සත්වන දිගහැරැම

688 144 11
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"අනෙ පුංචි හාමු. ........ තව ටික දුරයිනෙ ... මට මෙහෙම යන්න පුළුවන්. ......... ලොකු හාමු මෙතන නැති උනත් මම පුංචි හාමුගෙ වාහනේ ගියා කියල දැනගත්තොත් ඒක කොහොම ඉවරවෙයි කියලද පුංචි හාමු හිතන්නෙ......... පුංචි හාමුට කොහොම උනත් ඒ දේ මට මහ ලොකු දෙයක් වේවි. .....මම වගේම පුංචි හාමුත් ලොකු හාමුගෙ හැටි හොදටම දන්නවනෙ ..... එහෙම එකේ මම මෙහෙම කරන එකට පුංචි හාමු මාත් එක්ක කේන්ති ගන්න එපා........ අනික .......... ඔය රෝද හතරට වඩා මට මගෙ කකුල් දෙක විශ්වාසයි පුංචි හාමු .........දවසක් මම අතින් උන අත් වැරැද්දකට ලොකු හාමු දඩුවම් කරේ සීයතාත්තාට ..... එහෙව් එකේ මම මට වටින දේවල් ආරක්ෂා කර ගන්න හදන්න එකේ වැරැද්දක් නෑ නේද. ..... ."

"මමත් මට වටින දේවල් ආරක්ෂා කර ගන්න හදන්නේ කියල නොතේරෙන හැටියක් මේ. ....... පොඩි පණ්ඩිතයට........ "

*************************************


" පුංචි හාමු මම යනවා ........ "

" හ්ම්ම්ම් ...... ."

මම ගෙදරට යන පාර ලගට වගේ වෙනකන්ම පුංචි හාමු කා එකේ හිමීට මගෙ පිටිපස්සෙන්ම ආව....... ඇත්තටම වචනෙන් කියන්න බැරි වෙනස් කවදාවත් මට නොදැනුනු හැගීමක් පුංචි හාමු ඉස්සරහදි මට දැනෙනව. ..... සමහර විට මෙච්චර කාලෙකට මම කාත් එක්කවත් වැඩි කතා බහක් නොකරපු කෙනෙක් නිසා වෙන්න ඇති.

"සීය තාත්තා ........ මම ආවා....... "

" ආවද මැණික ...... කොහොමද දරැවො ..... වලව්වෙ වැඩ කරන එක අමාරුයිනේද....."

" ඒ හැටි අමාරැවක් නෑ සීයතාත්ත..... කෝ සුදු ආච්චි නිදිද...."

" ඔව් දරැවො ...... ඔයා එනකන් බලන් ඉදල ඉදල නින්ද ගියා...... තාම කාලත් නෑ..... පුතා එනකම්ම ඉදල කන්නම් කීවෙ..... "

" සීයාතාත්තා එහෙනම් සුදු ආච්චිව ඇහැරවන්නකො ....... කාල බෙහෙත් බොන්නත් තියෙනවනෙ.. ........ මම පොඩ්ඩක් මූණ කට හෝදගෙන එන්නම්. ..... "

මූණ කටත් හෝදගෙන ලාම්පුවකුත් පත්තු කරගත්ත මන් කුස්සියට ගියේ සීයටයි ආච්චිටයි බත් බෙදන්න හිතාන. ...... ගොඩක් දවස් වලට කෑම බෙදන එක කෙරැවෙ මම..... ඒ දෙන්නා කන්නෙ මොනාද නොකන්නෙ මොනාද කොච්චර කනවද කියන හැමදේම වගේ මම දැනන් උන්න..... එකඅතකින් ඒක නොදැන හිටියොත් තමා පුදුම. ..... මගෙ අම්ම අප්ප දෙන්නටම උන්න ඒ දෙන්න ගැන හැමදේම වගේ මම දැනන් උන්න. ... ... සීයාතාත්තා රෑට කන්න මොනාද දන්නෑ උයල තියෙන්නේ. ...... ඊවෙ මොනව උනත් කැමැත්ත අකමැත්ත නොබල කන එක මගෙ පුරැද්දක්. .... එහෙම පුරැදු වෙන්න වෙනව...... තියෙන දේ කාල ජීවිතේ ගැටගහගන්න මම වගේ ඕනම කෙනෙක් ඒ වගේ වෙන්න ඇති ....... සීයතාත්තා රෑට කන්න පොලොස් ඇඹුලක් හදල ලිපේ තියල තිබුන..... ඒකටම හරියන්න පොල් සම්බෝලෙකුත් හදල .... සුවදයි. ....... මෙහෙම පොලොස් ඇඹුලක් හදල රෑ එලිවෙනකන් ලිපේ තියල තිබුනම උදේට ගානට එනව ..... තෙල් පෑදිල ....එහෙම හරිම රසයි...... එහෙම තමා සාම්ප්‍රදායික විදියට හදන්නේ ..... මගෙ සුදු ආච්චිට පින් සිද්ධ වෙන්න මට හොදට උයන්න පුළුවන් උනා............ අපෙ ඉඩම බොහොම පුංචි උනත් කොස් ගහක් පොල් ගස් දෙකතුනක්ම වගේ තිබුන ....... සීයතාත්තා නම් කීවෙ ඒව හිටව්වෙ සීය තාත්තායි පුංචි කාලෙ මගෙ තාත්තයි දෙන්න කියල........ වෙනදවගේම කාල සීයතාත්තාටයි සුදු ආච්චිටයි බෙහෙත් දීල ඇවිත් මම පැදුරෙ දිගඇරැනෙ හෙට දවසෙ තියෙන වැඩ ගැනත් කල්පනාවක වැටිල ........

The white  lotus   ( Complete )Where stories live. Discover now