1

46 4 0
                                    

රාත්‍රිය ගෙවී යද්දී සහ තරු අහස පුරා රටා පින්තාරු කරද්දී, ලිලී සිතුවිල්ලෙන් අතරමං වූවාය, ඇගේ මනස ප්‍රශ්නවලින් සහ අවිනිශ්චිතතාවයෙන් පිරී ගියේය. පුන්චි කාලේ යාලුවෙක් උන කුකී කොහොමද තවමත් පුන්චි ? අඇයි එයා වැඩිහිටියෙක් වෙලා නැත්තේ ?  ලිලී ප්‍රශ්න ගොඩක පැටලිලා ගියා

"කුකී," කෙල්ල කතා කරන්න ගත්තා

" කොහොමද ඔයා වයසින් වැඩුනෙ නැත්තේ . කොහොමද ඔයා තවම පුන්චි . අඇයි ඒ ?" කෙල්ල එක දිගට ප්‍රශ්න අහගෙන යන්න ගත්තා . මොකද මෙහෙම දේවල් ගැන කෙල්ල කවදාවත් සයන්ස් පොතේ දැකලා නෑ නේ

කුකීගේ සිනහව පුළුල් උනා, ඒ අඇස් දිලිසෙන්න ගත්තා .. "අහ්, ලිලී, මායාව තමයි හේතුව .  අපේ වටේ මායාව තියෙනවානේ "  කුකී කියනවා එක්ක කෙල්ල අඇස් කරකවන්න ගත්තා. මොන මෝඩ උත්තරයක්ද මේ ?

"මැජික්? ඇත්තටම, කුකී? විකාර කියන්න එපා . හහ් මැජික් දන්නවනම් මගේ ප්‍රශ්න විසදලා දෙන්න " කෙල්ල කිව්වේ එපා වීමකින්

"ඒක ඇත්ත,ලිලී . මායාවන් තියෙනවා . ඉතින් ඔයා මායාව විශ්වාසවත් නොකරනකොට අඇයි මායාමය උත්තර හොයන්නෙ ප්‍රශ්න වලට? ." කුකීගෙ කටෙන් පැන්න වචන එක්ක කෙල්ල කෙලින් වෙලා ඔරෝලා බලන්න ගත්තා

"මන් විශ්වාස කරයි කියලා හිතනවද?" ඇය අභියෝග කළාය. ඒත් කුකී තවමත් පොඩි දරුවෙක්ව ඉන්නවා අඇස් ඉස්සරහම පෙනෙද්දි විශ්වාස නොකර ඉන්නෙ කොහොමද කියලත් ප්‍රශ්නයක් නොතිබුනාම නෙවේ

කුකී නොසැලී, ඔහුගේ සෙල්ලක්කාර හැසිරීම පෙන්නුවා "ඔයා කැමති දේ විශ්වාස කරන්න, ලිලී, ඒත් හිත වහගෙන ඉද්දි මායාවට අඇතුලු වෙන්න බෑ " කොල්ලා කිව්වා

කලකිරුණු සුසුමක් හෙලමින් ලිලී ආපහු තමන්ගේ පොත් අස්සට මූන ඔබා ගත්තේ කුකීගෙ කතා එන්න එන්න බොලද වෙනව  මිසක තමන්ගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන සේයාවක් නැති බව හොදින්ම තේරුන නිසයි  "හොඳයි, මට කරන්න වැඩ තියෙනවා, කුකී , ඔයා දැන් ගියා නම් හොදයි "

"අඇයි අනේ? අපි එලියට ගිහින් සෙල්ලම් කරමු" කුකී ඉල්ලුවේ කෙල්ල තමන්ව එලවන්න හදනවා කියන එකත් පැත්තකට කරලයි .

ලිලී ඇගේ හිස සෙලෙව්වාය,  "ඔයාගේ මොලේ තවම වැඩිලා නැති උනත් වුණත් මම දැන් ළමයෙක් නෙවෙයි. මට වගකීම් තියෙනවා ඉලක්ක තියෙනවා. ඔයාට තේරෙනවා නේද? . ඉලක්ක කියන්නෙ සමනලයෙක් අල්ලන එක නෙවේ. මම කාර්යබහුලයි . මෙතනින් යනවා"  කෙල්ල කෑ ගැහුවා . මහන්සිය , එපා වීමටත් වඩා කෙල්ලට මේ වෙලේ දැනුනේ ආපහු කුකී වගේ ලමාකාලයට යනා තිබුනන් කියන හැගීමයි

"ඒත් ඔයාගේ තාත්තත් කාර්යබහුලයිනේ . ඒත් ඒ දවස් වල එයාට ඔයා එක්ක සෙල්ලම් කරන්න වෙලාව තිබුණානේ ?" පොඩ්ඩක් දුකින් කොල්ලා කියද්දි  මතකයන් අඇවිස්සුන කෙල්ල වේගෙන් තමන්ගෙ මේසෙට ගැහුවා .

තම පියා පිළිබඳ මතකයන් ඇගේ මනසට ගලා යද්දී, ලිලීට දැනුණේ වරදකාරී හැඟීමක්

"හරි, මම එන්නම්, ඒත් ඊට පස්සෙ මෙතනින් යන්න" ඇය ඉල්ලා සිටි අතර, ඇයගේ ස්වරය අභියෝග කිරීමට වඩා ඉල්ලීමක් විය . කෙල්ලට පුදුමයි අඇයි කොල්ලට rejection කියන හැගීම දැනෙන්නෙ නැත්තෙ කියලා

ඉතින්, අකමැත්තෙන් සුසුම්ලමින්, ලිලී කූකී පිටුපසින් ජනේලෙන් පැනගෙන එලියට ආවා

TBC

🤧 චැප්ටර්ස් කීපයයි තියෙන්නෙ  . කතාවකට වඩා මේක  නිකන් ප්‍රශ්න ගොඩක් 😐

Take Her To The Moon , For Me ?Where stories live. Discover now