part 2

127 18 24
                                    

" මැණික නැගිටින්න දරුවෝ.... හවස් වෙලා.. "

තව චුට්ටක් ඉන්නම්......

" ගුටියක් දෙන්න කලින් බහින්නයි කිව්වෙ ඇදෙන් බිමට... දවල්ට කෑවෙත් නෑ... මැණික ආයෙ කියන්නෑ.... "

ආශ්ශ්.... හරි හරි අම්මා මං අවදි උනා... වෙලාව කීයද සුදු හාමිනේ...

" වෙලාව 3.30 යි...."

"අඩේ... මට එච්චර වෙලා නින්ද ගිහින්ද.... ආදි එවී තව ටිකකින්... අම්මා බීම ටිකක් හදන්නකෝ.... රස්නෙයි ගොඩක්....."

" හරි මැණිකට බීම හදල දෙන්නම්, ගිහින් වොශ් දාන් එන්න පහලට....

"හරි අම්මා.... ලව් යූ.. උම්ම්ම්ම්මා...."

බාත්රූම් එකට ගිහින් පැය භාගයක් විතර වොශ් දාන්  මං කාමරේට ආවා...ඇවිත් චේන්ජ් කරන් පහලට ගියා බීම බොන්න..

" මැණික ආදි පුතාට මොකක් හරි ප්‍රශ්නයක් ද..."

ලොකු හුස්මක් පහල දාපු මම අම්මාට උත්තර දෙන්න හදන කොටම බයික් එකක් මිදුලෙ ඇවිත් නතර කරා.... ඒ ආදි...

" ආදි පුතානෙ මේ... මං බැලුවා කවුද මේ වෙලාවෙ කියල"

"කොහොමද අම්මා.. මං එනව කියල විහාට කිව්ව, ඇයි ඌ ඒක අම්මට කිව්වෙ නැද්ද්..."
  
"කොහේ කියන්න ද පුතේ, එයා දැන් නිදා ගෙන අවදි උනේ"

"නොදකින් විහා උබ නම්, මං මේ ප්‍රශ්නෙක හිර වෙලා, තෝ මැරිල වගේ නිදා ගන්නව,උබ නම් වැඩකට නෑ..."  ආදි මට කෑගහන ගමන් ඇවිත් මං ලග වාඩි උනා...

'ආදි පුතා මොකද්ද ප්‍රශ්නේ... අපිට කියන්න බැරි දෙයක් නෙවෙයි නම් කියන්න බලන්න'

අම්මා එහෙම ඇහුවම ලොකු හුස්මක් පහල දාපු ආදි සම්පූර්ණ සිද්දියම කිව්වා... අංකල් මුන් දෙන්නා දාන්න ස්කෝල පවා හොයල... හැමදේම රෙඩි කරල තමයි මුන් දෙන්නට කියල තියෙන්නේ.... නංගිත් යන්න බෑ කියල අඩනවාලු.. පව් කෙල්ල... මුගෙ ඇස්වල කදුලු... මූ මාව බදන් ඇඩුව ගොඩක් වෙලා... අම්මාටත් හරි දුකයි වැඩේට... මොකද ආදිගෙ අම්ම අපෙ අම්මගෙ බෙස්ටි....  දෙන්න එකතු වෙලා තමයි හැම වැඩක්ම කරේ.... ශොපින් කරෙ,කෑම හැදුවෙ මේ හැම දෙයක් ම... ඉතින් ඒ නිසා අම්මත් ගොඩක් අවුලෙන්....

සිලිලාරWhere stories live. Discover now