part 1

216 19 23
                                    

සාගරේ හඩ දිගේ... මේ ගග ගලනව නම්
මං නුඹේ නුඹ මගේ... අපි අපේ විතර නම්....

මැණික...

සිංදුව අස්සෙන් ලොකු කල්පනාව හිටපු මම මේ ලෝකෙට ආවෙ ඒ කටහඬ ඇහිල..ඒ තමයි මගේ ඒන්ජල්.. මං දැකපු, විදපු ලස්සනම ආදරේ අයිතිකාරි.. එරන්දිමා රණබාහු.. මගේ අම්මා..

මැණික මොනවද ඔච්චර කල්පනා කරන්නේ.... ප්‍රශ්නයක් ද රත්තරන්ට..

අනේ නෑ අම්මා... මං හොදින්, මට විභාගෙ ඉවර නිසා අපි මීගමු යමුකො අම්මා.. තාත්තිට කියන්නකො එන්න කියල.. හැමදාම එනව කියල බොරු කියන්නෙ.... එයාට කියන්න මේ පාර ආවෙ නැත්තම් මැණික ආයෙ එයා එක්ක කතා නෑ කියල....

බුදු අම්මේ, මේ පොඩි එකාට තරහ යන තරම්...හරි මං කියන්නම් තාත්තිට එයාගෙ මැනිකව බලන්න එන්න කියල.... අලුත් රෙස්ටුරන්ට් එක පටන් ගන්න කලින් එන්නම් කියල මට උදෙත් කිව්වා.. ඒ නිසා මැනික අවුලෙන් ඉන්න එපා.... තාත්ති එවි...

බලමුකෝ... ආවෙ නැත්තම් මිස්ටර් නුවන් ජයවික්‍රම ගැන මං ආච්චි අම්මට කියල දානො... දන්නෑ මැණිකගෙ හැටි..

හාකො හාකො.. ඕවා තාත්තල පුතාල බේර ගන්න.. මං නෑ ඕවට.. මැණික ඔයාට සමපෝශ හැදුවා කන්න යමූ

අනේ මගෙ සුදු හාමිනේ... ඔයා තමයි බෙස්ට්ම.... සමපෝශ මං එනෝ.....

මැනික පරිස්සමෙන්.... දුවන්න එපා ලමයෝ...

තඩි සමපෝශ ගුලි 3ක් කෑව මං එහෙම්ම ම එලියට ඇවිත් ඇහැල මල් ගහ යට බංකුවෙ වාඩි උනා.... ඔයා බලන්නෙ මේ පෙරේතය කවුද කියල නේද... මම විහස්..

             විහස් තේනුක ජයවික්‍රම ( විහා )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

             විහස් තේනුක ජයවික්‍රම ( විහා )

මං තමයි පවුලේ එකම ලමයා...  වයස දැනට 16 යි.. මං ඉන්නෙ ගාල්ලෙ..

මං ඇවිත් ගොඩක් ලොකු සල්ලිකාර පවුලක කෙනෙක් නෙවෙයි.. අම්ම නර්ස් කෙනෙක්, තාත්ති හොටෙල් එකක assistant manager  කෙනෙක්... අපි හරි ආදරෙන් ඉන්න පවුලක්... 

"මැණික ඔයාට කෝල් එකක්... "

කවුද අම්මා...

"ආදිත්‍ය කතා කරන්නේ..... ඉක්මනට එන්න"

මේ එනෝ...
 
"ආහ් ලොකු මහත්තයා... මොකෝ අපිව මතක් වෙලා... විභාගෙ ඉවර උනත් හරි එක මැසේජ් එකක් දැම්මෙ නෑ පරයා.. දැන් මොකෝ මේ මතක් වෙලා.."

"අඩෝ විහා..... අනේ මට බෑ බං යන්න"

අඩෝ ආදි මොකද උනේ.. ඇයි උබ අඩන්නේ... කොහෙද යන්න බෑ කියන්නෙ...හරියට කියපන්..

" අනේ විහා තාත්තට ට්‍රාන්සර් එකක් ඇවිත්  කුරුණෑගලට.. එයා අපිත් අරං එහේ යන්න හදන්නේ.. අනේ මට බෑ බං යන්න.. උබව දාලා, දෙව්මි දාලා මට යන්න බෑ බං..... ජනවාරි 15 වැඩ බාර ගන්න ඕනලු.. අනේ මාව අරන් කොහේ හරි පලයන් කෝ විහා... අනේ පලයන්කෝ..."

ගිනි දවාලෙ හෙනයක් ගැහුවා වගේ..... ආදි නැතුව මං කොහොමද ඉන්නේ....

නිමේශ් ආදිත්‍ය ගමගේ.. මගේ පරම මිතුරා, අපාය සහයකයා.. අපි මොන්ටිසෝරි එකේ ඉදන්ම යාලුවො.... එයාගෙ අම්මා ටීචර් කෙනෙක්, තාත්තා පොලිසියේ... SI කෙනෙක්... ඌට ඉන්නව නංගියෙක්... එයා පාරමී අහිංසා... එයා තාම 8 වසරෙ...   අපි තුන්දෙනාම එකම ඉස්කෝලේ, අපි ඕලෙවල් ලියල ඉවර කරේ ලගදි, තාම ප්‍රැක්ටිකල් තිබුනෙත් නෑ... දැන් නම් මගේ ඔලුව පුපුරන්න වගේ.....

"හරි හරි ආදී... පොඩ්ඩක් ඉදපන් මං අංකල්ට කතා කරන්නම්..."

"එපා එපා විහා.. තාත්තා තරහෙන් ඉන්නේ.. ඔය ගැන කතා කරන්න ගිහින් මටත් ගැහුවා....ඔන්න මට කතා කරනො, මං ගිහින් බලන්නම්... හවසට මං එන්නම් විහා... බායි.. "

           නිමේශ් ආදිත්‍ය ගමගේ ( ආදි )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

           නිමේශ් ආදිත්‍ය ගමගේ ( ආදි )

කෝල් එක කට් උනාට පස්සෙ උනේ මොකද්ද කියල හිතා ගන්න බැරුව හිමින් හිමින් මං කාමරේට ආවා... ඇදේ හාන්සි වෙලා මේකට කරන්න දෙයක් කල්පනා කරා... මට එහෙම්ම නින්ද ගියා....







හායි ලමයි.....
     පලවෙනි චැපියත් ගෙනාවා.. හොඳයි ද කියල කියාගෙන යන්ඩෝ.... 😁


සිලිලාරWhere stories live. Discover now