ජීවිතේ මේ තරම් කාලෙකට ගෙවුණ අමාරුම පැයවල්, අමාරුම දවස් ගෙවිලා යන ගමන් තිබුණා...සමහර දේවල් නොදැන, තේරුම් නොගෙන ඉන්න එක හොඳයි කියලා දවස් ගාණක් පුරා හිත අස්සෙ වදදෙන අරගලේ නිසා මට තේරුම් ගියා..කොයිතරම් ප්‍රස්න තිබුණත් අමාරුවෙන් උණත්,එහෙම දේවල් නොවුණ ගාණට අමතක කරලා උන්න මගේ හිතේ නිදහස, ජීවිතේ මුල් වතාවට නැති කරන ගමන් මගේ වැඩ සේරම අවුල් වෙලා,මගේ නින්ද පවා නැති කරලා දාලා තිබුණා..
'කොළුකාරයෙක්ද...'
'මමත් එහෙම කෙනෙක්ද..'
'ඇයි මට පිරිමියෙක් ගැන ආදරේ හිතුණේ...'
'මගෙ හැඟීම් දන්නවා නම්...එයා මං ගැන මොනවා හිතයිද..'
'මිනිස්සු මට මොනවා නොකියාවිද....'
'එහෙම වෙන එක ලෙඩක්ද..'
'මේ වගේ හැඟීම් තියන් එයා ළඟ ඉඳලා මොනවයින් මොනවා වෙයිද...'
මේ දේවල් ගැන මගෙ දැනුම අල්ප වෙද්දි , මං තේරුම් ගත්ත ඇත්ත මට දරාගන්න බැරි වෙද්දී...ඒ වගේ ප්‍රස්න මහ ගොඩක් හිතට වද දුන්න නිසා...එදා එයා මුණ ගැහිලා දවස් කීපයක් ගෙවෙද්දීත් මං එයාව මඟ ඇරියා...නොවැම්බර් අන්තිම ගෙවිලා යන ගමන් එයාව මුණ ගැහිලා මාස 2කට කිට්ටු කාලයක් ගෙවෙන ගමන් තියෙද්දි, මගෙ හිතට තේරුම් ගිය ඇත්ත පිළිගන්න බැරි කමට, ඒ ඇත්ත හිතේ තියන් එයාට මූණ දෙන්න බැරි කමට මං කලින් දැනුම් දීමක් නැතිවම එයාව මඟ ඇරියා...කලින් දවස් ගාණක් අලි වැස්සෙත් එයා එක්ක ඇලේ නාලා තිබුණත්,පටන් ගත්ත වැහි කාලෙ හේතුවක් කරගෙන මං පෑව්වත් ඇලේ නොයා හිටියා...කොහෙ හරි යන්න උණත්,පුරුදු පාරෙ නොයා වෙළෙන් පැනලා බංගලාවේ සීමාව පහුකරා..
එයාව මඟ අරින්න හේතුවක් දුන්න නිසා
වැස්ස පටන් ගත්ත එක ගැන සතුටු උණත්,
වැස්ස කියන්නෙත් දුප්පත් මිනිහගෙ බඩට හොඳ පාරක් වෙද්දි දවසින් දවස ජීවිතේ තවත් අමාරු උණා...මුලින් රෑ වෙද්දී වැහැපු වැස්ස ටිකෙන් ටික දවල් දවසත්,උදේ වරුවත් ආක්‍රමණය කරද්දි අම්මට පොඩි එකී එක්ක කඩේ අරින්න යන්න බැරි උණා...වැස්සේ තෙමි තෙමී හරි මං ගිහිං විට ටික කඩේට දැම්මත්, ඒවා ගන්නත් මිනිස්සුන්ට එළි බහින්න බැරි වෙද්දි වැඩි හරිය ආපහු රිටන් උණා..
VOUS LISEZ
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 Complete 💚❤️ Yizhan ❤️💚
Fanfiction🪂🌷👨🏻🦱👨🏻🦰 FF/Non FF 👨🏻🦱👨🏻🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමි උඩුගම් බලා.... Start - 2023 .12 .27 End. - 2024 .04 .02