2

30 6 0
                                    

කුකී පිටුපසින් තමන්ගේ මිදුල හරහා වනාන්තරයට ගමන් කරපු ලිලීට අඇති වෙන්න ගත්තේ බයක් . මැදක් දුරකදි සෙලවෙන්න ගත්ත පදුරු එක්ක මේ වගේ රෑ වෙලාවක වනාන්තරයක් කෙල්ලෙක්ට සුදුසුයිද ? කියන ප්‍රශ්නේ අඇගේ හිත තදින්ම වෙලා ගත්තා

" කුකී අපි හැරෙමු . මෙතන අනාරක්ශිතයි . ඕන නම් මිදුලේ සෙල්ලම් කරෞ " කෙල්ල එහෙම කිව්වේ තමන්ගේ ෆෝන් එක තව ටිකක් පපුවට ලන් කරගන්න ගමන්

" අහ් බය වෙන්න එපා . ඔය වලහෙන් වෙන්න අඇති . එයාලා ආසයි පදුරු වලින් පිට කසා ගන්න " කිසි ගානක් නැතුව පුන්චි කුකී කියනවා එක්කම කෙල්ලගෙ දෙලොව රත් වෙන්න ගත්තා

" වලහෙක් !!! පිස්සු නැතුව යමු " කෙල්ල එහෙම කියලා හැරෙනවා එක්කම කොල්ලා ආපහු අඇයගේ අත තදින් අල්ල ගත්තා

" එයාලට අපිව ගානක් නෑ අනේ " එහෙම කියන ගමන් අත අත් නොහැරම ඉදිරියට ගමන් කරන්න කුකී පෙලබුනා

කෙල්ලගෙ හිතේ පෙරලෙමින් තිබුනෙ අමුතු ප්‍රශ්නයක් . මමත් පොඩි කාලේ බය නැතුව හිටියා තමයි. ඒත් දැන්.... මම දන්නේ නැහැ. හැම වෙලාවකම කුකී වගේ බය නැතුව හිටියාට කමක් නැද්ද? කෙල්ල තමන්ගෙන් ප්‍රශ්න කරන්න ගත්තා

ඉදිරියෙන් විටින් විට අඇහෙන අමුතු සද්ද දිගෙන් දිගටම කෙල්ලව නොසන්සුන් කරන්න ගත්ත එක නම් නැවැත්තුවෙ නැහැ . ඉතින් බැරිම තැන කෙල්ල ආපහු තමන්ගේ වචන එලියට දැම්මා

" අපි යමු . මට බෑ තවත් . මට බයයි " කුකී අල්ලගෙන යමින් තිබුන අත අහකට අඇදලා ලිලී කිව්වා

"
ඒත් අඇයි ? අඇයි ලිලී ඔයා හැමතිස්සෙම අදුරෙ  ඔයාව කන්න බලාගෙන රාක්ශයෝ හැන්ගිලා ඉන්නවා කියලා හිතන්නේ ? " කොල්ලා අහනවා එක්කම් කෙල්ලට උත්තර නැති උනා . අඇත්තටම ලිලී හැමදේකටම බයයිද ?

" මම දන්නෙ නැහැ . සමහර විට ඒක වැඩිහිටියෙක් වෙන එකේ කොටසක් වෙන්න අඇති "

" හැමදේටම බය වෙන එක ? "  කුකීගේ සෙල්ලම්කාර හඩ එක්ක කෙල්ල තීරනය කරා ප්‍රශ්නය මග හරින්න . මොකද තව දුරටත් දෙන්න උත්තරයක් කෙල්ල ලග නොතිබුන නිසා .

ගමන් මහන්සිය වගේම , යාන්තමට දැනුන බඩගින්නත් එක්ක කෙල්ල එහෙම්මම සිනිදු තනකොට ගොඩ උඩ  වැතිරුනා කිසි ගානක් නැතිවම

අහසෙ දිලිසෙමින් තිබුන දාහක් තරු දෙස ලිලී බලන් හිටියේ වෙනස්ම කෝනෙකින් .  තමන්ට දැනෙන දේම කුකීටත් දැනෙනවද බලන්න කෙල්ල හිමින් තමන්ගේ මූන , ඊට චුට්ටක් එහා පැත්තේ වැතිරිලා තිබුන කූකී දෙසට ගෙනිච්චා . නෑ...  අඩුම බය , වගකීම් ඔය කිසිම දෙයක් ගෑවිලා නැති කුකීගෙ අඇස් දිලිසෙන තරු එක්ක තරගෙට ආලෝකය විහිදුවනවා මිසක් ජීවිතේ බරක් පතලක් ඒ අඇස් වල පේන්න තිබුනෙ නෑ

" දන්නවද ? පුන්චි කාලේ මන් තරු දිහා ආසාවෙන් බැලුවා . ඒවා මාව සතුටු කරා . හරියට ඔයා දැන් සතුටු වෙනවා වගේම ... ඒත් තවදුරටත් තරු මට නිදහස් හැගීමක් ගේන්නෙ නැ . ඒ වෙනුවට වගකීම් ගොඩක බර මට දැනෙන්න සලස්වනවා "  කෙල්ල කිව්වේ  එතනින් අඇවිදගෙන යන්න සැරසෙමින් නැගිටින ගමන් .

ඒත් ඉක්මන් උන කොල්ලා, කෙල්ලගෙ අත මෘදුව අල්ල ගත්තා

"  ලිලී, ඔයා ඔයාගේ අම්මා දිහා බලනකොටත් ඔයාට ප්‍රශ්න වල බර දැනෙවද  ? " කොල්ලා අහනවා එක්ක කෙල්ල ඔහු දෙස බැලුවේ පුදුමයකින් .

"  "නෑ මට... එයා එක්ක ඉන්නකොට මට මගේ ප්‍රශ්න අමතක වෙනවා.මොකද එයා මන් දිහාමයි බලන් ඉන්නේ." කෙල්ලගේ වේගවත් උත්තරේ එක්ක කුකීගේ අඇස් ආපහු හැර වුනේ අහස දිහාවට . නලියන තරු දිහාවට

"  ඒත් ලිලී , අහස ඔයාගේ අම්මා තරම්ම ලස්සනයිනේ . එයත් ඔයා දිහා බලාගෙනයි ඉන්නෙ. එහෙනම් ඇයි ඔයා ඔයාගේ අම්මා වගේ ලස්සන දෙයක් දිහා බැලුවම ඔයාගේ ප්‍රශ්න ගැන හිතන්නේ?"

ලිලී විරාමයක් තබා, කුකීගේ වදන් වල ගිලෙන්නට ඉඩ හැරියා.ඔහුගේ බොළඳ සරල බව තුළ ඔහු ගැඹුරු සත්‍යයක් පෙන්නුම් කරන බව කෙල්ලට දැනී ගියා . ඒඑත් ඒවට උත්තර හොයන්න දැන් රෑ වැඩී . ඉතින් කෙල්ල තීරනය කරා හෙට ආපහු එන පොරොන්දු  පිට ගෙදර යන්න

  TBC

Take Her To The Moon , For Me ?Where stories live. Discover now