part 8

54 10 9
                                    

One week later...................

ආදිලයි අම්මලා කුරුණෑගල ගිහින් සතියක් විතර වෙනවා...ආදි, නංගි අම්මා නැති නිසා ගොඩක් අවුලෙන් හිටියේ... මට උගේ හිත හදන්න තේරෙන්නෑ... ඌ සමහර දවසට හීනෙන් අඩනවා, හීනෙන් බය වෙනවා.. පව් මගේ එකා.. අපේ අම්මාටත් අවුල් මේ දේවල් වලට...ඒ නිසා අම්මා ආදීගෙ හිතත් ටිකක් හැදෙන්න අපි දෙන්නට කොන්සට් එකක් බලන්න යන්න ටිකට් ගෙනත් දුන්නා...ඒක තිබුනෙ කරාපිටියෙ මෙඩිකල් ෆැකල්ටි එකේ ඔඩිටෝරියම් එකේ.. උමාරියා එහෙම එන එකක්.... අපේ ආදී උමාරියාගේ ඩයි හාට් ෆෑන්... ඒ නිසා යන්න කැමති වුනා....

කොන්සට් එක පටන් ගත්තේ 6.30ට ආදී ගොඩක් ආසාවෙන් ඒක බැලුවා... ඒක ඉවර වුනේ 11ට.... ඉවර වෙලා ආදී උමාරියා එක්ක ෆොටෝ එකකුත් ගත්තා.... ඊට පස්සේ අපි බයික් එකෙන් එන්න ආවා... බයික් එක ගෙනාවෙ ආදී...

"විහා හයියෙන් මාව අල්ල ගනින්..."

"ආදී... ඒ මොකද ...හිමින් යමු... උබට බඩගිනිද..."

"මට ඇති බඩගින්නක් නෑ අල්ල ගනින් මාව.."

උනේ මොකද්ද කියල හිතා ගන්නවත් බැරුව හොල්මන් වෙලා හිටපු මාව ආදී බයික් එක රේස් කරල ගත්ත පාරට කෙලින්ම උගේ කරේ නැවතුනේ...ආදී ගොඩක් වේගෙන් බයික් එක අරන් ආවා..කරාපිටියෙ ඉදල අපේ ගෙදරට ටිකක් දුරයි... ආදී වේගෙන් ඇවිත් අතුරු පාරකට දැම්මා... මේ පාර අපේ ගෙදර පැත්තට යන එක නෙවෙයි....ඒ පාරෙත් වේගෙන් ගිහින්  තාප්ප දෙකක් අස්සෙන් තියන පොඩි පාරකට බයික් එක දාල ලයිට් ඕෆ් කරා.....
 
"මොන මගුලොලොආ..."

"කට වහන් ඉදපන්...."
     ආදී මං කතා කරන්න හදන කොටම මගේ කට වැහුවා...

එතකොට ම එතනින් ගියේ කලු පාට මරුටි කාර් එකක්...ආදී ඒක දිහා තරහින් බලන් හිටියා....ඉදල මගේ කට අතෑරියා...ඇස් පියන් හොඳ හුස්මක් අරන් ඌ මං දිහා බැලුවා.... මට තාමත් මොකුත් හිතා ගන්න බෑ..

"විහා.......... ඒ කාර් එක අපිව ෆලෝ කරා.. තේජාන්ගෙ මිනිස්සු වගේ.."

මගේ ඇස් කෙලින්ම එලියට පැන්නා වගේ... කතා කරන්න ඕන උනත් මොකුත් කියා ගන්න බැරි වුනා...

"ආ... ආ..ආදී.........මොකද්ද ඔයා කිව්වෙ...."

"තේජාන්ගෙ උන් අපිව ෆලෝ කරා...අද විතරක් නෙවෙයි දැන් දවස් ගානක් තිස්සෙ.... අපි යන ගොඩක් තැන් වල ඔය කාර් එක තියනවා... මුලින් මං ඒක ගනන් ගත්තෙ නෑ, පස්සෙ මං කාර් එකේ නම්බර් එක බැලුවා.... ඒ හැම තැනම තිබුන කාර් වල නම්බර් එක සමානයි... එදා රෑ උබයි අම්මයි අපේ ගෙදර ආව දවසෙත් ඔය කාර් එක අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහා අනිල් අංකල්ගේ ගේ ගාව නතර කරල තිබුනා... මං බැල්කනියට ගියපු වෙලාවෙ දැක්කේ.... උබල ගියපු ගමන් මං ඇවිත් බැලුවා කාර් එක තිබුන්නෑ....ඒකෙන් මන් දැන ගත්තා උබේ පස්සෙන් තමයි ඔය කාර් එක එන්නෙ කියල....."

සිලිලාරWo Geschichten leben. Entdecke jetzt