23 කොටස

238 23 6
                                    

ඉතිං කරන්න දෙයක් නැතිම තැන මම මගෙ ඔඩොක්කුවේ තිබ්බ කොට්ටේ හපා ගත්තා.ආ.....හ් මේ මනුස්සයා හැන්ඩ්සම් වැඩියි දෙවියනේ.

"මොකද බං ඔය මූනත් රතු කරගන කොට්ටෙ කන්නෙ, උන විකාරෙද?"

"න්-නෑ අනේ මට නි-නිදිමතයි.ගුන්නයිට් ඈ"

මම එහෙම කියලා අනිත් පැත්ත හැරිලා බෙඩ්ශීට් එකෙන් ඔලුවට යනකම්ම වහගත්තා.

"අනේ මන්දා බං උබේ ට්‍රැක හොදටම පැනලද කොහෙද"

"පුම්චි පුතා නිදි එච්චරයි ගුන බුස"

"හා හා ලොකු උදව්වක්"

නිදිමතක් නැතත් මම බොරුවට ඇස්දෙක පියාගන ගොඩක් වෙලා හිටියා.එයා ඩ්‍රාමා එකත් බලලා ඉවර වෙලාද කොහෙද ඇදෙන් නැගිටිනවා වගේ තේරුනා.ඊටපස්සෙ ආය ටිකකින් කාමරේට ඇවිත් ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා එයා ආපහු ඇදට ආවා මට දැනුනා.ඊටපස්සෙ ටික වෙලාවක් යනකම් සද්දයක් තිබ්බෙ නෑ.පස්සෙ මට තේරුනා මම ඔලුවෙ ඉදන් පොරවගන ඉන්න බෙඩ් ශීට් එක ටික ටික පහලට වෙනවා.මම ඉතිං හොම්රගෙඩියා වගෙ ඇස් පියාගනම හිටියා.

ඊටපස්සෙ එයා මගෙ නලලට අත තියලා බලලා.නලලට වැටිලා තිබ්බ කොන්ඩ ටික උඩට කරලා කිස් එකක් දුන්නා.ඒකෙන් මට ආවෙ හරි ප්‍රොටෙක්ටිව් හැඟීමක්.මීට කලින් මගෙ නලල කිස් කරලා තියෙන්නෙ අම්මායි අම්මාම්මායි විතරයි.කොහොමත් මම අහලා තියනවා නලලට කිස් කරන එකෙන් මීන් කරන්නෙ caring කියලා.ඒක දැන හෝ නොදැන එයා ඒ දුන්න කිස් එකට මම හරි ආස උනා.මොකද මම හරි ආසයි මං වෙනුවෙන් කව්රුහරි ඉන්නවා කියලා දැනෙන ෆීලිං එකට.මොකද මම ගොඩක් අය වෙනුවෙන් හිටියට මං වෙනුවෙන් හිටියෙ හරිම ටික දෙනයි.

ඊටපස්සෙ එයා මගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.දැන් ඉචිම් මගෙ පුම්චි හිත මිස්ටර් සීරියල් කිලර් ගැන ආදරෙන් පිරිලා තියෙඤ්ඤෙ.ඉතිම් මට දැන් එයාව හග් කරන්න ඕනේඒ.....මම නින්දෙන්ම වගෙ එයාගෙ පැත්තට හැරුනා.හැරිලා එයාගෙ ඇඟ උඩින් අතක් දාගත්තා.එයාට ඒකට ලාවට හිනා යනවා මම අහගන.ඊටපස්සෙ මට ඇත්තමට නින්ද යනකම්ම එයා මගෙ ඔලුව අතගෑවා මම හිතන්නේ.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්"

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now