"යෙහ් බලන්න ලිලී ඔයා තමා වීරයා . ඔයා ෆින්ව බේරගත්තා " කුකී ලන්වෙලා කියද්දි කෙල්ලට තමන්ගෙම අඇස් වලින් ආඩම්බරකාර කදුලු එලියට එන්න දගලන විදිහ හොදට දැනුනා
" ම් මන් වීරයෙක් නෙවේ කුකී . ම් මන් අතරමන් උන කෙනෙක් . මන් විශේශ නෑ" ලිලී එහෙම කියද්දි පුන්චි කුකී කෙල්ලගෙ ලගින්ම වාඩි උනා
" අඇයි එහෙම කියන්නෙ . ඔයා අතරමන් වෙලා නෑ ලිලී . මන් ඔයාව හොයාගත්තනේ . අනික ඔයා මගේ ලිලී මල . ඉතින් කොහොමද විශේශ නෑ කියන්නෙ" කොල්ලගෙ හුරතල් වචන එක්ක තරමක් හිනා වෙලා කෙල්ල සුරුස් ගාලා නහය උඩට අඇද්දෙ කතාව වෙන පැත්තකට ගෙනියන්න ඕනවටයි
" ඒක වැඩක් නෑ කුකී . මොකක්ද ඉස්සෙල්ලා අහන්න ගියේ ? "පොඩ්ඩකට කලින් කොල්ලා මොනා හරි කියන්න ගියා කියලා දැනුන කෙල්ල අඇහුවා .
" මොකටද ලිලී ඔයා අවාසනාව කිව්වෙ ? " කොල්ලා කෙලින්ම අඇහුවා
" ඒක හරියට මෙහෙම දෙයක් . සමහර නරක දේවල් වෙනවා . සමහර වෙලාවට අපි අකමැති දේවල් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒත් ඒ දේ වෙනස් කරගන්න බෑ ඉබේම වෙන දෙයක් . අපේ පාලනයෙන් ගිලිහුන දෙයක් " කෙල්ල එහෙම කිව්වේ තමන්ගෙ ඔලුව චුට්ටක් උස්සලා කර්ටන් රෙදි අස්සෙන් පෙරෙන හිරු එලිය දිහා බලාගෙනයි
" හරියට ෆින්ගෙ නැට්ට පැටලිලා වැටෙන්න ගියා වගෙද ? " කොල්ලා අඇහුවා
" හ්ම්ම්.. ඒ වගෙයි "
" ඒත් ලිලී ෆින් අල්මාරියේ ගැට්ටට වෙන්න නොහිටිය නම් එහෙම දෙයක් නොවෙන්නත් තිබුන නේ ? " කෙල්ල ඒකට උත්තර දෙන්න කලින්ම කුකී ආයෙමත් කතා කරන්න ගත්තා
" වැස්ස වහිද්දි මන් හිතුවා පිනි බින්දු කොයි තරම් අවාසනාවන්තද කියලා ලිලී . අහසයි තරු වලටයි එච්චර ලගින් ඉදලා බිමට වැටෙන්න තරම් අඇයි පිනි බින්දු අවාසනාවන්ත කියලා නිතරම මට හිතුනා
ඒත් දන්නවද ලිලී . හැම උදේකම ඒ පිනි බින්දු අව්ව එක්ක දිලිසෙන්න ගත්තා තරු කැට වලටත් වඩා ලස්සනට . අහසෙම හිටිය නම් කවදාවත් ඒ විදිහට දිලිසෙන්න බෑ නේ . එහම උනා නම් අපි කවදාවත් දැනගන්න එකක් නෑ පිනිබින්දු වලටත් දිලිසෙන්න පුලුවන් කියලා
.හරියට වලාකුලු වලට පිනි බින්දු බර වැඩි උනාම අල්ලන් ඉන්නෙ න්නතුව අතහරිනවා වගේ අඇයි අපිට බැරි ?
මන් හිතන්නෙ සමහර වෙලාවට සමහරදේවල් අතහැරියම ඒවා හරි තැනටම වැටෙනව . ඉතින් අවාසනාව සමහර දේවල් හරිගස්සලා වටිනාකමක් දෙනවා නෙවේද? හරියට පිනි බින්දු වලට උනා වගේ ? " කොල්ලගේ වචන කෙල්ලව අවුල් කරලා දැම්මා හොදටම . මුල්ම දවසෙ කතා කරපු බොලද ව්චන ටික කෝ ?
" වෙන්න පුලුවන් කුකී . අවාසනාවත් ඕන අඇති . " කෙල්ල නහන්සියෙන් කිව්වේ කුකීව එලවගන්න බැරුවටයි . කුකී පොඩ්ඩ පොඩ්ඩ එයාට තේරුම් කරලා දෙන්න ගත්තා ලමා කාලෙත් හිතන තරම් ලේසි උනේ නෑ කියලා . ඒත් ඒකම කෙල්ලව පුදුමෙට පත් කරා . ලමාකාලෙත් ලේසි නැත්ටම් අඇයි අඇයි ඒ කාලේ ස්ට්‍රෙස් නොතිබ්බේ . කෙල්ල තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තා
" ලිලී . ඔයා මට බොරුනේ කියලා තියෙන්නෙ . ලොකු වෙන එක අමාරු නෑ . පියෝනි මල කිව්වා එයා ඕනවට වඩා වැඩියෙන් වතුර බිව්වම , ඕනවට වඩා කෑවම අමාරුයි ලු . එතකොට නොකාම හිටිය්ප්ත් ඊටත් වඩා අමාරුලු . මන් හිතන්නෙ ලිලීමයි වැරැද්ද කරගෙන තියෙන්නෙ . ලිලිඋට වෙලාව තියෙනවා . ලිලී ඔඇය විසි හතරම බිසී නෑ නේ . ඒත් ඔයා හැන්හැමතිස්සෙට "පීඩනයෙන් ඉන්නෙ" කියනකොට නොදැනිම ඔයාම ඒක විශ්වාස කරන්න අරගෙන ලිලී. ඉතින් හිත්ම දුකෙන් පුරවගෙන හන්ගගෙන ඉද්දි කොහොමද සතුටට අඇතුලු වෙන්න ඉඩක් හැදෙන්නෙ ?
." ඒත් ක් - "
ශ්.. අඇස් පියාගන්න ලිලී . ඔයාට විවේකයක් ඕන . " කුකී කියනකා එක්කම කෙල්ල විඩාබර උන අඇස් දෙකට පුන්චි සහනයක් දුන්නා . ඒත් ඒ ආලෝකය නැතු වෙලා තද සුලගක් තමන්ගේ මූන සිප ගන්නකන් විතරයි
YOU ARE READING
Take Her To The Moon , For Me ?
Fanfiction" ක් කුකී.. ඔයාගේ සිතුවිලි ගැඹුරු වෙනවා. මම හිතන්නේ ඔ ඔයා ලොකු වෙනවා. " " ඒ මම නෙවෙයි ලිලී . ඒ ඔයාමයි ..."