෙ පැත්තකින් තියපු ආරි මාමා මං ළඟට දුවන් ආවේ කලබලෙන්...නොදන්න ලෝකෙක තනි වෙලා ඉද්දී දන්න  කෙනෙක් මුණ ගැහුනා වගේ හැඟීමක් මට දැනෙද්දී මං මේ තරම් වෙලා හිර කරන් උන්න කඳුලු වලට ඔහේ ගලන් යන්න ඉඩ දුන්නා..

"මා..මාම කියන්න දන්නේ නෑ..සර්ගෙ බඩු අරන් ගියා කිව්ව කෙනාව...මා..මාමා නේද හො.. හොටෙල් එකට ගියේ..."

"මං තමා කොල්ලො..මේ බඩු අරන් කෙලින්ම මෙහෙට ආවෙ..කෝ දැන් අඬන්නේ නැතිව එන්න ඔතනින් නැගිටලා.. අර වැඩට ඉන්න කෙනා කිව්වෙ පොඩි දරුවා නිදිලූ..සද්දෙට  ඇහැරෙයි...කෝ එන්න.."

"ම්ම්..මෙහෙ..!!"

"හ්ම්..සර් තමා කිව්වේ කියන්න එපා කියලා..කිවුවොත් ඔය දරුවා කැමති වෙන එකක් නෑ කිව්වේ..ඒ නිසා කලින් කියන්න එපා කිව්වා..මෙහෙ ඇවිත් පුතා එනකං ඉන්න කිව්වා කෝල් කරලා කරදර කරන්න එපා කිව්වේ වැඩ පාඩු කරන් දුවන් එයි කියලා.."

"ස්..සර්...ඒ..එයා...මට නොකියාම ගිහින් මාමේ...මං..මං හරි නපුරු උණා...ඒ..එයා තරහා වෙන්න ඇති.. දුක හිතෙන්න ඇති... ආ..ආයි එන්නෙ නැද්ද..බ..බඩුත් අරන් යන්නේ...ඒ..ඒක කියලා යන්නද මාමව එව්වෙ.."

මං පාරක් පාරක් ගානේ හොයද්දී මාමා ඉඳලා තියෙන්නේ මගේම ගෙදර කියලා දැන ගද්දී මං පුදුම උණා...ඒ අස්සෙ දැන් ටිකකට කලින් පාරක් ගානේ ඇවිදපු හැටි මතක් වෙද්දී මට මාව වෙනුවට සර්ව මැවිලා පේද්දි...එහෙම මාව හොයපු සර් මේ වතාවේ යන්න ගියේ ඒ හෙවිල්ල සදහටම නතර කරලා මං නැතිව ඉන්න හිත හදාගෙනදො හිතෙද්දි මගේ පපුවත් එක්ක හිර උනා..ඒ හැඟීම මගේ කඳුලු තව අලුත් කරද්දි ආරි මාමා මාව වත්තන් කරන් ඇවිත් සෝෆා එකෙන් වාඩි කරවලා මන් දිහා බලන් උන්නේ අනුකම්පාවෙන්...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now