දහවන දිගහැරැම

649 133 12
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

අපෙ ආච්චි අම්මටත් ඕන්නැති මගුලක් නෑනේ ....... මේ පොඩි එකා ලවා පොල් ලෙලි ගහන් තියෙන්නේ වෙන වලව්වෙ එවුන් නැතුවටද...... එහෙන් මට සහෝදරියක්ට කියල හිටිය එකම එකී..... ඒකිගෙ ජීවිතේ විනාස කරල ඒකි අරහෙ ඇද උඩට වෙලා පණ ඇදල ඇදල..... දැන් හූල්ල හූල්ල ඉන්නව...... ඒකිගෙ හීල්ලිල්ල බලන් ඉන්න බැරිකමටම ගෙදර ආවම මගේකගෙන් වැඩ අරගෙන උගෙ අතකුත් තුවාල කරල.........."

*************************************

මගේක..... පුංචි හාමුට මොනාවෙලද මන්ද ..... මම කවදද එයාගෙ. ....නෑ..නෑ....නිකන් කියවෙන්න ඇති........ පුංචි හාමු මගෙ අතට බෙහෙත් කරන ගමන් වලව්වට බැන්න.... එයාගෙම අම්ම තාත්ත උන වලව්වෙ හාමුට වගේම මැණිකෙටත් බැන්න....... මට තේරැනෙ පුංචි හාමු දුකින් කියන එක විතරයිමයි.
..... අහන්න ඕන උනා ඒ ඇයි කියලා ඒත් මම කවුද ... නිකන්ම නිකන් මේ වලව්වෙ වැඩ කරන සේවකයෙක් විතරයි....
එහෙව් එකේ මම කොහොම ඒ වගේ දෙයක් අහන්න ද....... මම නිරැත්තරව බලා උන්න. .........

" දැන් හරි..... "

" පුංචි මහත්තයාට පින් ......"

" පින් නෙමේ .. ....... මගෙ අම්ම අප්ප වුනත් කරන්න බැරි වැඩක් පැවරැවොත් ඒක බය නොවී ප්‍රතික්ශේප කරපන් දෙව්........ එහෙම නොවී අවසානෙ මගේකිට උනා වගේ දෙයක් කරගන්න එපා.......... "

" පුංචි මැණිකෙට මොකද සුදු මහත්තයා..... "

" ඒකිට මාව දාල යන්න ඕන වෙලා..... මට සහෝදරියක්ට කියල ඉන්නෙ ඒකි විතරයි ඒකිටත් මාව දාල යන්න ඕන වෙලා...... පුදුමෙකුත් නෑ මුන් ඔක්කොම ඒකිව ඇටෙන් පොත්තෙන් එලියටත් එන්න කලින් අර බල්ලෙක්ගෙ ඇගේ එල්ලුව.... අන්තිමේට ඒකිට දරැවො වදන්න බෑ කියල වද ගෑනියෙක් කියල හංවඩු ගැහුවා. ...... ඒකිටත් ජීවිතේ එපා වෙන්නෑ කියලද ......... ඊයෙ හවස අතකපාගෙන සූසයිඩ් කරගන්න හදල... වෙලාවට මම යද්දී කෙනුල අක්කට ලේ දීල තිබ්බ. ........ තාම හොස්පිටල් එකේ ඉන්නෙ. .... .. .... "

පුංචි හාමු ඔයා...පව්....... ඒත් මමයි කියලත් මොනා කරන්නද. ....... පුංචි හාමු මගෙ අතින් ඇද්ද පාර එහෙමම පුංචි හාමුගෙ ඇදෙන් ඉන්දවුන......
මම හැදුවෙ නැගිටින්න. ....... ඒ උනත් හිටිහැටියේම වගේ පුංචි හාමු මගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගත්ත වෙනකොට මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වුන මම එහෙමම උන්න. .......

The white  lotus   ( Complete )Where stories live. Discover now