part 6

69 11 6
                                    

ආදී තේජාන් හැපුව තැන අයිස් තියල, ක්‍රීම් එකක් ගෑවා... මං හිමින් ඇදේ හාන්සි උනා...එයා මගෙ ඔලුව අත ගෑවා... මගේ ඇස් හිමීට පියවෙලා ගියා....

"විහා...... නැගිටින්න දරුවෝ..... මං සුප් එකක් හැදුවා..."

"හ්ම්ම්... අම්ම්ම්...."
මට ඇස් ඇරගන්නත් හරි අමාරුයි.... ආදීගෙ කටහඬ ආයෙත් ඇහුන මට..

"හොඳ විහා නේ.... නැගිටිනෝකෝ... මේ සුප් එක බීලා, පෙන්ඩෝල් දෙකකුත් බොමු... කෝ ඉතින්..."

"අහ් හරි ආදී.... චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකෝ..."

"මේක බීල ඉමුකෝ... කෝ එන්න.... "

මං හිමින් ඇස් ඇරල, ඇදේ වාඩි වුනා.... බාතෲම් එකට ගිහින් මූන චුට්ටක් හෝදන් ආවට පස්සේ ආදී මට සුප් එක පෙව්වා... පෙන්ඩෝල් දෙකකුත් බොන්න දුන්නා... මාව රූම් එකේ තියල ඌ ගිහින් අම්මා හදල තිබුන බත් එකෙන් රෑට කාල කිචන් එක අස් කරල ආවා.... බාතෲම් ගිහින් වොශ් එකක් දාන් ආව ආදී ඇවිත් මං ලග වාඩි වුනා....

"දැන් අවුලක් නෑ නේද විහා.... උබ ඇදිල ගිහින් වගේ..... "

"දැන්නම් ඔලුවෙ කැක්කුම අඩුයි ආදී...."

"හ්ම් හ්ම්... එහෙනම් දැන් නිදා ගන්න, හෙට ස්කෝලෙ යන්න ඕනෑ...."

"ඒත් ආදී, හෙට ප්‍රැක්ටිස් නේද..."

"නෑ හෙට නෑ... මිස් එන්නෑ කියල මැසේජ් එකක් දාල තිබුනා... ඒ නිසා හොදට නිදා ගන්න...."

"හ්ම්ම්... ඔයත් නිදා ගන්න ආදී... ගුඩ් නයිට්...."

"ගුඩ් නයිට් විහා...."

Next day..............................#

උණ ගතිය නිසා මට මලා වගේ නින්ද ගියා... මං අවදි වෙද්දි අම්මා ඇවිත්... එයා උදේට උණුවෙන් ආප්ප ගෙනත් තිබුනා.... මට ඒවයෙ සුවද කාමරේට ම ආවා... මං කිචන් එකට යද්දි අම්මයි, ආදියි කතාවක්..

"ආදී පුතේ, අම්මල අනිද්දා යනව නේද... මට ඊයෙ රෑ දිනූ කතා කරල කිව්ව ඔයා යන්නෑ කියල.... "

"හ්ම්ම්... ඔව් එරන්දි අම්මා.. මං කිව්වා මට එන්න බෑ කියල... ඕකට තාත්තියි මමයි ගොඩක් රන්ඩු කරා.. එරන්දි අම්මාම කියන්න මං කොහොමද ඔයාව, විහාව දාලා යන්නේ.... මට එහෙම ගියොත් පිස්සු හැදේවී.. නංගි උනත් ඔය යන්නෙ කැමැත්තකින් නෙවෙයි.... තාත්තිට හැමදේටම වඩා ජොබ් එක තමයි ලොකු... ඒ නිසයි මේ ඔක්කොම..... මං මෙහේ නතර වෙන එක ප්‍රශ්නයක් නෑනේද එරන්දි අම්මා........"

සිලිලාරWhere stories live. Discover now