9

22 5 0
                                    

ලිලී ආලින්දයේ වාඩි වී සිටින විට, සවස් වරුවේ අහස තැඹිලි සහ රෝස පැහැයෙන් වර්ණාලේප කර ඇති අතර, දවසේ බර ඇගේ උරහිස් මතට එබීම දැනුනි. වැඩිහිටිභාවය නිර්වචනය කරන බවක් පෙනෙන්නට තිබූ වගකීම් සහ අපේක්ෂාවන්ගේ නිමක් නැති චක්‍රයෙන් ඇය වෙහෙසට පත් වූවාය. සිතුවිල්ලෙන් අතරමං වූ ඇය එහි වාඩි වී සිටින විට ඇයට හුරුපුරුදු අඩි සද්දයක් ඇසෙන්නට වූ අතර මොහොතකට පසු කුකී ඇගේ පැත්තේ පෙනී සිටියේය.

"ලිලී, අඇයි දුකෙන්?" කුකී ඇසුවේ ඔහුගේ කටහඬ කනස්සල්ලෙන් පිරී ගිය අතර ඔහු ඇය අසල ආලින්දයේ කොනක ඉදගන්නට විය

ලිලී දැඩි ලෙස හුස්ම පහලට දැම්මා .. "මට දැන් මහන්සියි, කුකී.  වගකීම් සේරම මගේ අතේ කියලා දැනෙනකොට බයයි " ඇය පිළිගත්තේ ඇගේ කටහඬ තෙහෙට්ටුවෙන් බර වූ බවයි.

" මට තේරෙන්නෙ නෑ ලිලී . වගකීම් කොයි වගේද ? "  කුකී අඇහුවේ තව ටිකක් ලිලීට ලන් වෙන ගමන් .

" හරියට ඔයා හොදට ඉගෙන ගන්න පොරොන්දු උනාම දැනෙන දේ . රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන කියලා දැනෙන එක. ඒ වගෙයි ඒත් ඊට වඩා බරයි " ලිලී හිමින් මිමුනුවේ අඇහෙන නෑහෙන ගානට

" ඔයා දන්නවද කුකී .මන් හොයාගත්තා අඇයි  මම ලමාකාලෙට ආස කියලා . මොකද ඒ කාලෙදි හැමදෙව්ම ගැන බැලුවේ කුතුහලේකින් . ඒත් දැන් එහෙම නෑ. දැන් නිදහසක් නෑ "  කෙල්ල කියලා දැම්මා .

" ඒත් ලිලී ඔයා නිදහස් නේ ? . ඒ කාලේ අත්තම්මා ඔයාට කිව්වෙම ' කෙල්ලො තනියම යන්නෙ නෑ ! ' කොල්ලො එක්ක සෙල්ලම් කරන්නෙ නෑ . ගම වටේ රවුම් ගහන්නෙ නෑ කියලනේ . ඉතින් ලිලී කියන්නේ  ලිලීගේ හැමදේම වෙන කෙනෙක් කරලා දෙන එක ලස්සනයි කියලද ? හරියට පොඩි කාලේ වගේම ? " කොල්ලා ප්‍රශ්නාර්තකාරී මූනකින් අහන්න ගත්තා

" නෑ  කුකී . එහෙම නෙවේ . මන්  දැන් කැමති නෑ  තව කෙනෙක් මාව පාලනය කරනවට . අම්මා දවසක් කිව්වා ලොකු වෙනවා කියන්නේ දේවල් අමතක වෙන්න පටන් ගන්න එක කියලා . ලස්සන මතක සේරම අමතක වෙලා යාවි . ඒඑකයි මට දුක "  කෙල්ල කිව්වේ නලලත් තදින් මිරිකගන්න ගමන්.

