8

16 5 0
                                    

මොකද මන් අහසෙ තරු ගොඩක් දැක්කා . ඒත් ඒ තරු ඕනවට වඩා වැඩි උනේ නෑ . මන් පොකුනෙ මල් ගොඩක් දැක්කා . ඒත් කවදාවත් මල් කොල වලට වඩා වැඩි උනේ නෑ .  ඉතින් බය කියන එකත් ඕන අඇති ලිලී . අපිට තියෙන්නෙ පොකුනෙ මලුයි කොලයි බැලන්ස් උනා වගේ එකත් බැලන්ස් කරන්න වෙන්න අඇති " කුකී කියනවා එක්ක මන් කල්පනාවකට වැටුනා .

ඒ කියන්නේ එයාට බය දැනෙන්න අරගෙනද ?  සමහර විට අපි අවදානමක් ගන්න ඕනෙ . සමහර වෙලාවල් වලට අවදානම මග හරින්න ඕන . මොකද වසන්තය වෙනවා කියන්නේ ශීත කාලය උදාවීමෙ අවදානම බාරගන්නවා කියන එකයි

" එන්න ලිලී . අපි මඩ කේක් හදමු  " ෆින්ව පැත්තකින් තියන ගමන් සිතුවිලි අස්සෙ හිටපු මාව,කුකී  එක්කගෙන ගියේ එයාගේ පියෝනිට එහා පැත්තේ තිබුන  විශාල මඩ වල ගාවටයි

" කුකී . අහන්න . මන් මේ වගේ බොලද වැඩ කරන්න පොඩි එකෙක් නෙවේ " මන් කියනවා එක්ක එයාගෙ මූන දුකෙන් පිරුනා

" ලිලීට දැන් මඩ කේක් වලින් සතුට දැනෙන්නෙ නැද්ද ? "  එයා අඇහුවා

" දැනෙනවා. ඔයාට තරම් නෑ . ඒත් මන් ලොකු වැඩී මේවට. මිනිස්සු කියයි මන් බොලදයි කියලා .  " මන් කියනකොටම එයා මගේ අතෙන් අල්ලගත්තා

" ඒක ඔයාව සතුටු කරනව නම් අනිත් අය වැඩක් නෑ  .  දන්නවද ලිලී .. පුන්චි කාලේ ඔයාට හැමදේම තිබුනේ නෑ නේ . ඒත් අඇයි ඔයා ලමාකාලෙට ලස්සනයි කියන්නෙ "

කුකී කියනකොට මන් කල්පනා කරන්න ගත්තා . එයාට මගේ ලමා කාලේ අකුරක් හැර මතකයි . ඉතින් අඇයි මන් බොරු කරන්නේ

" එතකොට මට බරක් දැනුනේ නෑ කුකී . දැන් ජොබ් එකක් කරන්නෙ කොහොමද , කොහොමද ඉගෙන ගන්නෙ ඔය සේරම ප්‍රශ්නයක් වෙලා . ඉදිරි අවුරුදු ගාන ගොඩක් දිගට දැනෙනවා "  මන් කියද්දි එයා ආපහු සැරයක් කෝට්ටකින් මඩ වලට අනින්න ගත්තා

" ඒත් ලිලී ඔයා මුලින්ම අකුරු ලියපු දවසෙදි ජීවිතේකම බර ඒ මොහොතෙ දැනෙන්න එපැයි "   ඒ වචන එක්ක මන් නිශ්ශබ්ද උනා . ජීවිතේකම බර එවෙලෙ දැනෙන්න එපැයි ? අඇයි දැනුනෙ නැත්තේ ?

" මන් දන්නෙ නෑ ඒක ගැන කුකී . සමහර විට මන් ප්‍රශ්න වලට අඇලී ගැලීගෙන අඇති දැන්  . ඒත්... මන් දන්නෙ නෑ "  ඒත් එක්කම  කුකී අඇවිත් මට හේත්තු උනේ මේ වෙනකන් මන් හදපු මඩ කේක් එකට වැලි ඉහින ගමන්

" දන්නවද ?  මගේ කේක් එක සම්පූර්න නෑ . ඒත් ඔයාගේ එක රවුමට ලස්සනට තියෙනවා . ඒ ඔයාගෙ අත් ඒකට හුරු වෙලා නිසා . ඒත් මම.. ඒ දේවල් වෙන කෙනෙක් කරනකන් බලන් ඉන්න ඕනේ'  ඒ වචන එක්කම  වෙනදට නොදැක්ක දෙයක් මගේ ජීවිතෙන් දැක්කා

මේ මගේ ජීවිතය . පුන්චි , කැඩිලා බිදිලා තමයි . ඒත් ඒක තවමත් හොදයි .  තවමත් හොදයි කියලා පෙන්නන්න දෙයක් තියෙනවා .

TBC

. Fear ගැන කතා කරලා ඉවරයි ඔන්න . 🤧 . කම්මැලි අඇති . මන් කියලනෙ පටන් ගත්තේ මේකෙ යන්නෙ ප්‍රශ්න විතරයි කියල hehe krpottani

Take Her To The Moon , For Me ?Where stories live. Discover now