👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑

579 69 54
                                    

මං උන්නේ බංගලාවේ කුසියේ දවල් කෑම හදපු භාජන සෝදන ගමන්...ආපහු මුණ ගැහුණ මුල්ම කාලෙ අපෙ ගෙදරයි බංගලාවෙයි මාරුවෙන් මාරුවට හිටියට
දැනට අපි තුන් දෙනාගෙ ස්ථිර පදිංචිය මෙහෙ...අපි කියන්නේ මගෙ සුදු හබියයි දෝනි මැණිකයි මමයි...අපි මැරි කරලා අවුරුදු දෙකකටත් කිට්ටුයි...

අපෙ පොල් අතු පැල එහෙමම තියෙද්දි එයාගෙ සහයෝගේ එක්ක මගේ තනි වියදමෙන් තාත්තා කපපු ගෙපල තිබුණ තැන අම්මලාට පොඩිවට ඒත් සැප පහසුවට ගේ හදලා දුන්නා...දරුවෝ කූඩුවෙන් ඉගිලිලා ගිහිං තියෙද්දි ඒ දෙන්නා නිදහසේ ඒ ගෙදරට වෙලා අපිට පේන මානේම හිටියා..

නිදහසේ කිව්වට අපෙන්ම කාලා ඇදලා නිකන්ම කම්මැලි කමේ පුටු උඩට වෙලා ඉන්න බෑ කියලා කෙදිරි ගද්දී මුළු ජීවිත කාලයක් වැඩ කරලා කරලා නිකං ඉන්න එකේ අමාරුව දන්න නිසාම අපි දෙන්නාගේ මැදිහත් වීමෙන් එයාලට ස්වයන් රැකියා ඒජන්සියක් දාලා දුන්නා...පහන්තිර ලියුම් කවර ඔය අනම් මනම්..ඉස්සර පිට ඒජන්සියකින් ණයට රෙදි ගෙනත් පහන්තිර අඹරපු අම්මා දැන් ගමේ නැති බැරි ගොඩ දෙනෙක්ට එදා වේල හොයා ගන්න අත දුන්නා...ලොකුවට මහන්සියක් වෙන්න දෙයක් නෑ ඉතිං...හදන්න බඩු දෙන්නයි හදපු බඩු ගන්නයි තියෙන්නේ...ගන්න බඩු කඩවල් වලට දාලා සල්ලි කරන වැඩේ ඉතිං සිද්ද උණේ සර් ළඟ වැඩ කරන අය අතින්...

අපි මොන වැඩ තිබුණත් උදේ හවස ආවා ගියා..ෆුල් එකක් එක්ක සුපිරිගණේ බාත්රුම් දෙක තුනක් තියාගෙන පුරුද්දටයි ආසාවටයි ඇලටම නාන්න යන අපි උදේ බැරි උණත් ආවා නාලා නොවරදවාම අම්මලගෙ ගෙදර ගියා...හිතුණොත් එහෙම රෑටත් ඉඳලා බැලුන් යන්න ඕනා නිසා පාන්දර බංගලාවට ගියා...ඉස්සර නම් බප්පා එක්ක අම්මා ගෙදර තනියම දාලා එළි බහින්නවත් බය උණත් දැන් එහෙම බයක් තිබුණෙ නෑ... බප්පා දැන් ඉස්සර වගේ නෑ...නරක හැමදේම හොඳ දේවල් වලින් වහන්න වගේ බාප්පත් අනික් අය වගේම වැරදි හදාගෙන අම්මාව බලා ගත්තා...

"තාතී.... දූනිට තේ ඕනා...තේ ඕනා හදන්නකෝ..."

"කෝ දැන් අලවලා ඉවරද.. දැන් තේ බිබී ඉන්න ඕනා නෑ දරුවෝ..නාලා ආචම්මා ගෙදර ගිහිං තේ බීලා එමු.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now