part 12

55 11 12
                                    

ගරූ රතු පාට සරුවත් දෙකකුයි, සමෝසා දෙකකුයි ගත්තා.... මේවට විහස් අකමැති වෙයිදෝ කියලත් ඔහුට නොහිතුනා ම නෙවෙයි....

කෑම බීම අත් දෙකෙන්ම අරන් තමන් දිහාවට එන ආගන්තුක රූපෙ ගැන විහස්ට තිබුනෙ ලොකු පුදුමයක්.. ඔවුන් එකිනෙකා දැක හදුනාගෙන දින 3ක් පමනක්  ගෙවුනත් විහස්ට හිතට අනුව ගෞරව් යනු මින් පෙර කවදා හෝ ඔහුට මුණගැසුන අයෙක්.....  වයස 19ක් වුවත් ඉතා කඩවසම් පෙනුමක් ඇති ගෞරව් යනු ඕනෑම කෙනෙක් දෙපාරක් හැරී බලන විදියේ කෙනෙකි....

විහස් තමන් දෙස බලා සිටිනු දුටු ගෞරව්ගෙ මුවේ ඇති වුනේ ආඩම්බරකාර හිනාවක්.....

"ආහ් මෙන්න.... මේවා රසයි....."
        ගෞරව් තමන් රැගෙන ආ සරුවත් එක විහස්ට දුන්නා..ගෞරව්ගේ කටහඬට තමයි විහස් මේ ලෝකෙට ආවේ...

"අහ්.. තැන්ක්ස් අයියේ...."

"මේවත් ඔයාට... ඔයා සමෝසා වලට කැමතිද කියල නම් මං දන්නෑ... ඒත් මං නම් හරි ආසයි....මගේ ජාතික කෑමක් ඒක"

ගරූගේ කතාව අහන් හිටිය විහස්ට පුංචි හිනාවක් ගියා

"මොකද ඔයා හිනා වෙන්නේ..."

ගරූගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව විහස් බිම බලා ගත්තා...යටි තොල හපන් හිනාව කා ගෙන හිටියා....

"මොකද දැන් බිම බලන් කට තද කරන් ඉන්නෙ.. මොකද හිනාවෙන්නෙ විහස්....."

ගරූ ටිකක් කටහඬ ගැඹුරු කරල ඇහුවා..... ඉක්මනට බය වෙලා ඔලුව ඉස්සුව විහස්, ආයෙ බිම බලා ගත්තෙ ගරූගෙ ඇස් වලට බය වෙලා....

ඕයී ඕයී ගරූ ඔය කොල්ලව බය කරන්න එපා... ගරූගෙ යටි හිත ඌට කෑගැහුවා

"මොකද ඔයා කතා නැත්තේ............"
      ගරූ පොඩ්ඩක් සොෆ්ට් එකට ඇහුව....

"නෑ අය්...ය්යියේ... ඔයා සමෝසා වලට ආසයි කිව්වම මට අර බඩතඩි මාටින් මතක් වුනා.....ඒකයි හිනා වුනේ...සොරි........."

විහස් එයාට බය වුනා කියල ගරූට හොදටම දැනුනා.... ඒ නිසා ගරූ විහස්ව ශේප් කරගන්න හයියෙන් හිනා වුනා...විහස් පුදුමෙන් බලන් හිටියා...හිනා වෙලා විහස්ගෙ නහයට චූටි තට්ටුවක් දාපු ගරූ විහස් දිහා බැලුවා...

සිලිලාරWhere stories live. Discover now