තිස් පස්වන දිගහැරැම

438 108 14
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"අක්කා ........ මට පෙනඩෝල් පෙති දෙකක් දෙන්නකො...... "

ඔලුවත අතින් අතගාන ගමන් පෙනඩෝල් ඉල්ලගෙනම කෑ ගහගෙන දොර ඇරිය මන් ලග හිටන් උන්නෙ මම කීයටවත් හිතුවෙවත් නැති කෙනෙක් වෙද්දී මම ගැස්සුන. ......

" රස්නෙනම් නෑ.. ..... "

*************************************

මගේ අවසරයක් නැතුවම උනත් එයාගෙ අත ඇවිත් මගෙ නලල උඩ නතර උනා.... ඇත්තමයි...... මම ගැස්සුන. .....

"සොරි... අයාන් . ..... "

" ඇයි ඔයා ආවෙ කියන්න පුළුවන් ද. මිස්ටර් විෂේන් ..... "

මිස්ටර් විෂේන්. .... ආයෙමත් ඒකම මට කියවුන. .... ඇත්තටම මම උඹට මොකක් කියන්න ද... .. .. කට පුරා පුංචි හාමු. ... සුදු මහත්තයා ,කියල කතා කෙරැව මට මොන හේතුවකට ද මන්දා එයාට අයිය කියන්න දිව නැමුන්නැති කොට මම එහෙමම කතා කරන්න හිතා ගත්ත .... ඒ උනත් කවදම හරි උත්තරා අක්කට උඹව ලියලා දුන්න දවසට අන්න එදාට අකමැත්තෙන් උනත් මම කටපුරා උඹට අයිය කියන්නම්.


"උත්තරා breakfast එක ගන්න එන්න කීව . ..... "


ඇයි ඔයාවම එව්වේ. ..... ..දැන් නොගියොත් අම්ම මාව හොයාගෙන එනව කියන්න අනිවාර්යයෙන්ම දන්න නිසාම මම ඔලුව කැක්කුමත් පැත්තක දාල යන්න හිතුව.... මොකද මට බෑ... මම නිසා එයාගෙ හිත රිද්දන්න....... උතුරන්න ආදරයක් දෙන ඒ හදවතට දුකක් දෙන්න. .. ...... ඒත් මේ ආදරේ හැමදාටම තියෙයිද.... කවදාවත් ඇත්ත යට ගහල හංගන්න බෑ වගේ මම අයාන් නෙමේ කියන ඇත්ත උනත් එලියට ඒවි.... මන් දන්නව. ... කවදම හරි දවසක මේ ඇත්ත එලියට ඒවි.... ඒත් එදාට. .. එදාට එයාට මන් විතරක් වැරදිකාරයා වේවි. .... එදාට ඔය ආදරේ තියෙයිද අම්මෙ. ....

" හ්ම්ම්ම්. ... ."


එයා යන්න යද්දි මම එයාගෙ පස්සෙන් වැටුන..... මේ වගේ මුලු සංසාරෙ පුරාවටම උඹ තියන තියන අඩියක් පාසාම ජීවන සහකරැවෙක් වෙලා උඹගෙ පස්සෙන්ම අත්වාරැවක් වෙලා එන්න මම පැතුව වාර අනන්තයි........ . ..ඒත් දැන් අපි දෙන්නම දෙපැත්තක ...... වෙනස් මාවත් දෙකක .... කාලයත් එක්ක උඹ ගොඩක් දුර ගිහින් ගතින් වගේම... හිතින්. ... ඒත් මම තාම උන් තැනමයි. .. ...... අද වගේම හෙටත්......

The white  lotus   ( Complete )Where stories live. Discover now