විසි දෙවන දිගහැරැම

625 124 8
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එහෙම නෑ....... උඹ මගෙ ආදරේ ප්‍රතික්ශේප කරන්න එකම හේතුව ඒකනම් කවදාවත් මම මගේ දේවල් නැති කරගන්න කෙනෙක් නෙවෙයි. .... ..... කොටින්ම උඹ මගේ කියන්නෙ .... උඹගෙ හැමදේම මගේ කියන එක.....උඹගෙ සුදු ආච්චිට සීයතාත්තට මොනවත්ම මම ලොකුහා මුගෙන් වෙන්න දෙන්නෑ මැණික ..... කවදාවත් මට වටින දෙයක් මම නැති කරගන්න කෙනෙක් නෙවෙයි....කොටින්ම මේ ප්‍රශ්නෙදි මගෙ අප්පච්චිට. .. දරැවෙක්ගෙ තාත්ත කෙනෙක් විදියට අපට ආශිර්වාද කරනව ඇරැනම කවදාවත්ම වලව්වෙ ලොකු හාමු කියන කෙනාට ඒ විදියට මේතැන මම දෙන්න සූදානම් නෑ කියල මතක තියාගන්න දෙව්......... ... එහෙම නැතුව ඔය හිතට මන් ගැන විශ්වාසයක් හැගීමක් නැත්තන් මම යන්නම්.....උඹගෙ ඇස්මානෙන් නොපෙනෙන්නම මම යන්නම්. .......



" ම......ම....... ආදරෙයි..... මම මහ හුගක් ඔය හිතට ආදරෙයි මගෙ පුංචි හාමු. ...... මම උඹට මහ හුගක් ආදරෙයි. ...... "



*************************************

තත්පරයට දෙකට මම ඒ තුරැලෙ නැවතුන වෙනකොට ජීවතේ පලවෙනි වතාවට මම සීයතාත්ත ඇරැනම පිරිමි පපුවක උනුසුමේ උන්න ..... ඇත්තමයි මගෙ හිතට මහ සැනසීමක් දැනුන. ..... සතුටට ද දුකටද කියන්න මන්ද මගෙ ඇස් වලින් ගලපු කදුළු ඒ පපුව පුරා ගියා වෙනකොට එයා හෙමීට මගෙ ඔලුව අතගාන්න උනා.............
...... මට වඩා අගලක් දෙකක් විතර උසට උන්න පුංචි හාමුගෙ පපුවට මෙච්චර වෙලා දනහිස් බාගෙට නවාන බර වෙලා උන්න මගෙ කකුල රිදෙන්න ගත්ත වෙනකොට ඊලග තත්පරේම මම ආයෙමත් කෙලින් වෙලා ඒ උරහිසට බර උනා.........



"උඹගෙ ඇස්වල කදුළු මගෙ මැණික . ... මම උඹට පොරොන්දු වෙනව උඹ මාව අතැරියත් මම උඹව අතඅරින්න නෑ කියල...... එහෙම ලේසියෙන් යන්න ඕන උනත් මම උඹට කවදාවත් මගෙන් ඈතට යන්න දෙන්නෑ........ ........ කොටින්ම අතඅරින්න බලාගෙන ආදරේ කරන මනුස්සයෙක් නෙවේ මම..... තේරැනාද මගෙ මැණිකට....... "



එයා පොරොන්දු උනා..... මටත් ඒවගේම පොරොන්දු වෙන්න තිබුණනම් ..... අතැරියත් පස්සේන් ඇවිත් හරි ඔය ආදරේ විඳින්න මගෙම කරගන්න පොරොන්දු වෙන්න ....මට බෑ...... ඇත්තටම මට බෑ..... මොකද මට බයයි මට උඹෙන් ඈතට යන්න උනොත්...... හිත හදන්න හරි කඩවෙන පොරොන්දුවක් උඹට දෙන්න මට බෑ පුංචිහාමු. ....... ඒත් එක දෙයක් මම පොරොන්දු වෙන්නම්. ...... උඹට මගෙ වෙන්න බැරිඋනත්.....මම කාගෙවත් නොවී ඉන්නම්...... කවදාවත් මේ හිත වෙනකෙනෙක් වෙනුවෙන් නොදී ඉන්නම්. ...... හැමදාම උනත් දුරින් ඉදන් හරි බලන් ඉන්නම්....... මම මටම පොරොන්දු උනා....... එයා මගෙන් පිලිතුර ක් බලාපොරොත්තුවෙන් උන්න
....... ඒත් මම හුමිටි තිබ්බ. ..... වෙන කරන්න දෙයක් නැති කමට.....


The white  lotus   ( Complete )Where stories live. Discover now