6

16 4 0
                                    

කඩාවැටෙන තරු වල වේගෙට පැය ගනන් ගත වෙද්දි කොන්ඩෙ හොදටම අවුල් උන ලිලී අවසන් පොතත් වසලා දැම්මේ පැය 5ක පාඩම් කිරීමකට පස්සෙයි

කොහෙන් හෝ කුකී මතුවෙයිද කියන දෙගිඩියාවත් එක්ක කෙල්ල තමන්ගේ ෆෝන් එක අතට ගත්තේ යමක් කියවන්නයි  . ඒත් අඇයව අතීතයට අරගෙන යන්න ඒ වචන කීපයට පුලුවන් උනා

explicit  content   එකක් කියවපු පලමු දවස . 18 ට වැඩි අය වෙනුවෙන් තිබුන පොතක් කියවනකොට ලිලීගෙ වයස දාසයක් තරම් උනා .

වචන සමග පැහැදිලි කර තිබුන කතන්දර බය  වගේම , පසු තැවීම සහ දෙමව්පියන්ට පිටුපෑවා කියන හැගීම කෙල්ලට මතක් කරලා දුන්නා . දවසක අඇයට අනතුරු අඇගෙව්වා  අන්තර්ජාලය ඒ තරම් ලස්සන නොවන බවට සහ අඇය ඒ දේවල් සියැසින්ම දකිද්දි ශරීරයම උනුවීගෙන එනවා මෙන් පසුතැවීම සහ වරදකාරී හැගීම දැනෙන්නට ගත්තා . ඒත් කාලයත් සමගම  එය ජීවිතයේම කොටසක් යන්න අඇයට පෙනී ගියා .

සුසුමක් හෙලමින් ලිලී තමන්ගේ දුරකතනයෙන්  පෙන්නුම උන රවුද්‍ර වචන සහිත කතාව කියවනවාත් එක්කම මතක් උනේ කුකී සහ ඒ අඇස් වල තිබුන අහින්සක කම.

ලමාකාලෙ පුන්චි ලමයෙක් වගේ අහින්සක වෙන්න පුලුවන් නම් කියලා ලිලීට දහස් වාරයක් හිතෙත්දි මොහොතකට අඇයට හිතුනා ඒ තරම් අහින්සක කමකින් සමාජෙ එක්ක පොර බදින්න පුලුවන්දත් කියලා ..

මේ අතරේ තමන් කුකී ලගදි පරිස්සම් වෙන්න ඕන බව කෙල්ලට හොදින් තේරුනා . දවසක කුකී ගාව තියනලමයෙක් තුල තියෙනන්න ඕන අහින්සක කම හිමින් නැති වේවි . දවසක ඔහුත් වැඩුන පිරිමි කෙනෙක් බවට පත් වේවි .  එහෙත් හරි කාලය වෙන තුරු ජීවිතයේ කටුක ප්‍රදේශය කුකීගෙන් හන්ගන්න ඕන බව කෙල්ල තදින්ම මතක තියාගත්තා .

ඒ සමගම කාමරයේ දොර වේගයෙන් අඇරුනේ  බය උන ලිලී හදිසියේම තමන්ගේ ෆෝන් එක ඕෆ් කරලම  දාන අතරෙදියි

"  ඔහ් ලිලී . මේ බලන්න මන් මල් ගෙනාවා " එහෙම කියන ගමන් කුකී දුන්නේ ලොකු කැලෑ මල් පොකුරක් . කොල්ලගෙ අඇස් වල අඇදුන අහිංසක බාවය දැකපු කෙල්ල ලස්සනට හිනා උනා

" ස්තූතී කුකී . ඒත් මට මල් එපා . නිතරම මල් හම්බ වෙන්නෙ නැති නිසා මට හුරු නෑ " කෙල්ල කිව්වේ මල් පොකුර පැත්තකින් තියන ගමනුයි .

"  ඉතින් ලිලී , අඇයි අනිත් අයගෙන් මල් ලැබෙනකන් ඉන්නේ තමන්ට මල් වත්තක්ම හදාගන්න පුලුවන් වෙද්දි ? " කුකී අහනවා එක්කම කෙල්ල නිහඩ උනා . අඇත්තටම අඇයි මල් බලාපොරොත්තු  වෙන්නේ තමන්ට මල් වත්තක්ම හදාගන්න පුලුවන් වෙද්දි ?

" වෙන්න අඇති කුකී . අද මට මහන්සී . මන් හවස් වෙලා එන්නම් .  මන් තවම නිදි නෑ . අඇසුත් රිදෙනවා "  කෙල්ල කියනවා එක්කම කොල්ලා දුකින් මූන අඇඹුල් කරගත්තා

" ලිලී දැකලා තියෙනවද  ගස් තමන්ටම රිද්දගන්නවා ? තමන්ගෙම අතු කඩා ගන්නවා ?  " කොල්ලා තවත් කතාවකට පෙලඹුනා

" නෑ . අඇයි ? "

" එහෙනම් අඇයි ලිලී ඔයා ඔයාටම රිද්දගන්නෙ ? " කොල්ලා ආපහු අහනවා එක්කම කෙල්ල තරමක් හිතන්න ගත්තා . මහන්සිය නිසා අදහස් එන්නෙ නැති තරම්

" මොකද මම වැටෙන්න බයයි . මන් පැරදෙන්න බයයි කුකී . දැන් ඔයා යන්න " එහෙම කියන ගමන් ලිලී කුකීව හරවලා යැව්වේ කොල්ලගේ හිතේ ලොකු ප්ලෑන් එකක් වැඩ කරා කියන එක නොදැනයි

Take Her To The Moon , For Me ?Where stories live. Discover now