part 9

72 14 21
                                    

මගේ කන පැලුනා වගේ... අම්මෝ මුගේ කෑගැහිල්ල.....

"මොකද ආදී කෑ ගහන්නේ...."

"කෑගහන්න නෙවෙයි මට උබේ කන පලන්න හිතෙන්නේ....."

"ඒ මොන මගුලක් කරාටද යකෝ...."

වේගෙන් මං ලගට ආව ආදී, මගේ අතින් ඇදල මාව නැගිට්ටුවා.... මගේ උරහිස් රිදෙන්නම අල්ල ගත්තා....

"මගුල.. මගුල.... තෝ අර වොශ් රූම් එක ලග අරූට ගහල කරපු මගුල ගැන කියන්නෙ.... උබට ඊයෙ රෑත් සිංහලෙන් කිව්වා තේජාන් ගැන මං බලා ගන්නම් කියල... එහෙම කියල දවසක් ගියේ නෑ උබ අරූට ගහල..... උබට පිස්සු ද යකෝ... පිස්සුද.... උබ දන්නවා ඌ තිරිසනා..අමු තිරිසනා, ඌ උබ වටේ කැරකෙන්නෙ උබ අනිත් උන්ට වඩා ලස්සන නිසා.... එක විනාඩියක් ඇති ඌට උබේ මුලු ජීවිතේම කාලකන්නි කරන්න.... උබට තේරෙනවද... කියපන්... කියපන්......"

ආදී කෑගහල මාව තල්ලු කරා... ඌ තරහින්... නැත්නම් මට කෑගහන්නෑ... ඒත් මං ගහපු එක වැරදිද.... ඌ ආයෙ එහෙම අසික්කිත කතා කිව්වොත් මං ආයෙත් ගහනවා.... ආදී මං දිහා බලන් උන්නා... මං දන්නවා ඌ මං එහෙම කරන්න හේතුව දැන ගන්න තමයි ඔහොම මං දිහා බලන්නේ.....ඇස් රතු වෙලා... ඌ දත් මිටි කකා බලන් හිටියා.. මං කතා කරන්න ගත්තා...

"ආදී.........ඌ කියපු කතාව නිසයි මං ගැහුවේ.... ආයෙත් ඒ වගේ වෙට්ට කතා කිව්වොත් මං කනට ගහල විතරක් පාඩුවෙ ඉන්නෙ නෑ.... උබ ඔය තරම් බය උගෙන් මට කරදරයක් වෙයි කියල නම්, මට දැන් බයෙන් ඉදල ඇති වෙලා තියෙන්නේ.... උබ නැති දවසක, ඌ බලෙන් මාව අයිති කරගන්න හැදුවොත්, සත්තයි... ඒ මේ විහා ජීවත් වෙන අන්තිම දවස......."

එච්චරයි... මං චේන්ජින් රූම් එකෙන් එලියට ආවා.... මං ඇවිදගෙන ගියා අපේ ග්‍රවුන්ඩ් එකේ එහා තියන කොහොබ ගහ යටට....

මෙතන හරි නිස්කලංක තැනක්...ලොකු කොහොඹ ගහක් තියනවා.. ඒ ලගම මැයි, ඇහැල, අරලිය ගස් තුනක් තියනවා.. මල් තියන කාලෙට මල් පෙති වැටිලා බිම චිත්‍ර ඇදල වගේ.... තේජාන් නිසා අවුල් වුන ඔලුව රිලැක්ස් කරගන්න හොදම තැන මෙතන....මෙතනට ටිකක් ඈතින් තමයි බුදු මැදුර තියෙන්නේ.... අද උදේ පූජාවට 6 වසරේ පොඩ්ඩෝ හදුන්කූරු 500ක් විතර පත්තු කරල... තාමත් හුලගට ඒ සුවද දැනෙනවා.... ඇස් පියන් පෙනහලු පිරෙන්නම ඒ සුවද ගත්ත මං, කොහොඹ ගහට හේත්තු වෙලාම වාඩි වුනා....

සිලිලාරDonde viven las historias. Descúbrelo ahora