දහඅටවන දිගහැරැම

582 128 17
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. ...

"ඉහික්...."

වචනෙවත් එලියට දාගන්න බැරිවුන මගෙන් ඉකියක් පිටවුන. ........ වහින වැස්ස වගේම මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුළු වැටෙද්දී කවදාවත් ආදරේ කියන අකුරැ හතරවත් විදින්න බලාපොරොත්තු නොවුනු මම ආදරේ කරන්න පටන් අරන් තිබුන. ...... ඒ ආදරේ හෙව්වා. ....... පිරිමි පපුවකින් ඒ ආදරේ හෙව්වා. ... ... පිරිමියෙක් උන මම තවත් පිරිමි හිතකින් ඒ ආදරේ බලාපොරොත්තුවෙන් උන්න. ......

*************************************

වෙනදට හරි ලස්සනට වැටෙන වැහි බින්දු බිමට වැටිල කැඩිල බිදිල විසිරිල යන විදිය අද මම ඕනවටත් වඩා සාවදානයෙන් බලන් උන්න...... දැක්ක. ..... මට පාලුයි. ...මගෙ ලෝකෙම උනු සුදු ආච්චි සීයතාත්ත ලග උන්න උනත් මගෙ හිතට මහ හිස් බවක් දැනෙනව...... ජීවිතේ පලවෙනි වතාවට ආදරේ කියන දේ හිතට දැනුන උනත් ඒක වේදනාවක් වෙලා.... නුහුරැ හැගීමකට නම දෙන්න ගිය මම අද ඉමක්කොනක් නැතිවම අතරමන් වෙලා. ..... ... ඇත්තමයි ..... පිරිමියෙක් ට පුලුවන් ද තවත් පිරිමියෙක් ගැන ඒ වගේ හැඟීමක් දැනෙන්න......මම ඒ එක ම දේ සිය දහස් වාරයක් මගෙම හිතින් ප්‍රශ්න කරන්න ඇති....... මොනවිදියට ගලපන්න හැදුව උනත් ....මගෙම හිතට කියා දුන්නා උනත්. ... මගෙ හිත සහමුලින්ම අවුල් වෙලා තිබුනත්.... පුංචි හාමුට ආදරේ කරනව කියන දේ නිතරගයෙන්ම හිත පිලිඅරන් උන්න. ............මම සුදුආච්චි මට සමාවෙන්න දුන්න පොරොන්දුවට ...... ඔයාටවත් කියාගන්න බැරි තරමට මම අද ආදරේ කියන අකුරැ හතර ඉස්සරහ අසරණ වෙලා. ..... මගේ හිතේ එහෙම හැගීමක් ඇතිවෙන පලවෙනිසැරේම සුදු ආච්චිට කියන්න උන්න මම වචනෙකින්වත් ඒ ගැන කියාගන්න බැරි එක ගැන දුක් වුනා.......

" මොකද දරැවො ආව වෙලේ ඉදල මේ මූණත් එල්ලන්...කාමරේටම වෙලා.... ....?

" සුදු ආච්චි ...... සීයතාත්තා සුදු ආච්චිට ආදරේ නොකරනම් සුදු ආච්චි මොකද කරන්නේ. ...... ""

" මොකද දරැවො හිටිහැටියෙ එහෙම දෙයක් ඇහුවෙ. ...?

" නෑ නිකන් මට හිතුන. ..... කියන්නකො සුදු ආච්චිඑහෙම උනානම් සීයතාත්තාව සුදු ආච්චි අමතක කරනවද..... වෙන කෙනෙක්ව කසාද බඳින්නවද....... "

The white  lotus   ( Complete )Where stories live. Discover now