2 කොටස

533 54 29
                                    

මම පැය ගානක් අම්මම්මා එක්ක කතා කර කර ඉදලා දවල්ටත් කාලා. ඩෙසට් එකත් කාලා. ආය ඩෙසට් එකෙන් පස්සෙ ගන්න පුංචි ආහාර වේලත් අරගන.හවස් වෙලා ගෙදර ආවා. තාම අම්මාවත් තාත්තාවත් ඇවිල්ලා නෑ.මම හිතන්නෙ තාත්තා එයාගෙ ප්‍රිය බිරිඳත් එක්කම එයි.කෝල් එකක් දීලා කියන්න ඕනෙ අද කොත්තුවක් කමු කියලා.

"හෙලෝව්ව්ව්ව් අම්මේ තාත්තාට කියන්නකො අද කොත්තු කමු කියලා"

"අනේ චූටි ඔයා තාත්තට කෝල් කරලා කියන්න.මම වැඩ කරන ගමන් ඉන්නෙ ලමයෝ"

"හා එහෙනම් මටේපා"

"ඕනෙ නැත්නම් නිකං ඉන්නවා"

"දඩස්"

පුහ් එයාගෙ ලොකු සීන්.ඔබේ ප්‍රියයන් ඔබේ ප්‍රතම රාජකාරිය කරගන්න කිව්වට වැඩක් නෑ අප්පා. මෙයාලා ඕවා ගනන් ගන්නෙ නෑ.ඒ උනාට මම දන්නවා ඉතිං පස්සේ තාත්තාට කියලා අම්මා මට කොත්තුවක් ගෙන්නලා දෙනවා කියලා.ඒ නිසා බය නැතුව ගැම්මට ඉන්නවා.අයිම් වෙයිටිං ෆෝ යූ,මයි කොත්තූස්.

අයෙත් මම ෆෝන් එක අරන් ඇඳට වැටුනා.අම්මටහුඩු විහඟයා ගෲප් එකක් හදලා. තව පහක් ඇඩ් කරලා.යකෝ මූ මාර යකෙක්නෙ."BL fam"කියලා නමකුත් දාලා.අනේ මන්දා මුගෙත් වැඩ.

"සෙනෙහෙලතා is typing........."

දැන් ඉතිං ඔය අලුතෙන් ඇඩ් කෙරුව අයට හායි කියන්න හෑල්ලක් ටයිප් කරනවා ඇති.

"හායි මගෙ නම විහඟ මන්දිව්.මම bl බලන්න අරන් දැන් අව්රුදු දෙකක් විතර.මම ඉන්නෙ කුරුණෑගල(ඕකා කිව්වට අපි කුරුණෑගල නෙවේ කුරුණෑගල දිස්ත්‍රික්කේ උනාට ගොඩක් ලග මීගමුවට).  එතකොට මේ අනිත් කෙනා යෙනෝන් තිනෙත්‍ර. මගේ යාලුවා. ඌ නම් තාම එක bl එකයි බලලා තියෙන්නෙ. ඔයාලත් දැන් ඔයාලව introduce කරන්නකො එතකොට අපිට ලේසිනෙ අදුරගන්න"

"හායි මම මහේන්.මම ඉන්නෙ රත්නපුරේ. මම  bl බලන්න අරන් අව්රුදු තුනක් විතර වගේ වෙනවා. මට දැනගන්න පුලුවන්ද මේ ගෲප් එකේ ස්පෙශල් රූල්ස් එහෙම මොනාහරි තියනවද කියලා"

දෙයියෝහ් මේ අයියෙක්ද කොහෙද.ඩීසන් පොරක් වගේ.නැත්නම් මේ අපේ එකාගෙ මොංගල් ගෲප් එකේ ස්පෙශල් රූල්ස් අහයි ඈ.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now