4

17 5 0
                                    

ඉතින් ඔයා පැය 24ම වැඩ කරාද ? හිනාවුණේවත් නැද්ද? මල් එක්ක කතා කළේවත් නැද්ද?" කුකී අඇහුවේ එයාගේ කඩහඩ අහින්සක කමින් පිරෙද්දියි .

ඔහුගේ ප්‍රශ්නයේ බර දැනෙමින් ලිලී සුසුමක් හෙළුවාය. "නෑ කුකී. එහෙම නෙවෙයි. මම සතුටු වෙන්න සෝෂල් මීඩියා පාවිච්චි කළා. රෑ එලි වෙනකන් වෙනකල් යාළුවො එක්ක චැට් කළා. පින්තූර පෝස්‍ට් කරද්දි මන් කවුද කියන එකවත් හරියට නොදන්න අයගෙ කමෙන්ට්ස් නිසා මන් සතුටු උනා" කෙල්ල කික්වේ තොල් අග පුන්චි හිනාවක් තියාගෙන

කුකීගේ දෑස් පුදුමයෙන් ලොකු උනා "ඉතින් ඔයාට පුළුවන්ද මම කළා වගේ ඒ මතකයන් පෙන්නන්න?"

ලිලී පසුබට වූ අතර, ඇගේ සිතුවිලි රාත්‍රී සංවාදවල සහ නිමක් නොවූ බැනවැදීම් , තරහවීම් සහ නැවත යාලු වීම් වෙත දිවගියා

"මම.. මම දන්නේ නැහැ කුකී" ඇය අකමැත්තෙන් පිළිගත්තාය. "මම කතා කළා, නමුත් දැන්, ස්වල්ප දෙනෙක් තවමත් සමීප .නමුත් යන්තම් කතා කරනවා මිසක් මූනට මූන මාව හම්බ උන කාලෙදි තරම් සමීප නැහැ. සමහර විට බිසී අඇති"

"  ලිලී , පියෝනි මල මාත් එක්ක හැමදාම කතා කරනවා.. ලිලිගෙ අප්පත් දවසම මහන්සි උනා . ඒත් එයා හැමදාම ඔයාට කතා කරානේ . අඩුම කෝල් එක්කින් ? " කුකී අඇහුවේ පුදුමයකින්

" ඒ එයාට මාව වැදග- " කෙල්ල කියන්න ගිය එක එහෙම්මම ගිලගත්තා .  ඒ තාත්තට මාව වැදගත් නිසා නේ ? ඒ කියන්නේ බිසී වෙනවා කියන එක නිදහසට කරුනක් විතරයිද ? අපිට දෙයක් ඕනෙ නම් පැය විසි හතරට තව පැයක් එකතු කරගෙන හරි අපි ඒ වැඩේ කරනවාද ?  කෙල්ල හිතන්න ගත්තා

"ඉතින්.. ලිලීගේ කාලය අපතේ ගියා වගේද ?" කුකී ඇසුවේ ඔහුගේ වදන් ශෝකයේ ඉඟියක් සමඟිනි.

කුකීගේ ප්‍රශ්නය දෝන්කාර දෙද්දි ලිලීගේ සිත ඇයව දුරකථනයට ඇලවූ පැය ගණන් වෙත ආපසු දිව ගියා.

" මන් මතක හැදුවා කුකී . සතුටු උනා . ඒත් ඒවා තාවකාලිකයි . තව කෙනෙක්ගේ වැරදි හොයලා සතුටු උනා , බැනලා සතුටු උනා , උදව් කෙලා සතුටු උන . මොහොතකට ෆෝන් එක පැත්තකින් තිබ්බොත් මතක් කර කර හිනා වෙන්න තරම් , බයක් දැනුනම මත කරගන්න තරම් ලස්සන මතක මන් හදලා නෑ . මම සෝශල් වලින් සතුටු උනත් අන්තිමේදි හිස් අතින් ඉතුරු උනෙත් මමයි

"ඒත් සමහර මතක තියෙනවා  මට පින්තූර ටිකක් පෙන්වන්න පුළුවන්," ලිලී පිළිතුරු දුන් අතර, ඇගේ කටහඬ අවිනිශ්චිත බවකින් යුක්ත විය. ඇය ඇගේ දුරකථනය හරහා අනුචලනය කර ඇගේ සමාජ මාධ්‍ය සංග්‍රහවලින් ඡායාරූප කිහිපයක් තෝරා ගත්තාය, ඒ සෑම එකක්ම නියමිත වේලාවට ශීත කළ මොහොතකි.

Take Her To The Moon , For Me ?Where stories live. Discover now