විසිහයවන දිගහැරැම

497 116 11
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

වලව්වට පයින් ගාටන ගමන් මට ආයෙමත් මතක් උනේ කලින් දවසක මම දැක්ක දෙයක් වෙද්දී මම ආය ආයෙම හිතුව....... පුංචි හාමුට ඒ ගැන කීවොත් කේන්ති යයිද........ නොකිය උන්නොත් .... ඒත් ප්‍රශ්නයක් උනොත්...... අනේ මන්දා මගෙ ඔලුව ඇත්තටම අවුල් උනා.... කෙනුල මහත්තයාගෙන් ඇහුවනම් හරි. ........ අවසානෙ මම මටම කියාගත්ත වෙනකොට නොදැනිම මම වලව්ව ඉස්සරහට ඇවිත් උන්න .....


" ඒ කොලුවො..... ඔහොම නැවතියන්....... "




*************************************

ලොකු හාමු. ..... . ඇයි ලොකු හාමු. .....

මම මේ අහන්නමයි උඹගෙන් උන්නෙ ...මේ දවස් වල සුමනපාලත් කකුලක් කඩාගෙන ඉන්න එකේ වලව් වත්තෙ පොල්ගස්වල පොල් එහෙමමයි....... උඹට බැරිවෙයිද ඒ ටික කඩාදාන්න........

ලොකු හාමු. ........ මම...මේ.....

මොකෝ උඹට ගහකටවත් නැගගන්න බැයිද......... පිරිමියෙක් වෙලත් ගහකට නැගගන්න බැරිනම් වැඩක් තියේද බොල.... ....... .......

මගෙ කටට ආවෙම ලොකු හාමුට ගස් නගින්න පුළුවන් ද අහන්න වෙනකොට අමාරැවෙන් උනත් මම කට වහගත්ත. ....
...... පිරිමිකම තියෙන්නේ ගස් නගින මනුස්සයා ගාව විතරයිනම් මම විතරක් නෙමේ උඹත් පිරිමියෙක් නෙවෙයි ලොකු හාමු. ........ කොහොමත් ලොකු හාමුලගේ පිරිමිකම රෑට රෑට වලව්වෙ වැඩට ඉන්න එකීල බඩ කරන එක විතරක් වෙද්දී ආපු කේන්තිය තරහව මම ඉවසන් උන්න .... නෑ ඇත්තටම ඉවසන්න උනා...... ගමේ හැම එකීලම එකාලම වගේ මමත් ඉවසන් උන්න....... ලොකු හාමුත් එක්ක බලද්දී පුංචි හාමුට තිබුනෙම එයාගෙ සීයගෙ ගතිගුණ .......

ඇත්තටම මට ගස් නගින බෑ ලොකු හාමු. ......

හා...හා එහෙනම් පල පල තොගෙ වැඩක් කරගනින්. ...

හොදමයි හාමු. ........


මම පිලිකන්න පැත්තට ඇවිදන් ගියා වෙනකොට පොල්ගෙඩි ගොඩ ගැහුනු කන්ද අදත් වෙනදවගේම මම එනතුරැ මග බලන් උන්න මම දැක්ක. ...... ....... පොල්ගෙඩි වල තනිරකින්නම තියල තිබුන පොල් උල උඩ සැරින් සැරේට නතර වුනු පොල්ගෙඩි වෙනදවගේම ලෙල්ලෙන් ලෙල්ල සීරැමාරැවට මගෙ අතින් ගැලවිල ගියා වගේම ඇදුමක් නැති පොල්ගෙඩි ටික මට එහාපැත්තෙන් ආයෙමත් පොල්කන්දක් උනා..... හැබැයි පුංචි සයිස් පොල් කන්දක්. ......... ...... ලොකු හාමු සුමනපාල මාමා පොල් කඩන්න නෑය කියල ගස් වල පොල් ඉතරියි කීවට මොකද දැනටම මම පොල්ගෙඩි තිහකට කිට්ටුව ලෙලි ඇරල තිබුන වෙනකොට ලාවට වැහිල ගිහින් තිබුන දියපට්ට උඩට මතු උනා වගේම දියපට්ට දාපු මගෙ අත් දෙකම පුපුරැ ගහන්න අරන් තිබුන . ..... ......
..

The white  lotus   ( Complete )Where stories live. Discover now