part 11

43 11 12
                                    

ඒ හිටිය කෙනා දැක්කම මම පස්සට විසි වුනා වගේ මට දැනුනේ.... යකෝ ඇයි මටම මෙහෙම වෙන්නේ..........

ඒ කෙනාට තරහ ගිහින් මට ගහන්න අත උස්සන කොටම මං කෑගැහුවා ...

ගෞරව් අයියේ..............



ගරූ pov...........

ස්කෝලෙ වැඩත් එක්ක බිසී වෙලා හිටිය මං තවත් හිර වුනේ ඔෆිස් එකේ වැඩත් ගොඩ ගැහුන නිසයි....... ඒකෙ ප්‍රශ්න එක්ක මං ගොඩක් මෙන්ටලි අවුල් වෙලා හිටියෙ.... එහෙම ඉද්දි තාත්තා කෝල් කරා...

"හලෝ ගරූ... පුතා ඔයා බිසීද.... "

"නෑ තාත්ති කියන්න... "

"පුතා ඔයා හෙට ගාලු යන්න ඕන... හෙට අපේ ප්‍රොජෙක්ට් එක බලන්න Mr. Thomas එනවා... මට හිතා ගන්නත් බෑ එයා එනවා කිව්වාම... පුතා හැමදේම perfect තියෙන්න ඕන.... දන්නවා නේ එයා ගැන..."

"Oh my goodness....තාත්ති හෙට එයා එන්නෙ කීයටද.."

"එයා 2ට එනවා කිව්වා... මීටින් එක එයා ඉන්න හොටෙල් එකේම තියාගන්නවා කිව්වා... 3 වෙද්දි මීටින් එක පටන් ගන්නවා.... මේ පාර එයා ඉන්නෙ Light house එකේ...."

"අහ්...හරි තාත්ති මං යන්නම්... මං documents ටිකක්  තාත්තිට මේල් කරා උදේ... තාත්ති ඒක චෙක් කරල බලන්න..."

"හරි ගරූ.. හෙට ක්ලාස්ද පුතේ... මේ වැඩ නිසා ඔයාට ඒ දේවල් මග ඇරෙනවා නේද...."

"අනේ තාත්ති එහෙම නෑ, මට පුලුවන් මේ දේවල් බලා ගන්න... තාත්ති අවුල් වෙන්න එපා....  අහ් කියන්න බැරි වුනා නේ තාත්ති ඔයා මේ පාර ගෙදර ඇවිත් ඉවරයි..."

"ඒ මොකද ගරූ... මං  next week එන්න ටිකට් දැම්මත් එක්ක... මොකද්ද ප්‍රශ්නෙ..."

"ලොකූ අවුලක් තාත්ති................"

"මොකද්ද ගරූ...."

"අවුල නම් ඔයාගෙ මුතුකුඩ මැනිකේ කෝප වෙලා... "

"අහ්... ඒ මොකද ගරූ ඒ........"

"ඒක නම් මන් දන්නෑ තාත්ති..... උදේ ඉදන් ඔයාට බනිනවා.... හේතු අහන්න ගිහින් පොඩී මමයි දෙන්නම හොදට අහගත්තා..... "

"එහෙමද.... මොකද දන්නෑ මුතුකුඩ මැණිකේ කෝප වුනේ.... ආශ්...ශ්.... මට මේ වැඩ නිසා එයා එක්ක හරියට කතා කරන්නවත් වෙන්නෑ ගරූ... දැන් එයාව ගොඩක් මිස් වෙනවා මට.. අයියෝ මේ කෙල්ලත් ඒකටම රන්ඩු වෙන්න බලන් ඇති..."

සිලිලාරWhere stories live. Discover now