" ඉතින් ඒක වැරදිද ලිලී ?  ලස්සන මතක අමතක වෙන එක දුකයි . ඒත් ඒ තරම් ලස්සන නැති මතක අමතක වෙන එක හොද නැද්ද ? ඔයා රාමු කරපු සමහර මතක ඔයාගෙන් මැකුනත් ඔයාට පුලුවන් ඒවා මතක කෙනෙක්ගෙන් අහන්න . හරියට අත්තම්මගේ අම්මා ගැන එයාගෙන් අහලා දැනගත්තා වගේ"  කුකී මගෙන් අහනකොට මන් කල්පනාවකට වැටුනා . මෙච්චර කල් මන් ඒ පැත්තෙන් හිතලා නෑ කියලා තේරුනේ එවෙලෙයි.

මගේ නිශ්ශබ්දතාවය නිසාදෝ මන්දා කුකී ආපහු කතා කරන්න ගත්තා

" ලිලී කියන විදිහට.. මන් ලොකු වෙන්න තීරනය කරොත් තරු දිහා බලන එක නතර කරන්න වෙයි කියන එකද ලිලී? . අනිත් අය ගැන දැනගන්න එක නතර කරන්නත් වෙනවද ? "කොල්ලා අඇහුවේ දුකකින්

" . තරු ගැන ඉගෙන ගන්න ආස නම්  astronomy පැත්තෙන් යන්න . ඔයාට මුලු අහස ගැනම කියලාදේවි . මිනිස්සු ගැන දැනගන්න ආස නම් psychology  පැත්තෙන් යන්න " කෙල්ල ලාවට හිනා වෙන ගමන් උත්තර දුන්නා . වැඩිහිටියෙක් වෙන එක බරයි .. ඒත් කුකීව වගකීම් වලින් බය කරන්න කෙල්ලගෙ හිත ඉඩ දුන්නෙ නෑ

" එහෙනම් අඇයි ලිලී වැඩිහිටියො සේරම පීඩනයකින් ඉන්නෙ ? එයාලට කුතුහලය තියෙන පැත්තෙන් යන්නපුලුවන් උනත් අඇයිද එයාලා පීඩනයෙන් ? " එයා මගෙන් අහන්න ගත්තා . සරල වචන උනත් ඒ අහන ප්‍රශ්නෙ මටවත් තවම තේරුනේ නෑ කියලා කොහොමද කුකී මන් කියන්නේ

" මොකද .. මොකද අපි ආස දේවල් හැමතිස්සෙම කරන්න බැ කුකී . ලකුනු මතයි දේවල් තීරනය වෙන්නෙ. සල්ලි කියන දේත් බලපානවා. සමහර වෙලාවට අවාසනාව කියන දේ මැදිහත් වෙනවා  "මන් එහෙම කියලා  ලැප් එකට එබුනේ  තවමත් රිලීස් නොවුන ටර්ම් ටෙස්ට් රිසල්ට්ස් බලන්න ඕනවටයි ..

ඒ අතරේ මගේ හිත කිව්වෙම එක දෙයක් . ආසයි නම් අපි දේකට අඇයි ඒ විශයට ලකුනු ගන්න බැරි ? සල්ලි නැති අයත් හීන වලට යන්නෙ ? අවාසනාව නිසා දෙයක් මගහැරුනට ඊට වඩා හොද දේවල් හම්බ උන අවස්තාත් තියෙන්නෙ ? සමහරක් විට අපි කම්මැලි උනා වෙන්න බැරිද ? නැත්තම් දේවල් ගැන ඕනවට වඩා හිතන්න ගිහින් හැමදේම කලවම් කරගත්තා වෙන්නත් බැරිද ?

කුකී තව මොනවා හරි කියන්න ගියත් ඒක කරගන්න බැරි උනේ කබඩ් එකේ කොනෙන් නැට්ට පැටලිලා වැටුන ෆින් ව දැක්ක නිසයි . කොල්ලට කෑ ගැහෙද්දි  මන් ෆින්ව හයියෙන් අල්ලගත්තා .

Take Her To The Moon , For Me ?Where stories live. Discover now