🌷🐯
ඔන්න මම මගේ පලවෙනි Wattpad fan fiction එක ඉවර කලා. මාස හයයි කතාව ඉවරයි. ඒත් මේ මාස හයට ඔයාලගෙන් ලැබුණ ආදරේ නම් මට කියන්න බැරි තරම් වටිනවා. මම ගොඩක් experience තියෙන ඕතර් කෙනෙක් නෙවෙයි. ඒත් මගේ කතාව අමාරුවෙන් හරි කියවලා, කමෙන්ට් දාලා, මට ලියන්න තව ආස කරවපු මගෙ රීඩර් බබාලට චොම්මල් කුමාවෝයෝ....
ඉතිං මම කතාව ගැන ටිකක් කියන්නම්...
ඇත්තටම මට මේ කතාවේ ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් කියන්න ඕන වුණා.
එක, ආදරය කියන දේ පෙන්නන්න ඕන වුණා. ඒත් ආදරය කිව්වම ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ couple එකක් ගැන. ඒත් ආදරේට තව ලස්සන අර්ථකතන දෙන්න පුළුවන්.මට ඕන වුණේ මේ කතාවෙන් සමාජයේ තියෙන ඒ වගේ ආදර කතා ඔයාලට කියන්න.
ආදරේ කියන දේ සාමාන්‍යයෙන් අපි දන්නේ ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට නැත්තං පිරිමි ළමයෙක් තවත් පිරිමි ළමයෙක්ට නැත්තං ගැහැණු ළමයෙක් තවත් ගැහැණු ළමයෙක්ට කරන දෙයක් විදියට.
ඒත්,අම්මා කෙනෙක් ළමයින්ට, අයියෙක් නංගිට හෝ මල්ලිට, අක්කෙක් නංගිට හෝ මල්ලිට, මල්ලියෙක් අක්කට හෝ අයියට, නංගියෙක් අක්කට හෝ අයියට, යාළුවෙක් තවත් යාළුවෙක්ට වගේ ඕනම විදිහකට ඇති වෙන්න පුළුවන්.මේ ආදර කතා වෙනස් වෙන්නේ මොන විදිහට ද???
මම කොයිතරම් දුරට හරිද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මට හිතෙන විදියට මේ ආදර කතා වෙනස් වෙන්නේ අපි ඒ කෙනාට අපේ ආදරේ හා හැඟීම් පෙන්නන විදිහෙන් සහ අපි එයාලා එක්ක කතාබහ කරන විදිහෙන්. ඒත් ඔය හැම කෙනෙක්ගෙම හිතේ මම අර කලින් කිව්ව හැම ආදර කතාවක්ම තියෙනවා. ඉතිං ඒ හැම ආදරේකටම වටිනාකමක් දෙන්න.
කවදාවත් අම්මාට තාත්තාට ආදරෙයි කියලා නැති අය ඉන්නවා ඇති. ඒත් ඔයා අම්මටයි තාත්තාටයි ගොඩක් ආදරෙයි.
අයියලා අක්කලා, නංගිලා මල්ලිලා ට ආදරේ පෙන්නන්නෙ නැති වුණාට ඔයා එයාලට ගොඩක් ආදරෙයි.
එහෙම නේද?😌 එහෙම නේද කියලා ඔයා ඔයාගෙන්ම අහලා බලන්න.ඒ වගේම මේ කතාවෙන් මට කියන්න ඕන වුණේ අනිත් දේ තමයි ආදරේ කිව්වම මුලින්ම ඔළුවට එන Couple එකක් ළඟ තියෙන ආදරේ ගැන.
අපි ආදරේ කරන කෙනා කවදාවත් අපිට ආදරේ කරන්නම ඕනේ නෑ. ඒ ආදරේ අවංකව නම් ඒ කෙනා වෙන කෙනෙක් එක්ක සතුටින් නම් ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ආදරේ අපිට ලැබුනොත් ඒ ආදරේ තේරුම් ගන්න ඕන. කවදාවත් දෙන්නෙක් ඉන්න තැනක් තමන්ගේ පැත්තෙන් විතරක් හිතන්න හොඳ නෑ. අනිත් කෙනාගේ පැත්තෙනුත් හිතලා බලලා වැඩ කරන්න ඕන. එතකොට තමයි බැඳීම් ලස්සන වෙන්නේ.අන්තිමට කියන්න තියෙන්නේ ආදරේ කියන හැඟීමට වටිනාකමක් දෙන්න, ආදරේට ආදරේ කරන්න...❤️
🌸••••••••••••••••••••••••••••••••••••🌸
හෑල්ල ඉවරයි 😁👉👈මොන්ගල් මට අනුකම්පා කරලා කියෙව්ව අයට තෑම්ස්....
ඔයාලට කතාව ගැන හිතුන ඒවා කමෙන්ට් කරන්න 😚😚
.
.
.
.
.
.මේ සේරම ඔයාලා නිසා😩❤️ ඇත්තටම මගේ හාට් බබාලාට මම ආදරෙයි... සමහර දවස් වලට කතාව දෙන්න මූඩ් ඇත්තෙම නෑ. ඒත් මම ඇවිත් ඔයාලා දාපු පරණ කමෙන්ට් එහෙම කියවනවා. ඒවාට පුළුවන් වුණා ඇත්තටම මට ලියන්න ලොකු හයියක් වෙන්න. සමහර දවස් වලට ෆුල් ස්ට්‍රෙස් එකේ ඉද්දී ඔයාලා කවුරුහරි කතාව ඉල්ලලා කමෙන්ට් දාලා. මට එතකොට ඔයාලා මං කතාව දානකම් බලන් ඉන්නවා නේද කියලා සතුටු හිතෙනවා. ලියන්න ලියන්න තව ආස හිතුනේ ඔයාලගේ පුංචි පුංචි අදහස් නිසා. ආයෙත් සැරයක් කුමාවෝ මගේ කතාව එක්ක හිටියට...❤️❤️❤️❤️
අලුත් කතාවක් ඕනද???
ටිකක් වෙනස් ප්ලොට් එකක් ඔළුවේ තියෙනවා. ලියන්න පටන් අරං නෑ. ටික දවසකින් දෙන්නම්.... කියවන්න කැමති අය ඉන්නවා නම් දිගටම මාත් සමඟ රැදී සිටින්න....😌🙏🏻
Bye Hearts ❤️❤️
✍Taeni✨♥️🍃 [2022.03.19]
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...