part 4

85 11 13
                                    

ගරූ pov...
    සතියක් ගෙවිල ගියේ මාව වැඩ ගොඩක් අස්සෙ හිර වෙද්දි... අපේ තාත්තිගෙ බිස්නස් වැඩ වලට මං හෙල්ප් කරා.... මේ ගාලු ආවෙත් ඒ වැඩටම තමයි.. දවස් දෙකෙන් කරන්න තිබුන වැඩේ සතියක් ඇදුනා.... මට යක්ශාරූඩ වෙලා හිටියෙ... 

අපේ කම්පැණි එකෙන් ගාලු වල බීච් එක ලග අලුතින් එපාර්ට්මන්ට් එකක් හදනවා...luxury ටයිප් එකට... තාත්ති මේ දවස් වල ලංකාවේ නැති නිසා මං තමයි මේවා බලන්නේ.... මේක documents වල වැඩකට මං ආවෙ... ඒත් මේකෙ documents වල අවුලක් කියල government එකෙන් කියනවා.... ඒ වැඩ ටික කරල ගන්න කොට සතියක් ගෙවිල... හෙට සදුදා, මං ආයෙත් කුරුණෑගල යනවා...

අද දවසම සිතුමයි, නංගී එක්ක මං හිටියේ... හරි ශෝක් මුන් දෙන්නා... මරා ගන්නෝ හැමවෙලාවෙම.... ඒ වුනාට නංගි මට මාර ආදරෙයි....  එයා හැම වෙලාවෙම කියන්නේ මයුමි අම්මාට කියල මාව ඉල්ල ගන්නව කියල....

" මේ ඩෝල් මාව මයුමි අම්මාට කියල ඉල්ල ගත්තා කියමුකෝ... එතකොට මේ අයියාට මොකද්ද කරන්නේ.."

" ආහ්... ඒක ගැන වැඩිය හිතන්න එපා සංකුට්ටෝ... අපි මේ යකාව පරණ යකඩ වාහනේකට දීලා දාමු... කීයක් හරි ගන්නවත් බැරිය අපිට....."

මගේ හුස්ම හිර උනා ඒ කතාවට බටු ඇටේ වගේ හිටියට මුන් මහ යක්දෙස්සියෝ....මං එහෙමම බැලුවෙ සිතුමා දිහා... ඌ ඉන්නෝ  ගිනි පිබින මකරා වගේ....

"මොකද්ද ගෙම්බියේ කිව්වේ..."
    ඉතින් එච්චරයි...කෙල්ල සිතුමට කලින් රූම් එකට පැනල දොර වහ ගත්තා... මූ දැන් මෙතන ඉදන් ඒකිට බනිනෝ....

"පෙනේද ගරූ, අපේ අම්මියි, තාත්තියි හුරතල් කරන නිසා මේකි හැදිල තියන විදිහ... මෙහෙම ගියොත් මේකි මගේ ගැජට් එකත් විකුනයි වගේ...."

සිතුමා එහෙම කෑගද්දි මං හීමීට ඌ ලගට ගියා....
    " මේ බන් මට සල්ලි ටිකකුත් ඕන නිසා.. අපි හිමීට උබේ ගැජට් එක විකුනල දාමු....."

"ගරූ.... ඔහොම නැවතියන්, දුවන්න එපා... අම්මප මං අද ගහනෝ උබට උන හැදෙන්න...."

"අල්ලයි මගෙ නැට්ට....."  
    එහෙම කෑගහපු මම කාමරේට පැනල දොර වහගත්තා.... හිනා වෙලා බඩත් රිදෙනො..එහෙමම ඇදේ හාන්සි උනා... තාමත් අරූ අරහෙ බනිනෝ... එලියෙන් හීතල හුලං පාරක් ආවා.. එතකොට තමයි මං වෙලාව බැලුවේ, අම්මෝ 5.20...  අද විතරක් මෙහේ ඉන්න නිසා මට හිතුන කොටුව පැත්තෙ යන්න..

සිලිලාරWhere stories live. Discover now