📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁹🌷

926 140 26
                                    

💅🏻: නාදෝ සරන්හේ Jungkookie

😎: කොලේජ් එකට එන්නත් බැරි වුණ එකේ අපි යමු කොෆි එකක් බොන්න.. ඔයා කැමතිද baby..?
Chan-nah ගේ මූණට ඔබෙන් ගමන් Jungkook ඇහුවා.

💅🏻: යමු...😚

(හී හී 😁 ඔන්න ගෙනාවා Kang Chan Nah ගේ නම්ජාචිංගුව). මේ ඉන්නේ එයා👇

Jeon Jungkook=😎වයස අවුරුදු 23එයා තමයි JJ Group එකේ අනාගත අයිතිකාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeon Jungkook=😎
වයස අවුරුදු 23
එයා තමයි JJ Group එකේ අනාගත අයිතිකාරයා. Mr. Jeon, ඒ කියන්නේ Jungkookගේ තාත්තාගෙන් පස්සේ කම්පැනි එක සම්පූර්ණයෙන්ම එයාගේ වෙනවා. මෙයා ඇත්තටම ගොඩක් හිතුවක්කාර චරිතයක්. ධනය බලය කීර්තිය කොච්චර තිබ්බත් එයාට මදි වුණා. ඒ නිසාම එයා ලීගල් බිස්නස් වලට අමතරව ඉල්ලීගල් බිස්නස් කරන්න පටන් ගත්තා. ඩ්‍රග්ස්, වෙපන්, ඩයමන්ඩ් වගේ දේවල් ලීගලී ඩීල් කරනවට වඩා ලොකු ගාණකට බ්ලැක් මාර්කට් එකේ විකුණන්න පුළුවන් වුණා. ඉතිං සල්ලි හොයන්න තියෙන ආසාවටම Jungkook ඒ බිස්නස් කරන්න පටන් ගත්තා. ඒකට එයාට මාෆියා ගැන්ග් එකක උදව්වත් ලැබුණා. ඇත්තටම ඒක එයාගේ යාළුවෙක්ගේ ගැන්ග් එකක්. මෙයාගේ මේ ඉල්ලීගල් බිස්නස් ගැන Mr.Jeon දැනන් හිටියත් එයා කියන දේවල් Jungkook ඇහුවේ නෑ.
(A/N note-මනඃකල්පිත චරිතයක් විතරයි. කතාවක කළු සුදු චරිත දෙකම තියෙනවා. මේ කතාවේ Jeon Jungkook කියන චරිතය කළු චරිතයක්. අපහාසයක් නොවේ. කතාවට නම ගත්තා විතරයි හොඳේ.)

     🌸••••••••••••••••••••••••••••••••••🌸

A/N pov

හවස් වෙලා හොස්පිටල් එකට යන්නම ලෑස්ති වෙලා Buyong හිටියේ Taehyungලගේ ගෙදර garden එකට වෙලා. මේ අද යන්න ඉන්නේ තමන්ගේ ඔම්මව අන්තිම වතාවට බලන්න නේද කියලා හිතන ගමන් කෙල්ල garden එකේ කෙලවරටම ඇවිදගෙන ගියා. ගෙදරට ඇතුල් වෙන ගේට්ටුවේ ඉදලා වම් පැත්තට මීටර් 15ක් විතර දුරින් තිබුණා ලොකු  අතු විහිදුනු විශාල ගහක්. ලා රෝස පාට මල් වලින් ගහම වැහිලා. බිමත් හරිම ලස්සනයි මල් වැටිලා.ඒක යට ගේ පැත්තට මුහුණ දාලා හදලා තිබුණා හරිම හුරුබුහුටි ලී බංකුවක්. හිතට ලොකු හුරුපුරුදු බවක් දැණුන නිසාම Buyong එතනට ගිහින් ඉදගත්තා. ගහ දිහා ටිකක් වෙලා බලනි හිටපු Buyongට මතක් වුණා එයාට මේ ගහ මේ තරම් හුරු පුරුදු ඇයි කියලා. ලොකු හුස්මක් පිට කරපු Buyongට ඔම්මා ගැන වගේම එයාගේ අඳුරු අතීතෙ ගැණත් මතක් වුණේ ඉබේටමයි. පිටට නොපෙන්නුවත් කෙල්ල හිටියේ කියාගන්න බැරි දුකින්. ඉතිං මේ වගේ තනිවුණ වෙලාවක තවත් කඳුළු හංගන් ඉන්න ඕන නෑ කියලා දන්න නිසාම Buyong ඇඬුවා. හිතේ තියෙන දුකත් මේ කඳුළු එක්කම දිය වෙලා යනවනම් කියලා හිතලා කෙල්ල අඬුවා. හැබැයි Buyong දැනන් හිටියේ නෑ මේ දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා. එයා දැනන් හිටියා නම් සමහරවිට කවදාවත් එහෙම අඬන එකක් නෑ. ඒ වගේම කොයි තරම් අය අඬනවා දැකලා තිබුණත් ඒ බලන් හිටිය කෙනාට Buyong ගැන කියාගන්න බැරි ලොකු අනුකම්පාවක් දැනුණා. ඒ ඇයි කියන්න එයාවත් දැණන් හිටියෙ නෑ. එකපාරම දැකපු දේ නිසයි හිතට දැනෙන අමුතු හැඟීම නිසයි එයා හිටියෙත් මොකුත් හිතාගන්න බැරුව.
End of pov

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now