prologue

95 10 6
                                    

තරුන වයසකින් පසු උන ගැහැනු ලමයෙක් වීදියක් හරහා ගමන් කරමින් සිටියේ ලොකු පීඩනයකිනුයි . අඇය නමින් ලිලී උනා .

හුරුපුරුදු මාවතේ සපත්තුවට පෑගෙන කල් කැට එක්ක කෙල්ල හිටියේ හිතේ ලොකු හැගීම් ගොඩක් ගොඩ ගහගෙන . මේ වීදියේ අඇය ගමන් කරන්නේ වසර පහකට පසුයි .

පුන්චි නිවාසයක් උන අඇගේ ලමාකාලයේ ගෙදර ඉස්සරහම  කෙල්ල හිට ගත්තේ ලොකූ හුස්මක් පල්ලැහැට දාන ගමනුයි. ඇගේ පියාගේ උණුසුම් වැළඳගැනීම් නොමැතිකම සහ ඇගේ මවගේ සැනසිලිදායක පැමිණීම පිරවිය නොහැකි හිස්බවක් කෙල්ලගෙ හදවතම වෙලා ගත්තා .

සුසුමක් හෙලන ගමන් විවෘත කර දොරත් එක්ක ජනෙල් වලින් පෙරුන සද ආලෝකය දිරා ගිය ලී පොලොවෙහි හෙවනැල්ලක් වගේ අඇදී යද්දි දූවිලි හැම අතකම පැතිර යමින් තිබුනා .

තවමත් බඩට නොදැනෙන කුසගින්න එක්ක කෙල්ල ප්‍රදාන කාමරයේ ආලොකය සමග අඇදුනේ පුන්චි කාලයේ මතක ගොඩක් පිරුන තමන්ගෙ කුඩා කාමරයටයි. ඒ අතර ජනේලයෙන් පිටත හදිසියේ ඇති වූ මලකඩ හඬකින් ඇගේ සිතුවිලි වලට බාධා විය . අනතුරක සේයාව දැනුන විට ඇගේ හෘද ස්පන්දනය වේගවත් විය

"කවුද ඔතන ඉන්නේ?" කවුරු හරි ඉන්නවද? කරුණාකර මට උත්තර දෙන්න!" කාමරේ කොනකට ගුලි උන කෙල්ල කෑ ගැහුවා

මේ අතර විවර වූ ජනේලයෙන් සිනිඳු සිනහවක් පාවී ගියේ දෙපා සෙලවෙන හඬිනි. ඉන්පසු සෙවණැලි අතරින් මතු වූයේ ඇගේ අතීතයේ රූපයකි - දඟකාර සිනහවකින් යුත් හුරුපුරුදු හුරතල් මුහුණකි.

"ලිලී, පරන යාලුවව පිලිගන්නෙ මෙහෙමද ?" ජනේලෙන් අඇහුන ඒ සද්දය පුන්චි නමුත් විනෝදයෙන් පිරී ගිය කටහඩක් උනා. ඒත් ඒ හඩටම පුලුවන් උනා ලිලීව බය කරන්නත් , පුදුමයෙන් පුරවන්නත්.


TBC

මේක ටිකක් විකාර ,අමුතු කතාවක් ( අනිත් ඒවත් එහෙම තමා . ඒත් මේක ටිකක් වැඩියෙන් අමුතුයි . )
සම්පූර්න කතාවම මගේ සිතුවිලි ඔන්න , ඒක නිසා ලස්සන නෙවෙයි බලන්නෙ මට මේකට ඔබන්න ඕන දේවල් ගැනයි .  ඉවසන්න වෙයි මොකද මේක පට්ට කම්මැලි😅

Take Her To The Moon , For Me ?Where stories live. Discover now