📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²³ 🌷

769 128 21
                                    

A/N pov

Jeon company එකත් එක්ක තිබ්බ Contract එක ඉවර වුණ ගමන් Tae, Jiminවත් එක්ක ගියේ ළඟ තිබුණ කැෆේ එකකට. contract එකෙන් පස්සේ tea party එකක් තිබුණත් හදිස්සි වැඩක් තියෙනවා කියලා Tae එතනින් ආවේ තවත් Jungkook පෙනි පෙනි ඔෆිස් එකේ ඉන්න හිත දුන්නේ නැති නිසා. ඒ වගේම එයාගේ හිතේ තව දෙයක් ගැන බයක් ඇතිවෙලා තිබුණා. ඒ Buyong ගැන. Mr.Dark ඇත්තටම කවුද කියලා තව දවස් දෙකකින් Jungkook දැන ගන්නවා වගේම එතකොට එයා තමන් ගැන හැම විස්තරයක්ම හොයනවා කියලා Tae දැනගෙන හිටියා. හොයනවා විතරක් නෙවෙයි කොහොමහරි හොයාගන්නවා කියලත් Tae දන්නවා. ඉතිං Tae, Buyongට කැමති කියලා Jungkook දැනගත්තාම එයාට කරදරයක් වෙයි කියලා Tae බය වුණා. මේ ගැනත් Jimin එක්ක කතා කරන්න හිතාගෙන තමයි Tae කැෆේ එකට ආවේ.
End of pov

🐣: දැන්වත් මොනවා හරි කියනවද?
මෙච්චර වෙලා Tae කිසිම කතාවක් නැති නිසා කැෆේ එකට ගිය ගමන් Jimin කිව්වා.

🐯: ඇත්තටම මම කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ Jimin-ah.

🐣: ඔයාට කතා කරන්න ඕන කියලා හිතෙන වැදගත්ම දෙයින් පටන් ගන්න.

🐯: ම්ම්ම්ම් Buyong

🐣: Buyong ගැන ප්‍රශ්නයක් නෑනේ.

🐯: නෑ Jimin-ah එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
එහෙම කියලා Tae හිතපු හැමදේම Jiminට කිව්වා.

🐣: එහෙමයි කියලා Buyongව ඈත් කරන එක නෙවෙයි කරන්න ඕන.
හැමදේම හොඳට අහන් හිටපු Jimin කිව්වා.

🐯: එහෙනම්??🙄

🐣: ඔයා පුළුවන් තරම් ඉක්මනට එයාට කැමැත්ත කියලා එයාව ළඟට ගන්න. මොකද එහෙම කරොත් එයාව හැමවෙලේම කරදරයක් වෙන්නේ නැතුව බලාගන්න ඔයාට පුළුවන්. ඒත් කැමති නොකියා එහෙම කරන්න ගියොත් Buyong වුණත් මොනවා හිතයිද දන්නෑ නේ.

🐯: ම්ම්ම්ම් ඒක නම් ඇත්ත. ඒත් එයා මට අකමැති වුණොත්?

🐣: 😅😅....යාහ් මහ මෝඩ කතා කියන්න එපා. කෙල්ලෙක් ආදරෙයිද නැද්ද කියලා ඔච්චර තේරෙන්නේ නැති බබෙක්ද ඔයා.

🐯: මොකද එහෙම කියන්නෙ???🤨

🐣: දැන් බලන්න එයාට දුක හිතුනා ඔයාට කතා කරනවා, ඔයාව බලන්න එනවා නිකම් නෙවෙයි එක එක කෑමත් හදාගෙන😏, තව ඔයා එක්ක කතා කරද්දී හිතට හොඳයි කියලත් කිව්වා නේද... ඉතිං එහෙම කිව්ව එයා ඔයාට අකමැති කියලා හිතෙනවද?

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now